Pages

Friday, October 24, 2014

යශෝදරා 32

සොරි නංගා
මම කාලා ටිකක් ඇඳට වෙලා හිටියා
මහන්සියට දන්නේම නැතුව නින්ද ගියා

ආ ඒකට කමක් නෑ

හදිස්සි දෙයක් නෙවේ

මොකක් හරි වැඩක්ද?


වැඩක් කිව්වට වැඩකටමත් නෙවේ

පොඩි දෙයක් අහගන්න

ආ... මොකක්ද ඉතින්?


විශේෂ දෙයක් නෑ

මම ඒක පස්සේ අහන්නම්

කමක් නෑ කියන්න


මම මේකෙන් ප්‍රසන්ටේෂන් එකක් හදන්න බැලුවා

ටිකක් පැටලෙනවා වගේ වැඩේ

මම කියලා දෙන්නම්


හරි මම පස්සේ ඒක අහගන්නම්


මේ ඒ නෙවේ අද පුස්ථකාලෙ මරු වැඩක් උනානේ
අද දෙන්නෙක් බැනුම් ඇහුවා
ඒක අස්සේ සද්ද කරලා


ඔයා දන්නවද ඒ කවුද කියලා?


මට හරියට මතක නම් නෑ

ඒත් දැකලා තියනවා වගේ මතකයි

ඔයාලගේ අම්මත් හිටියද ඒක වෙද්දි?


නෑ නෑ අම්ම එලියේ හිටියේ


ඇති යන්තං නූලට බේරිලා අපේ සාතංලව
ඔයාට මතකද අපේ සමාධිව?


ඔව් මට ටිකක් මතකයි


එයාගේ පස්සෙන් ආපු දෙන්නෙක්ද කොහෙද

හී හී හොඳ වැඩේ එයාලට

අපෝ පස්සෙන් යන එක නම් චාටර් වැඩක්


ඒක තමයි

එතකොට එපා වෙනවා
මම එහෙ මෙහෙ යද්දි
අම්මත් එන හින්දා එච්චර අවුලක් නෑ
නැත්නම් එපා වෙනවා එලියට ගියාම

ඔයා ඉතින් ලස්සනයිනේ

කොල්ලො පස්සෙන් එන එක අහන්නත් දෙයක්ද

හී හී අනේ මම දන්නේ නෑ

එහෙනම් ඉතින් ඔයාගෙ පස්සෙනුත්
කෙල්ලො එන්න එපැයි

ඉතින් මම ලස්සනයැ


ඒ ඔයා හිතන් ඉන්න හැටි


කෝ ඔයාලයි අම්මා?


අම්මා නෑ


එහෙනම් කමක් නෑ


මොකක්ද දන්නේ නෑ අද අපේ අම්මයි

ඔයාලගේ අම්මයි කතා උනේ

තාම මුකුත් කිව්වේ නෑ ඒ ගැන

අහන්නත් බයයි
අද බැනුම් ඇහුවනේ wrist-let එක වට්ටගත්තට

මොනාද කියන්නේ?


මට කියනවා 

ඒ ළමය හින්දා හොඳයිලු
වෙන කෙනෙක් ගත්ත නම් හම්බවෙන්නේ නෑලු

හපොයි


අවුලක් නෑ



ඒ උනාට ඔයා පව්


නෑ ඉතින් මගේ වැරැද්දනේ


හරි ඒකෙන් කමක් නෑ

ආයේ ආවම මතක් කරලා ගෙනියන්න

මට නම් ඕක ඕන නෑ


අනේ ඉතින් මේක මම තියාගෙන හරි යනවද?


හී හී තියාගත්තත් කමක් නෑ මාව මතක් වෙන්න


ඔයාව මතක් වෙන්න ඕක තියාගන්න ඕන නෑ මට


ඇත්තටමද කිව්වේ?


ඔව් ඇත්තටම තමයි කිව්වේ


යශෝදරාගේ කටහඬ නිකං මලානික උනා වගේ


ඇයි එහෙම කියන්නේ

මාව මතක් වෙනවට කැමති නැද්ද?

ඔයාව මතක් වෙනවට මගේ අකමැත්තක් නෑ

මම කිව්වේ ඉතින්
ඕක නැතත් මට ඔයාව මතක් වෙනවනේ 

හී හී මම බය උනා හොඳටම

බය වෙන්න එපා

මම අමතක කරන්නේ නැතුව ඉන්නම්

එහෙනම් ෂෝයි


මේ ඒක නෙවේ

අම්මා ඉන්නවද කියලා බයේ මම නොකියා හිටියේ

මොකක්ද?


අර පුස්ථකාලේ චාටර් උනේ

අපේ සෙට් එකේ යාළුවො දෙන්නෙක්

නෑ නේ


ඔව්

මල මගුලයි කව්ද දන්නේ මුන් දෙන්නා
සමාධිගෙ පස්සෙන් ගිහිල්ල කියලා

මට ඇවිල්ලා විස්තරේ කිව්වා


ඉතින්?


මොනාද ඉතින් බඩවල් අල්ලන් හිනා උනා මිසක්


මම අම්ම ඉන්නවද කියලා ඇහුවේ ඒක දැනගන්න

මොකද අපේ බුවාල දෙන්න ඔයාලගේ අම්මට චාටර් උනොත්
එහෙම පස්සේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් හින්දා

ඒ කිව්වේ


ඒ කිව්වේ මේ දෙන්නා මම එක්ක ඉන්නවා දැක්කොත්

ඔයාලගෙ අම්මා හිතයි මම ආශ්‍රය කරන්නේ මේ වගේ අයද කියලා

ඒකත් ඇත්ත තමයි


අම්මෝ ඔයා හිතලා තියන දුර


නැත්තං ඉතිං මෙහෙම නිකං හිටියොත්

බෙල්ලත් නැතුව යයි

මේ මම යන්නම් අයියෙ 

දැන් අම්මා මෙතනට එන්න කලින්
කිචන් එකට ගිහිල්ලා පොඩ්ඩක් බටර් ටිකක් ගාන්න ඕනා
නැත්තං අර විස්තරේ අහගන්න විදියක් නෑ

ඔව් ඔයා ගිහින් ශේප් වෙන්න එහෙනම්


හා මම තියන්නම් අයියේ

බුදුසරණයි

බුදුසරණයි නංගා


-------------------------------------------------------






ඊලඟ කොටසට මෙතනින්

ඉස්සෙල්ලා කොටසට මෙතනින්


No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා