Pages

Thursday, October 9, 2014

යශෝදරා 27

කස්ටිය කොහෙමෙන් කොහෙම හරි චයිනීස් රෙස්ටොරන්ට් එකට ආවා

මේ මොනවද දාගන්නේ?


අනේ මන්දා බලලා මොනවහරි කියපල්ලා


එහෙනම් මචං අපිට චිකන් ෆ්‍රයිඩ් එකයි

තව මොනාද බං?

චිප්ස් එකකුයි


තව....  මොනවාහරි ගන්නවද නැත්තං ?


අපි මේ ටික දාගෙන ඉම්මු

අපිට තව බියර් 5ක් ගේන්න

ස්පෙෂල් බෘ වලින්


ඒ ඇති නේ බං


වේටර්ට ඕඩරේ දාලා අපි සෙට් එක වාඩි වෙලා හිටියා


මේ බං අපි මේ ටිකේ බොනවා වැඩී වගේ නැද්ද?


නෑනෙ


නැත්තෙමත් නෑ බං


බලපංකො අද දවසට අපි සෙට් වෙන දෙවනි පාර


ඒකනං එහෙම තමයි


ඒ උනාට හැමදාම මෙහෙම සෙට් වෙන්නේ නෑනේ


ඔව් ඉතිං අනික අපෙන් කාටත් කරදරයක් වෙන්නේ නෑනේ


මේ මම උඹලට කියන්න හිටියේ 

දැන් මේ යශෝදරාගේ හුටපටයක් පැටලිලා හින්දා
මට පොඩ්ඩක් ශේප් එකේ ඉන්න වෙයි
කොහොමත් අපි ඉතිං කෑවට බිව්වට වෙන අවුලක් නෑනේ

ඒක ඇත්ත


කතා කර කර ඉන්න කොට කෑම ටිකත් ගෙනාවා

බියර් බෝතල් ටිකත් හරි

චිර්ස්


ටික වෙලාවක් යනකල් කට්ටිය කනවා බොනවා විතරයි


මේ දුමක් ගනිංකො


ආ පත්තු කරපං


ගින්දර නැද්ද?


අයියෝ ලයිටරේ දාලා ආවනේ


නොදකිං උඹනං


අර වේටර්ට කතා කරපං

ඌ ගාව ඇති ගින්දර

අයියෝ බං

ඉඳපං මම පත්තු කරං එන්නම්

කොටා ගිහිල්ලා පත්තු කරං ආවා


මේ ඒක නෙවේ

මට උඹලගෙන් උදව්වක් ඕන

කියපං

ඕන දෙයක්

මේකයි අපිට පොඩි විස්තර ටිකක් හොයන්න ඕන


මොන විස්තරද?


යශෝදරාගෙ පවුලේ සාමාජිකයන්ගේ විස්තර


අපෝ අපි හොයන්නං


මේකයි වැඩේ නෝන්ඩි නොවී වෙන්න ඕන


ඒකත් එහෙමයි නේද?


ඔව් අනිවාරෙන්ම


මොකද මේකට ඩිරෙක්ට් බහින්න බෑ


එහෙම උනොත් නඩුවක් වෙන්න ඉඩ තියනවා


අනික තමයි මොනා උනත් කිසිම දෙයක් ලීක් වෙන්න බෑ


ඒක නං අවුලක් නෑ


තව දෙයක්

අපි ඔක්කොම එකතු වෙලා
බිස්නස් එකක් කරලා දියුනු වෙන්නත් ඕන

උඹලාගේ මොනවද අයිඩියා තියෙන්නේ බිස්නස් ගැන


තාම නං මොකුත් නෑ


අපි ඉගෙනගත්ත දේවල් වලින් දෙයක් කරන්න ගියොත්

ගොඩක් සල්ලි ඕන

ඒක හරි


හැබෑටම අපි මොනාද කරන්නේ?


අනේ මන්දා බං


අපි මේ ගැන වෙන වෙනම කල්පනා කරලා

කට්ටයම එකතු වෙලා කතා කරමු

හොඳයි


දැන් අපි කන්න මොනා හරි ගමු


ඔව් අපි මොනාද දා ගන්නේ කන්න?


චිකන් රයිස් දෙකක් ගනිං


එල මම ඕඩරේ දාලා එන්නම්


අඩේ මේ සෝස් පැකට් එක කඩලා දීපන්කෝ


දියං බලන්න


මේකේ හයිය බං


ඇදපංකෝ හයියෙං


හුටා සෝස් පැකට් එක ඇදපු පාරට ඒක කැඩිලා

විසි උනා කෝටුවගේ ඇඟේ හැමතැනම සෝස්


අයියෝ බං මේ මොකද මේ කරේ

කෝටුවා අඬන්න සයිස්

උඹ ඉස්සරහ හිටිය නිසානේ 

දැන් මොකද කරන්නේ

මොනා කරන්නද ඉතින්

ඔය පේපර් සර්වියට් එකක් අරන් පිහාගනිං

අපරාදේ සුදු ටී ෂර්ට් එක


හරි හරි බං හේදුවම යයි


ඇත්තටම යයිද බං?


ඔව් යකෝ  ගිය ගමං හෝදපං

අනික දැන් උඹට වෙරි බහින්න වැඩකුත් එපැයි

අනේ මේ පලයං යන්න ගස් ගෙම්බා

සෝස් හලලා මෙතන තව එනවා නරිවාදං දෙන්න

හරි හරි යකුනේ කෑම ගෙනාවනේද ඉක්මනට කාලා යං


අපි කෑම කාලා ඉක්මනට ගෙවල් වලට වාශ්ප වෙමු


ඔව් තොගෙ ඔය ඇඬියාව පැත්තකිං තියලා කාපිය


අපි කෑම කාලා අපේ ගේ ගාවට ආවා


මේ අපි යනවා එහෙනං


එලකිරි 

පරිස්සමින් පළයල්ලා

හෙට කෝල් එකක් දෙන්නං


----------------------------------------------


ඊලඟ කොටසට මෙතනින්


ඉස්සෙල්ලා කොටසට මෙතනින්




2 comments:

  1. කොටස් කීපයක්ම කියෙවුවා,,ඒත් වර්ණ සංයෝජනයේ පරාසයත් එක්ක,, කියවන්න අපහසුයි ,,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අපූර්වි

      වර්න සංයෝජනය පාවිච්චි කරලා තියෙන්නේ චරිත අඳුනගන්න පහසු වෙන්න.
      ඒ වගේම චරිතයක ගති ස්වාභාවය සහ චරිතයක ලක්ෂණ කියන දේ, එහෙමත් නැත්තනම් ඒ චරිතය යම් කිසි දෙයක් කියද්දි ඒ චරිතය අයිති කෙනාට අදාල ගති ස්වාභාවය, හැඟීම පාට යොදා ගැනීම තුලින් පාඨකයාට කතාව කියවීමේදී දැනෙන්න පහසු වෙන්න.

      උදාහරණයක් විදියට අපි හිතමු කෝටුවා කියන චරිතය ගැන
      එයාට යොදාගෙන තිබෙන පාට දකිද්දිම අපිට දැනෙනවා ඒ චරිතයට අදාල මෝඩ ගතිගුන, ගැහැනු ළමයින් ගැන උවමනාවට වඩා උනන්දු ගතිය, ඊර්ශ්‍යාව වගේ දේවල්.

      නැතිනම් මේ කතාව චරිත වල නම් එක්ක, උදාහරනයක් විදියට
      --------------------------------------------------------------------------------------------
      කෝටුවා: අපි කොහේද බං යන්නේ

      මම: අපි යන්නේ දිවිය ලෝකෙට ඇයි බොට එන්න බැයිද?
      --------------------------------------------------------------------------------------------
      මේ වගේ ක්‍රමයකට කතාව ලියන්න වෙනවා

      මේ විදියට චරිත වල නම් එක්ක කතාව ලියද්දි Character Column එකක් යොදාගැනීමෙන් කතාව කියවීම තුල පාඨකයාගේ පූර්ණ රසඥතාවය විඳීම සහ චරිත යාවත්කාලීන කිරීම පිළිබඳ ගැටලුවක් මතු වෙනවා.

      අලුත් ක්‍රමයක් යොදාගද්දි සමහර වෙලාවට අපහසුතාවයන් ඇති වෙනවා කියන දේ කොහොමත්ම අහක දාන්න බැහැ කියවීමේදී ඒක දැනෙන්නේ කොයි විදියටද කියන දේ ගැන අදහසක් දෙනවා නම් වර්ණ පරාස වෙනස් කිරීමක් හෝ වෙනයම් ක්‍රමයක් යොදා ගන්න පුළුවන්
      උදාහරණයක් විදියට වෙනත් බ්ලොග් එකක් සාමාන්‍යය කලු සුදු අකුරින් නැතිනම් වෙනත් පෝස්ට් සීරීස් එකක් විදියට පළකිරීමෙන්

      මේ කතාව ඉදිරියේදී චිත්‍ර කතාවක් විදියට එලි දැක්වීමේ බලාපොරොත්තුව ඇතිව තමයි මේ විදියේ වර්ණ සංයෝජනයක් යොදාගෙන තිබෙන්නේ

      පාට සංයෝජන පරාසයේ වෙනත් සීමාවන් පිළිබඳ අදහසක් ඇත්නම් ඒ ගැන අපිට දන්වන්න

      උදාහරණයක් විදියට යශෝදරා කියන චරිතය යොදා තිබෙන්නේ #eb78b3 කියන වෙබ් පාටින්
      මේ පාට වෙනුවට වෙනත් පාටක් යොදා ගැනීම වගේ දෙයක්. එහෙම නැතිනම් වෙනම Format එකක් (ඉහත දැක්වූ සේ) මේ වගේ කතාව තුල ප්‍රභල චරිත ලක්ෂණ ඉදිරිපත් කිරීමේ වෙනත් විදියක් වගේ.

      අපහසුතායක් ඇති උනානම් කතෘ මඬුල්ලේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිනවා.

      ඉදිරියටත් අපිත් එක්ක එකතු වෙලා අපිට හරි වැරදි පෙන්වා දීලා අපේ ගමන තවත් සාර්ථක කරන්න ඔයාගෙන් ලැබෙන මේ අදහස් හැමදේම අපිට වටිනවා

      අදහස් දැක්වීම පිළිබඳව අපූර්විට ගොඩක් ස්තුතියි

      Delete

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා