නමක් ඇති රුවක් නැති
සිතක් ඇති සිනහ මුසු
දුක වසා සිතේ ඇති
වෑයමින් අනුන් සිත
සනසනා එයින් හිත
නිමක් නැති සිත් සසර
වෙර දරන පැතුම් පොදි
දුටිමි නැත කෙනෙකු ඒ වැනි
හමුවුනේ පළමුවර
වත් පොතේ පහසුවෙන්
මා නොදැන කතා කල
බොහෝ වටිනා දැනුම් පොදියක්
තුති පුදා පිළිගතිමි
මා පැමිණි අරමුණට
ඉක්මනින් ලංවෙන්න
ලැබුනු හැම අදහසම
වටිනවා රන් විලස
දිනෙක මගෙ ජීවිතය
ගමන් මග එලිවෙන්න
මේ කරන වෑයමට
දුන්න හැම සහය ඔබ
අගෙයි රන්මසු පමණ
ලීවේ
හොඳම යාළුවා
Wednesday, May 29, 2013
Tuesday, May 28, 2013
කෝ මගෙ මැණිකෙ
මේ තරම් දුර සංසාරේ කොහොම හොයන්නද ඔයාව
මම ගොඩක් ඇවිද්දා ඒත් දැක්කේ නෑ
කියන්න බැරි තරම් පාළුවක් තනිකමක්
දැනුනා
ඒත් සතුටින් හිත මගේ
ඒ ඔයා වෙනුවෙන් මම කරන දේ
ඇතත් නැතත් ඔයාට සතුටු වෙන්න පුලුවන්
දෙයක් හින්දා
මම ගැන ආඩම්බර වෙන්න
මම ගැන සතුටු වෙන්න
හැමදාමත් මාවම ප්රාර්ථනා කරන්න
මගේ ලඟින් ඉන්න
නිවන් දකින කල් මගෙත් එක්කම ඇවිද යන්න
ලීවේ
Thursday, May 23, 2013
පින්කම
අද මම ෂොප් එකට ඕනා කරන බඩු ටික
පිටකොටුවෙන් අරගෙන එද්දි හාමුදුරුනමක් පදිකවේදිකාවේ ඉන්න සපතේරුවෙකුට පාවහන් දෙක
හදන්න දීලා හිටගෙන ඉන්නවා
මම හිමිහිට ලංවෙලා බැලුවම ඒ පාවහන්
යුගල ගොඩක් ගෙවිලා ගිහින්. හාමුදුරුවන්ගෙන් මම ඇහුවා පාවහන් යුගලේ ප්රමානය. එතකොට
හාමුදුරුවෝ මගෙන් අහනවා මොකටද අහන්නේ මම ගාව සල්ලි නෑ කියලා
මම බැරිම තැන සපතේරුවාගෙන් ඇහුවා මේකේ
සයිස් එක කීයක් වෙයිද කියලා. පාවහන් යුගලේ ප්රමානයත් අහගෙන, බඩු බෑග් එකත්
උස්සගෙන අමාරුවෙන් ලඟම තිබුන කඩේකට ගිහින් පාවහන් දෙකක් අරන් ඇවිල්ලා හාමුදුරුවන්ට
දුන්නා
එතකොට හාමුදුරුවෝ මගෙන් අහනවා මේක
මොකටද කියලා
මම කීවා ඇයි අපේ හාමුදුරුවනේ ඔබතුමාගේ
තියෙන මේ පාවහන් යුගල තව ගොඩක් කල් පාවිච්චි කරන්න අමාරුනේ ඒකයි මම අලුත් දෙකක්
අරන් ආවේ කියලා.
එතකොට හාමුදුරුවෝ කියනවා මම හිතුවේ ඔයා
මෙහේ බිස්නස් කරන කෙනෙක් කියලා
මම කිව්වා නෑ අපේ හාමුදුරුවනේ මම බඩු
ගෙනියන්න ආපු ගමන් ඔබතුමාව දැකලා තමයි මේ නැවතුනේ කියලා.
මම කිව්වා අදකාලේ මිනිස්සුන්ව අඳුනගන්න
අමාරුයිනේ අපේ හාමුදුරුවනේ ඒකට කමක් නෑ මම එහෙමනම් යන්නම් කියලා. ආශිර්වාද
අරගෙන එන්න හැරෙද්දිම දැක්කා සපතේරුවාගේ
මූන හතරැස් වෙලා
පස්සේ මතක් උනේ ඒ මනුස්සයාගේ රස්සාවත්
කෙරෙන්න එපැයි කියලා
ඒකටත් මුදල් ගෙවලා ආවා
මම
Subscribe to:
Posts (Atom)