Thursday, May 23, 2013

පින්කම


අද මම ෂොප් එකට ඕනා කරන බඩු ටික පිටකොටුවෙන් අරගෙන එද්දි හාමුදුරුනමක් පදිකවේදිකාවේ ඉන්න සපතේරුවෙකුට පාවහන් දෙක හදන්න දීලා හිටගෙන ඉන්නවා

මම හිමිහිට ලංවෙලා බැලුවම ඒ පාවහන් යුගල ගොඩක් ගෙවිලා ගිහින්. හාමුදුරුවන්ගෙන් මම ඇහුවා පාවහන් යුගලේ ප්‍රමානය. එතකොට හාමුදුරුවෝ මගෙන් අහනවා මොකටද අහන්නේ මම ගාව සල්ලි නෑ කියලා

මම බැරිම තැන සපතේරුවාගෙන් ඇහුවා මේකේ සයිස් එක කීයක් වෙයිද කියලා. පාවහන් යුගලේ ප්‍රමානයත් අහගෙන, බඩු බෑග් එකත් උස්සගෙන අමාරුවෙන් ලඟම තිබුන කඩේකට ගිහින් පාවහන් දෙකක් අරන් ඇවිල්ලා හාමුදුරුවන්ට දුන්නා

එතකොට හාමුදුරුවෝ මගෙන් අහනවා මේක මොකටද කියලා
මම කීවා ඇයි අපේ හාමුදුරුවනේ ඔබතුමාගේ තියෙන මේ පාවහන් යුගල තව ගොඩක් කල් පාවිච්චි කරන්න අමාරුනේ ඒකයි මම අලුත් දෙකක් අරන් ආවේ කියලා.

එතකොට හාමුදුරුවෝ කියනවා මම හිතුවේ ඔයා මෙහේ බිස්නස් කරන කෙනෙක් කියලා

මම කිව්වා නෑ අපේ හාමුදුරුවනේ මම බඩු ගෙනියන්න ආපු ගමන් ඔබතුමාව දැකලා තමයි මේ නැවතුනේ කියලා.

මම කිව්වා අදකාලේ මිනිස්සුන්ව අඳුනගන්න අමාරුයිනේ අපේ හාමුදුරුවනේ ඒකට කමක් නෑ මම එහෙමනම් යන්නම් කියලා. ආශිර්වාද අරගෙන  එන්න හැරෙද්දිම දැක්කා සපතේරුවාගේ මූන හතරැස් වෙලා
පස්සේ මතක් උනේ ඒ මනුස්සයාගේ රස්සාවත් කෙරෙන්න එපැයි කියලා

ඒකටත් මුදල් ගෙවලා ආවා

මම

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා