Pages

Wednesday, May 29, 2013

යාළුවෙක් මුන ගැසුනා

නමක් ඇති රුවක් නැති
සිතක් ඇති සිනහ මුසු
දුක වසා සිතේ ඇති
වෑයමින් අනුන් සිත
සනසනා එයින් හිත
නිමක් නැති සිත් සසර
වෙර දරන පැතුම් පොදි
දුටිමි නැත කෙනෙකු ඒ වැනි

හමුවුනේ පළමුවර
වත් පොතේ පහසුවෙන්
මා නොදැන කතා කල
බොහෝ වටිනා දැනුම් පොදියක්
තුති පුදා පිළිගතිමි
මා පැමිණි අරමුණට
ඉක්මනින් ලංවෙන්න
ලැබුනු හැම අදහසම
වටිනවා රන් විලස

දිනෙක මගෙ ජීවිතය
ගමන් මග එලිවෙන්න
මේ කරන වෑයමට
දුන්න හැම සහය ඔබ
අගෙයි රන්මසු පමණ


ලීවේ

හොඳම යාළුවා

Tuesday, May 28, 2013

කෝ මගෙ මැණිකෙ

මේ තරම් දුර සංසාරේ කොහොම හොයන්නද ඔයාව
මම ගොඩක් ඇවිද්දා ඒත් දැක්කේ නෑ
කියන්න බැරි තරම් පාළුවක් තනිකමක් දැනුනා
ඒත් සතුටින් හිත මගේ
ඒ ඔයා වෙනුවෙන් මම කරන දේ
ඇතත් නැතත් ඔයාට සතුටු වෙන්න පුලුවන් දෙයක් හින්දා
මම ගැන ආඩම්බර වෙන්න
මම ගැන සතුටු වෙන්න
හැමදාමත් මාවම ප්‍රාර්ථනා කරන්න
මගේ ලඟින් ඉන්න

නිවන් දකින කල් මගෙත් එක්කම ඇවිද යන්න

ලීවේ


Thursday, May 23, 2013

පින්කම


අද මම ෂොප් එකට ඕනා කරන බඩු ටික පිටකොටුවෙන් අරගෙන එද්දි හාමුදුරුනමක් පදිකවේදිකාවේ ඉන්න සපතේරුවෙකුට පාවහන් දෙක හදන්න දීලා හිටගෙන ඉන්නවා

මම හිමිහිට ලංවෙලා බැලුවම ඒ පාවහන් යුගල ගොඩක් ගෙවිලා ගිහින්. හාමුදුරුවන්ගෙන් මම ඇහුවා පාවහන් යුගලේ ප්‍රමානය. එතකොට හාමුදුරුවෝ මගෙන් අහනවා මොකටද අහන්නේ මම ගාව සල්ලි නෑ කියලා

මම බැරිම තැන සපතේරුවාගෙන් ඇහුවා මේකේ සයිස් එක කීයක් වෙයිද කියලා. පාවහන් යුගලේ ප්‍රමානයත් අහගෙන, බඩු බෑග් එකත් උස්සගෙන අමාරුවෙන් ලඟම තිබුන කඩේකට ගිහින් පාවහන් දෙකක් අරන් ඇවිල්ලා හාමුදුරුවන්ට දුන්නා

එතකොට හාමුදුරුවෝ මගෙන් අහනවා මේක මොකටද කියලා
මම කීවා ඇයි අපේ හාමුදුරුවනේ ඔබතුමාගේ තියෙන මේ පාවහන් යුගල තව ගොඩක් කල් පාවිච්චි කරන්න අමාරුනේ ඒකයි මම අලුත් දෙකක් අරන් ආවේ කියලා.

එතකොට හාමුදුරුවෝ කියනවා මම හිතුවේ ඔයා මෙහේ බිස්නස් කරන කෙනෙක් කියලා

මම කිව්වා නෑ අපේ හාමුදුරුවනේ මම බඩු ගෙනියන්න ආපු ගමන් ඔබතුමාව දැකලා තමයි මේ නැවතුනේ කියලා.

මම කිව්වා අදකාලේ මිනිස්සුන්ව අඳුනගන්න අමාරුයිනේ අපේ හාමුදුරුවනේ ඒකට කමක් නෑ මම එහෙමනම් යන්නම් කියලා. ආශිර්වාද අරගෙන  එන්න හැරෙද්දිම දැක්කා සපතේරුවාගේ මූන හතරැස් වෙලා
පස්සේ මතක් උනේ ඒ මනුස්සයාගේ රස්සාවත් කෙරෙන්න එපැයි කියලා

ඒකටත් මුදල් ගෙවලා ආවා

මම

Sunday, March 24, 2013

සඳ

ඊයේ පාන්දර 2කට විතර උඩම තට්ටුවට ගිහින් තනියම කල්පනා කරද්දි
දැක්කා හඳ පායලා ඒ උනාට වලාකුලු වලින් වැහිලා ක්‍රැක් වෙලා වගේ හඳේ ලයින් එකක් විතරක් පේනවා

සඳ එලිය නෑ අහස වලාකුලින් වැහිලා
පායන්නෙ කවදාද ඇත්තටම මට සඳ
දිවිය එලි කරලා

කියලා කවි පද දෙකක් කල්පනාවට එද්දිම
මෙන්න බොලේ ටිකකින් හඳ පායලා වටේම එලිය උනා

අනේ...... මට එහෙමම අමතක උනා හිතට ආපු කවිය
ඒ උනාට හිත පිරිලා තිබුනා
ඇයි කියන්න මම දන්නේ නෑ

සමහර විට සඳ ආයෙත් එලි වැටුන හින්දා වෙන්න ඇති

සමහර විට මට ඇත්තටම මගේම කෙනෙක් නැති හින්දා වෙන්න ඇති කියලත් හිතෙනවා
ඇරත් මගේ මේ ජීවිතේ ගොඩක් සැහැල්ලුයි

මම තනියම
මම විතරයි

ලීවේ
හොඳම යාළුවා