Pages

Tuesday, September 30, 2014

යශෝදරා 16

දැන් යශෝදරාලගේ අම්මා එයි
මොනවා අහයිද මන්දා
හිතාගන්න බෑ
ඇරත් මම මොකටද බයවෙන්නේ
මම යශෝදරා එක්ක අනවශ්‍යය දෙයක් කතා කරලත් නෑ
අනවශ්‍යය සම්බන්ධකමකුත් නෑ
එයා මගේ යාළුවෙක් විතරනේ
බලමුකෝ
මොකද වෙන්නේ කියලා

විනාඩි 10 විතර මම එලියට වෙලා ඉද්දි මෙන්න යශෝදරා එනවා අම්මත් එක්ක
ලඟට එනකල්ම දැක්කේ නෑනේ 
මොකෝ ඉතින් මම වැඩියේ වටපිට බලන කෙනෙක් නෙවෙයිනේ

අයියේ

මේ ඉන්නේ අපේ අම්මා

අම්මේ මේ අයියා තමයි අපේ සවුන්ඩ් ට්‍රැක් එක හදලා දුන්නේ

හෙලෝ ආන්ට් කොහොමද?

හොඳයි පුතා ඔයාට කොහොමද?

වරදක් නෑ

පුතා බැලුවද අපේ ළමයගේ ඉවෙන්ට් එක

ඔව් මම බැලුවා
ඒක හොඳටම තිබුනා

මේ තමයි මම හදපු සවුන්ඩ් ට්‍රැක් එකක පර්ෆෝමන්ස් බලපු පළවෙනි වතාව
ඇත්තටම මම හිතුවටත් වඩා ගොඩක් ලස්සනයි

පුතා කොන්සට් එක බලන්නේ නැද්ද?

නෑ මට ඕන උනේ මේ ඉවෙන්ට් එක බලන්න විතරයි

ආ ඇත්තටම ඒ සවුන්ඩ් ට්‍රැක් එක ලස්සනයි

තෑන්ක්ස් ආන්ට්

අපේ ළමයා නම් ගොඩක් සතුටින් හිටියේ ඒක හොඳයි කියලා
කොහොමත් ඔයා ගැන තමයි මේ ටිකේ කියව කියව ඉන්නේ

අනේ අම්මේ ඕවා කියන්නේ මොකටද?

එහෙම කියද්දි මම යශෝදරා දිහා බැලුවා
මොනා බලන්නද කොහු ටිකක් අතට දුන්න නම්
වැඩි කරදරයක් නැතිව ලනුවක් අඹරගන්න තිබුනා

පුතා කොහේද ඉස්කෝලේ ගියේ?


මම JVC ගියේ 

A/L කලාද?

ඔව් මම Mathamatics කලේ

එයිට පස්සේ BCS කලා

ආ හොඳයිනේ
දැන් මොකද කරන්නේ

දැන් ඉතින් තාත්තගේ වැඩ වලට උදව් කරගෙන ඉන්නවා
ඒ අතරේ මේ වගේ වැඩත් කරනවා

මේක හොඳ ෆීල්ඩ් එකක් පුතේ


ඔව් මොනා නැතත් ආත්ම තෘප්තිය කියන දේ නම් තියනවා


ඒක ඇත්ත

අද යශෝදරාගේ තාත්තට එන්න බැරිව ගියා
එයා බිස්නස් වැඩකට
පිටත් උනා
එයත් හිටියනම් හොඳයි

දැන්නම් කොන්සට් එක ඉවර වෙන වෙලාවත් ලඟයි 

කොහොමත් මට ඕන වෙලා තිබුනේ
මේ සාකච්ඡාව ඉක්මනට ඉවර කරන්න
මොකද අපේ සෙට් එක දැන් මෙතනට කඩා පාත් උනොත් එහෙම
නැති ප්‍රශ්න ඇති වෙන්න පුලුවන් හින්දා
ඒ උනාට ගැලවෙන්න ගියොත් ඒකත් ගැටලුවක්
මොකද යශෝදරාගේ අම්මව මුණගැහෙන පළවෙනි පාරනේ
ඇලවෙන්න ගියොත් ඒකත් අවුලක්
බලමුකෝ

අපරාදේ

ඒක තමයි පුතා
එයා හිටියනම් ගොඩක් හොඳයි

ආ මෙතනට ආපු වැඩේ අමතක උනානේ
මේක ඔයාට
අපේ දුව තමයි තෝරගත්තේ

මෙන්න බොලේ දුන්නා පාර්සලයක්

අනේ මට මොනවටද මේවා?

ඒකට කමක් නෑ
පුතා ඕක ගන්න


කොහොම උනත් යශෝදරාගේ තාත්තා එක්ක ටිකක් කතා කරන්න

එයා බිස්නස් කරන කෙනක් හින්දා ඔයාට වැදගත් වෙයි

හොඳයි මම කතා කරන්නම්

ජොබ් එකක් කරන්න කැමතියිද?

අනේ මන්දා මම ඒ ගැන තවම හිතුවේ නෑ
කොහොමටත් ගෙදර අයත් එක්ක ඉන්නවා වගේ
වෙන තැනක ඉද්දි නෑනේ

ඒක ඇත්ත
පේන හැටියට  අම්මට ගොඩක් ආදරෙයි වගේ

ඔව් ආන්ට් මම අම්මට තමයි ආදරේ
ඇත්තම කිව්වොත් ඒක තමයි හේතුව  මම වැඩියේ ආස නැත්තේ ජොබ් එකකට යන්න
එදා පාර නම් නරි දෙන්නෙක් විතර නෑව්වා

ම්.. මම හිතුවට වැඩියේ ඔයා හොඳ ළමයෙක්නේ


හපොයි දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ


හොඳයි පුතා

මම අද ආවේ පුතා කව්ද කියලා බලන්නයි 
පුතාට දෙයක් කියන්නයි
ඉස්සෙල්ලම කියන්න ඕන මට ගොඩක් සතුටුයි පුතාව මුණගැහුන එකට 
යශෝදරා ඔයා වගේ කෙනෙක්ව ආශ්‍රය කරනවට මගේ අකමැත්තක් නෑ

මෙයාව අපි ගොඩක් පරිස්සම් කරනවා

දුව ව බලාගන්නේ ඇස් දෙක වගේ 
යන එන හැමතැනම හොයලා බලනවා

විශේෂයෙන්ම පිරිමි ළමයි එක්ක එයාට ගනුදෙනු කරන්න කොහොමත් ඉඩ තියලා නෑ මෙච්චර කාලෙකට


අනික මොන දේ උනත් යශෝදරා මට හැමදේම කියනවා

විශේෂයෙන්ම ඔයාට කෝල් කරන වෙලාවට උනත් මම නිතරම එයා ලඟ ඉන්නවා

කාට හරි කෝල් කරනවානම් ගොඩක් වෙලාවට මටත් ඇහෙන විදියට ෆෝන් එකේ ස්පීකර් එක ඔන් කරනවා

දවසක් දෙකක් ඔයා එක්ක යශෝදරා කතා කරද්දි මමත් අහගෙන හිටියා

ඒ වෙලාවේ මට තේරුන දේ තමයි
ඔයා හොඳ දරුවෙක්  කියන එක
ඒක හින්දයි මම ම ආවේ ඔයා කව්ද කියලා බලන්න


මොකද අපි දැනගෙන ඉන්න එපැයි යශෝදරා කතාබහ කරන්නේ කා එක්කද කියලා



බුදු අම්මෝ දැන් නම් දාඩියත් දාගෙන එන්නේ

කොහොම උනත් එයාගේ ඉගෙනීමේ කටයුතු ඉවර වෙනකල් 

එයාට වෙන කිසිම දෙයක් ගැන හිතන්න අපි ඉඩ තියන්නේ නෑ

මම මෙච්චර හරි කතා කරන්නේ ඔයා ගොඩක් හොඳ ළමයෙක් කියලා මට තේරුන හින්දයි


මොන දේ කොහොම උනත් යශෝදරාගේ තාත්තගේ අතේ තමයි හැමදේම තියෙන්නේ


ඔයාලා යාළුවෝ වගේ කතා බහ කරලා ඉන්න 


මොනවා උනත් යශෝදරාගේ ඉගෙනීම තමයි පළවෙනි දේ වෙන්න ඕන


ඔයාට තේරුම් ගන්න පුලුවන් කියලා හිතනවා මම කියපු දේවල්

අවුල් කරගන්න එපා
තමුන්ට හිතෙනවා නම් දෙයක් ලබාගන්න
ඒ වෙනුවෙන් හිතලා වැඩ කරන්න
හැමදේම විසඳන්න ක්‍රම සහ විධි මේ ලෝකේ තියනවා

සමහර විට එක පාරට බැරි වෙයි
ඒ උනත් ඉවසීමයි 
තැනට සුදුසු නුවණයි තියනවානම් කරන්න බැරි දෙයක් නෑ

හොඳයි අපි තව මේ ගැන කතා කරමු 
දැන් නෙවේ වෙන වෙලාවක

යශෝදරා ඔයාට ආයේ මෙතන වැඩක් එහෙම නෑනේ?

නෑ අම්මා


එහෙනම් අපි යමු


අපි යනවා පුතේ 

වෙන වෙලාවක කතා කරමු

හොඳයි ආන්ට්

මට කෝල් එකක් දෙන්න

අපි යනවා අයියේ

පරිස්සමින් යන්න
බුදු සරණයි

බුදුසරණයි අයියේ

--------------------------------------------

ඊලඟ කොටසට මෙතනින්




ඉස්සෙල්ලා කොටසට මෙතනින්

















Monday, September 29, 2014

යශෝදරා 15

ආහ් මේ ඔයානේ

යශෝදරාගේ ලස්සන දැක්කම මම ආයෙමත් ඒ ඇස් එක්ක අතරමං වෙලා වගේ දැනුනා


ඔය ඉතින් ආයේ දෙන්නත් එක්ක භාවනා කරනවා වගේ


සමාධි නංගිගේ කටහඬින් තමයි පියවි සිහියට ආවේ


ඉතින් කොහොමද අයියේ

යශෝදරා කතා කලේ මගෙන් ඇස් අහකට ගන්නේ නැතුව

හොඳයි 

ඔයාලගේ ඩාන්ස් එක නම් නියමයි
මම ගොඩක් ආසාවෙන් බැලුවේ

තෑනක්ස් අයියේ


ඒ වගේම ඔයාත් ගොඩක් ලස්සනයි

ඒ පාර නම් කෙල්ලගේ මූනත් රතු උනාද කොහෙද


හැමදේම හිතුවටත් වැඩියේ හොඳට කෙරුනා

මට නම් ගොඩක් සතුටුයි

ඔයාට තමයි තෑන්ක් කරන්න ඕන

අපිව ගොඩ දැම්මට

ඒක නම් ඇත්ත අයියේ

ඉතින් ආයේ නැද්ද ඔයාලට ඉවෙන්ට් එකක්


නෑ අපිට තිබුනේ මේක විතරයි


අවුලක්ම නෑ

ඒක ඉතින් හරියටම කරගත්තනේ

කෝ ඔයාගේ යාළුවෝ?


ආ එයාලා ඇතුලේ කොන්සට් එක බලනවා


ඔයා කොන්සට් එක බලන්නේ නැද්ද?


මම ඉතින් ඕන කෙනාව බලාගත්තනේ

මම කිව්වේ ඉවෙන්ට් එක බලාගත්තනේ
දැන් ඕක බැලුවත් එකයි නැතත් එකයි

එහෙම කියද්දි යශෝදරාගේ ඇස් දිලිසුනා වගේ


අපි ඔයාට පොඩි තෑග්ගක් ලෑස්ති කරලා තියෙන්නේ


ආ ඒ මොකක්ද?


ගෙදර ගිහින්ම බලන්න


ඒක අම්මා ගාව තියලා තියෙන්නේ


හපොයි සල්ලි

ඒ කියන්නේ මේ තෑගි සීන් එක යශෝදරාගේ අම්මත් දන්නවා
මේක නම් ලේසි කෙලියක් නෙවෙයි වගේ

දැන් කෝ ඔයාගේ අම්මා?

අම්මා ස්ටාෆ් රූම් එකේ ඇති

කතා කරන්නද?

එපා එපා පිස්සුද

මේ මට නම් බෑ
ඔයාලගේ අම්මා එක්ක කතා කරන්න

බය වෙන්න එපා අයියේ අපේ අම්මා හරිම හොඳයි


ඒ උනාට මම මොනාද කියන්නේ එයාට?


ඔයා මුකුත් කියන්න යන්න එපා

අහන එකට උත්තර දෙන්න

ඒක නම් අවුලක් නෑ

අවුල තියෙන්නේ මොනා අහයිද කියලා

බලමුකෝ

අවුලක් වෙන එකක් නෑ





ආ අයියේ අපිට ෆොටෝ එකක් ගන්න ඕන කමක් නැද්ද?
 
අනේ අයියේ අපි තුන්දෙනාගේ ෆොටෝ එකක් ගන්නකෝ

කෝ දෙන්න 

ඔය පැත්තට නෙවේ මේ පැත්තට ඉන්න නැත්නම් 
ඉර එලියට පිටිපස්ස හැරුනම ඉස්සරහෙන් මූණුටික කලු වෙනවා

හරි එ‍හෙනම්

මෙන්න ෆෝන් එක

ඔයාත් එන්න ෆොටෝ එකකට

අනේ මේ මාව මොකටද?

ෆේස් බුක් දාන්නේ නෑනේ?

ඒකට දාන්න තමයි


මම නම් ආස නෑ වැඩියේ. ඕනම නම් කමක් නෑ ඉතින්

හීනියට වගේ නරියෙකුත් නෑව්වා නැත්තං හොඳ නෑනේ

අපෝ මෙයාගේ තියන ඝනකම

නෑ මං මේ කිව්වේ අවුලක් වෙන්නේ නැති වෙයි නේ


මොන අවුල්ද

බලාගෙන ගියාම අයියා මාර බයයිනේ

අපෝ ගෑණු ළමයි එක්ක මම වැඩියේ ගණුදෙනු තියාගන්න බයයි

මෙච්චර හොඳට ඉඳලා නිකන් හරි කාඩ් එකක් වැදුනොත්

තව ඉස්සරහට කාඩ් එකක් වදින්න තමයි තියෙන්නේ


ඒකත් හොඳම කෙනෙක්ගෙ


අනේ මේ සමාධි අයියත් එක්ක එකට එක කියන්න යන්න එපා


මේ පේන්නැද්ද දැන්මම


ඒක තමයි

මේ මගෙන් මුකුත් අහගන්න එපා උඹලා දෙන්නා

යශෝදරා වත්සලාටයි සමාධිටයි කඩාගෙන පැන්න



අනේ සමාවෙන්න අයියේ හිතරිදෙන මුකුත් කිව්වානම්
ඔයා ගනන් ගන්න එපා

 වත්සලාටයි සමාධිටයි කඩාගෙන පැනන්නට
 මට ඒ ටික කිව්වේ හරිම අහිංසක විදියට


හොඳ වෙලාවට යශෝදරා මැද්දට පැනලා කතාව නැවැත්තුවේ නැත්තං මුං දෙන්නා මගෙන් හොඳට අහගන්නවා
කොහොම උනත් මෙතන හොඳ ළමයා වෙන එක මටයි යශෝදරාටයි දෙන්නටම හොඳයි

 නෑ නෑ අවුලක් නෑ

අනේ අයියේ 
ඔය ඔක්කොම අමතක කරලා
අපිත් එක්ක ෆොටෝ එකකට  ඉන්න

ආ කතාවෙන් කතාවෙන් ඒකත් අමතක උනා


කව්ද ගන්නේ ෆොටෝ එක


මම ගන්නම්


සමාධි පැනලා ගියේ ෆොටෝ එක ගන්න



අනේ මේ වත්සලා මේක ගන්නේ කොහොමද


අපෝ මෙයා ෆොටෝ එකක් ගන්න ගියාට දන්නෙත් නෑ


මේ පොඩ්ඩක් කියලා දෙන්නකෝ


ඉන්න මම එන්නම්


මමයි යශෝදරායි බලාගෙන ඉන්නවා


සමාධියි වත්සලායි ෆෝන් එකත් එක්ක ඔට්ටු වෙනවා


කොහොම හරි ටෙස්ට් ෆොටෝ දෙක තුනක්ම ගහගෙන ඉවර වෙලා වත්සලා ආවා අපි හිටපු තැනට 

ඇවිල්ලා ගත්තා ෆොටෝ එක

ඒකත් හරි
දැන් මම අම්මට එන්න කියන්නම්

ඒ මොකටද?

ආවම බලාගන්නකෝ

මේ මම යනවා මට නම් බෑ

අනේ අයියේ මම කියනවට ඉන්නකෝ ටිකක්

හරි හරි මම ඉන්නම්
 එක්කගෙන එන්නකෝ

මේ මොන මරාලයක්ද යකෝ මේ වැටෙන්න යන්නේ
මොන මගුල උනත් දැන් ඉතින් ඉන්න එපැයි

-----------------------

ඊලඟ කොටසට මෙතනින්



ඉස්සෙල්ලා කොටසට

Monday, September 22, 2014

යශෝදරා 14

දෙයියනේ කියලා ආවා කොන්සට් එක තියන තැනට
වැඩි දුරකුත් නෑනේ
කොහොමත් ඉතින් අපේ උන්ට යන්න තියනවානම් කොහේ හරි කමක් නෑ
 අපායට උනත් අවුලක්ම නෑ එන එක නම් එනවා
මොකද ඉතින් රථ ගායනේ
ඒ අමාරුව නම් මේ කපේදි හොඳ වෙන්නේ නෑ

මේ දැන් කෝ ටිකට්?


මොන ටිකට් ද?


ඇයි යකෝ ගත්තා කිව්වේ ටිකට්


ආ මගේ එක නම් තියනවා මම ගාව


එතකොට අපිව ගෙනාවේ සිකුරිටි වැඩේටද?


ඔව් උඹලා එලියෙන් හිටපල්ලා මම කොන්සට් එකට සහභාගී වෙනකල්


නොදකි තෝ වගේ පාප මිත්තරයෙක්


පිස්සුද යකෝ මම තොපිව එලියෙන් තියනවද?

වරෙව් යන්න යශෝදරා ගාව ටිකට් ඇති

එහෙනම් කමක් නෑ


කොහොමෙන් කොහොම හරි අපි කොන්වනට් එකේ ඇතුලට යද්දිම මෙන්න බොලේ සමාධි නංගි


ආ අයියේ ඔයා එනකල් මග බලාගෙන හිටියේ

යශෝ කිව්වා මේ ටික දෙන්න කියලා

අම්මෝ ලොකු දෙයක් තව ටිකෙන් අපිව හොඳ අමාරුවක වැටෙනවා


ඒක තමයි 

මම මග බලාගෙන හිටියේ ඔයා එනකල්
මම ඉක්මනට යන්න ඕන අයියේ 
ඉවෙන්ට් එකට ලෑස්ති වෙන්න තියනවා
දැන් හොඳටම පරක්කු වෙලා

හරි හරි ඔයා ඉක්මනට යන්න

අපි පස්සේ කතා කරමු

මම යනවා අයියේ


තෑන්කස් නංගි

යශෝදරාට කියන්න මම විශ් කලා කියලා
ඉවෙන්ට් එක හොඳට කරන්න

හොඳයි අයියේ


සමාධි නංගි බලාගෙන ඉඳලා ඇවිත් ටිකට් ටික දුන්නේ නැත්තං මල කෙලියයි ජූලි හතයි වෙන්නේ

අපොයි මම සර්කිට් වැඩක්නේ කරගන්නේ තව ටිකෙන්

ඔච්චර කරලා යශෝදරාගෙන් ඇහුවේ නෑනේ යාළුවන්ගේ ටිකට් අතට ගන්න ක්‍රමයක්
හොඳ වෙලාවට යශෝදරා මොලේ කල්පනා කරලා සමාධිගෙ අතේ ටිකට් තියලා තිබුනේ

එහෙනම් මචංලා අපි යමු ඇතුලට දැන් කොන්සට් එක පටන් ගන්නත් ලඟයි


කිරි


අපි ඔක්කොම ගිහිල්ලා ඇතුලෙන් වාඩි උනා


ටිකකින් ලයිට් දාලා තිරය ඇරිලා කස්ටිය ගජරාමෙට පටන් ගත්තා

අවුලක්ම නෑ
පළවෙනියටම තියෙන්නේ පූජා නැටුමනේ

එයිට පස්සේ පොඩි සෙට් එකේ නැටුමක්


එයිට පස්සේ තවත් ඒවා තිබුනා


දැන්නම් ඉවසීම පොඩ්ඩක් අඩුවෙලා වගේ දැනෙනවා මොකද තාම ඕන කරන එක්කෙනාව දැක්කෙ නෑනේ


අපේ සෙට් එක නොකර සද්ද බලාගෙන ඉන්නවා

ඇති යන්තම් අපේ හාවෝ ටික පිස්සු කෙලින්නේ නැතුව ඉන්න එක ලොකු දෙයක්

තවත් ඉවෙන්ට් දෙක තුනක් ගියාට පස්සෙ තමයි යශෝදරාලගේ එක පටන් ගත්තේ


අවුලක්ම නෑ

මමත් සවුන්ඩ් ට්‍රැක් හැදුවට මේ වගේ ඇවිල්ලා බලන්නේ නෑනේ සාමාන්‍යයෙන්
දැන් තමයි මටත් තේරෙන්නේ අවුලක්ම නෑ කියලා
ඒකටත් ටිකක් බයේ හිටියේ

ඇත්තටම යශෝදරා නම් පුදුම ලස්සනයි

සමහර විට මේකප් එක හින්දා වෙන්න ඇති
එහෙම නැතිවත් ගොඩක් ලස්සනයි 
ඒත් ඒ ඇඳුමට නම් තවත් ලස්සන වෙලා වගේ කියලා දැනුනේ

මට දැනුනේ යශෝදරා මා දිහාම බලන් නටනවා වගේ


මමත් ඉතින් ඇස් වල පොට යයි කියලා බයේ වෙන කොහේවත් බලන්නේ නැතිව එයා දිහාම බලන් හිටියා


ට්‍රැක් එක ඉවර උනා විතරයි මුලු ශාලාවම එකම අත්පුඩි සද්දෙන් වැහිලා ගියේ හිතාගන්නවත් බැරි විදියට


අවුලක්ම නෑ


මම හිතුවට වැඩියේ ගොඩක් සාර්ථකයි වැඩේ


කොහොමින් කොහොම හරි කොන්සට් ඉන්ටවල් එකත් දුන්නා


අපි සෙට් එක පොඩ්ඩක් එලියට ආවේ හුලං ටිකක් වදින්න


මේ දුමක් දාමුද?


පිස්සුද යකෝ 

මෙතන ඒවා හිතන්නවත් එපා

බලපංකෝ බං මුගේ හැදියාව


අනේ මේ තව පැයනේ ඉන්න තියෙන්නේ

පොඩ්ඩක් ඉවසපල්ලකො යකුනේ

හරි හරි

ඒක නෙමේ මම අදනේ බං අර කෙල්ලගේ ලස්සන දැක්කේ

කාගෙද බං?


කාගෙද ඉතින් තොගෙ ලයින් එක ගැන මේ කියන්නේ


  ඒක නම් ඉතිං පට්ට කෑල්ල


උඹත් ඉඳලා ඉඳලා හොඳම එකකට කරගහන්න නේ යන්නේ?


තොපිට පිස්සුද යකෝ මගෙයි ඒ කෙල්ලගෙයි එහෙම සම්බන්ධයක් නෑ

ඒ මගේ හොඳ යාළුවෙක් විතරයි

අනේ මේ පලයන් බං යන්න


අඩේ සිරාවටම බං කියන්නේ


ඒවා පස්සේ බලමු දැන් යමංකෝ ඇතුලට අරක පටන් ගත්තද කොහෙද


ආ පුතා කොහොමද ඉතින්


ආ සිස්ටර්

හොඳයි සිස්ටර් වරදක් නෑ

කොහොමද සිස්ටර් ට?


මමත් හොඳින් පුතා

යාළුවොත් එක්ක කොන්සට් එක බලන්න ආවද?

මේ.. ඔව් සිස්ටර්


යාළුවෝ දඟ කරන්නේ නෑ නේද?


අපෝ නෑ සිස්ටර්

මුන් කරන වැඩ දන්නවා නම් පැත්තකටවත් එන්න දෙන්නේ නෑ
ඔයාවනම් මම දන්නවානේ 

මෙයාලව දන්නේ නැති හින්දයි එහෙම ඇහුවේ

අපෝ නෑ සිස්ටර් මේ මගේ හොඳම යාළුවො ටික


ආ එහෙනම් කමක් නෑ


මේ.. යාළුවනේ ඔයාලා යන්න ඇතුලට මම සිස්ටර් එක්ක ටිකක් කතා කරලා එන්නම්

පොඩ්ඩක් විනීතව කතා කරන්න එපැයි
නැත්තං කාඩ් කුඩුනේ

හරි අපි යනවා ඔයා එන්න එහෙනම්

ඇති යන්තං කාලකන්නි ටික මොලේ කල්පනා කරලා උත්තර දුන්නා
මොනාද ඉතිං වචනයක් එහේ මෙහේ උනානං සායම හේදෙනවනේ

හොඳයි


ඉතින් සිස්ටර් කොහොමද වැඩකටයුතු එහෙම?


වරදක් නෑ පුතා

ඔයා මගේ ගෝලයන්ට කරලා දුන්න වැඩේ නම් අන්න නැගලා ගියා

ඒක නම් හොඳටම තිබුනා තමයි සිස්ටර්

ඇත්තටම මම බලාපොරොත්තු උනාටත් වැඩියෙන්

ඇත්තටම ඔයා ලොකු උදව්වක් කරේ ඒ ළමයින්ට


ඇයි සිස්ටර් එහෙම කිව්වේ?


ආ ඔයා දන්නේ නැතිව ඇති

එයාලට ලොකු සිස්ටර්ගෙනුයි
නැටුම් ගුරුතුමීගෙනුයි පොඩ්ඩක් කැපිල්ල තිබුනා

ආ එහෙම ප්‍රශ්නෙකුත් තිබුනාද?

මම මොකුත් නොදන්න ගානට කතා කලා
නැත්තං මොන මරාලයක් වැටෙයිද දන්නේ නෑනේ

ඔව් ඔයා එයාලගේ ට්‍රැක් එක හොඳට හදලා දුන්න නිසා තමයි

එයාලට ප්ලේස් එකක් හම්බ උනේ

ඇත්තටම ඒ මගේ හොඳම ස්ටුඩන්ට් ලා

මමත් ගොඩක් අප්සෙට් එකෙන් හිටියේ 
මොකද එයාලගේ මුලින් තිබුන ට්‍රැක් එක ටිකක් ලස්සන මදි
ඒක හින්දා මටත් මුකුත් කියාගන්න බැරිව හිටියේ

ඔයා වැඩේ ගොඩ දැම්මට පස්සෙ මමත් කෙලින්ම ගිහින් කතා කරල

කිව්වා ලොකු සිස්ටර් ට මේකට ප්ලේස් එකක් දෙන්න ඇත්තටම මේක ලස්සනයිනේ කියලා

ආ.. ඒ කියන්නේ ටිකක් දුරදිග ගිය කේස් එකක් තිබිලා තියනවානේ


ඔව් ඔය නැටුම් ටීචර්ගෙ දුව ඉන්නේ අනිත් පන්තියේ

අනික යශෝදරා ගොඩක් ලස්සනයි
ඉගෙනගන්න උනත් ගොඩක් දක්ෂයි
ඉතින් ඒකටත් එයා ඉරිසියයි
ඕක තමයි ප්‍රශ්නේ මුල

එහෙනම් ඒකත් හරිනේ දැන්


ඔව් 

මම යන්නම් පුතා
ඔයා කොන්සට් එක බලන්න ගිහින්
ඔයාව කතාවට අල්ලගෙන
මම කොන්සට් එක බලන එකත් නැතිකලා නේද?

අපෝ මට ඕන ඉවෙන්ට් එක බැලුවා

මම ගොඩක්ම ආවේ ඒ ට්‍රැක් එකේ පර්ෆෝමන්ස් බලන්න

හරි හරි මම යනවා එහෙනම්

ගෝඩ් බ්ලෙස් පුතා

ගෝඩ් බ්ලෙස් සිස්ටර්


අප්පේ ඇති යන්තම් ඒ මරාලෙනුත් ගැලවුනා

දැන්වත් යන්න ඕන හෝල් එක ඇතුලට


අයියේ අයියේ පොඩ්ඩක් ඔහොම ඉන්න






-------------------------------------------------


ඊලඟ කොටසට මෙතනින්






ඉස්සෙල්ලා කොටසට මෙතනින්

Sunday, September 14, 2014

යශෝදරා 13

-----------------------------
හෝන් කරනවා
රංගයා ඇවිල්ලා වගේ

අම්මේ උඹ ආවද?


නෑ මම පියෑඹුවා


දීපන් ඉතින් ඕක


ආ ගනිං


වරෙන්කෝ එහෙනම්


මමයි රංගයයි කාමරේට ගිහින් අයන් එක ගහලා ලෑස්ති උනා


මේ පොඩි උදව්වක් කරපංකෝ


මොකක්ද?


මේක පොඩ්ඩක් අයන් කරපංකෝ බං 

මම ලෑස්ති වෙනකං

නොදකි තෝ නං


අඩේ මොකක්ද බං

උඹට දැන් වැඩකුත් නෑනේ

දීපන්කෝ එහෙනම්


ආ මේක ගනිං මම වොෂ් එකක් දාගෙන එන්නම්


රංගයට ෂර්ට් එක අයන් කරන්න දීලා මම පැන්නා බාත් රූම් එකට නාගෙන එන්න

එද්දි ෂර්ට් එකත් අයන් කරලා ඩෙනිම් එකත් අයන් කරලා රැක් එකේ දාලා තියනවා


අනේ උඹ නං එලකිරි වගේ කොල්ලෙක් බං


අනේ මේ පල යන්න

තොට වැඩක් කරගන්න ඕන උනාම තමයි බටර් ගාන්නේ

හරි හරි ඉඳපන් මම ඉක්මනට ඇඳුම දාගෙන එන්නම්


වරෙන් ඉක්මනට බූරුවා

මම ඉක්මනින්ම ලෑස්ති වෙලා එලියට එද්දි අපේ සෙට් එක ගොඩ බැහැලා


ආ උඔලා ආවද?


ආ මේකනේ වැඩේ අපි ඔක්කොම ටීෂර්ට් ගහලා මූ විතරක් ෂර්ට් එකක්


අයියෝ කෝටුවා පටන්ගත්තා නේද බර බරේ


ඇයි බං මට අද යශෝදරාගේ අම්මවයි තාත්තවයි හම්බවෙන්නත් තියනවා

උඹට එහෙම ප්‍රශ්නයක් නෑනේ

ඒක තමයි උඹට බලන්න කෙල්ලෙක් ඉන්නවා නම් උඹත් ෂර්ට් එකක් දාගෙන එන්න එපැයි


ඔක්කොටම කලින් ජංගියක් දාගෙනද ආවේ කියපං?


හූ හූ හූ අනේ මේ කෝටුවෝ ඉරිසියාව ගානකට තියාගං


අනේ මේ පලයව් යන්න


උඹටත් කෑල්ලක් සෙට් කරලා දෙන්නම්


අඩේ සිරාවටමද කිව්වේ?


බලමු ඉතිං උඹටත් මොකක් හරි පටලව ගන්න


අනේ ඒක තමයි බං

මට නං එපා වෙලා ඉන්නේ

මේ ඒක නෙවේ උඹලා ඔක්කොටම කියන්නේ

පිස්සු කෙලින්න එපා
දන්නවානේ
අපි යන්නේ කොන්වන්ට් එකට
එහෙට ගියාම පිළිවෙලකට හිටපල්ලා

එහේ සිස්ටර්ලා ගොඩ දෙනෙක් මාව දන්නවා

පිස්සු කෙලලා මගේ කාඩ් එක කුඩු කරන්න නම් එපා

ආ... උඹට කාඩ් එකක් තියනවද?


අනේ මේ විකාර නම් කරන්න ලෑස්ති වෙන්න එපා ඔන්න

නැත්තං මෙහෙමම ඉඳපල්ලා එන්නේ නැතිව

හරි හරි අවුලක් නෑ අපි එලටම ඉන්නංකෝ


හරි එහෙනම් අපි යමුද?


යමු එහෙනම්

---------------

ඊලඟ කොටසට මෙතනින්



ඉස්සෙල්ලා කොටසට මෙතනින්






යශෝදරා 12

උදෙන්ම නැගිට්ටේ වැඩ තිබුන හින්දම නෙවේ
ඇත්තම කිව්වොත් නින්ද යන්නේ නෑ

මොකද මේ අද උදෙන්ම නැගිටගෙන?


මේ නිකන් අම්මේ අද නිදිමත නෑ


ආ එහෙනම් කමක් නෑ

මම හිතුවේ වැඩකට යන්න නැගිටලා කියලා

නෑ නෑ අද විශේෂ වැඩක් නම් නෑ

දවල් වෙලා කොන්සට් එකක් තියනවා යන්න

ආ ගිහින් එන්න

හැබැයි පුතෝ කෙල්ලො එහෙම අල්ලගන්නේ බලාගෙන

මට මොන කෙල්ලොද අම්මෙ

මම මේ කාලා බීලා නිදහසේ ඉන්න එකානේ

ඔව් ඉතින් ඒ ගැන නම් බය වෙන්න දෙයක් නෑ

ඒත් අර ළමයා නම් ඔයාට ටිකක් කැමතියි වගේ

මොන ළමයද?


ඇයි පුතේ අර එදා ආවේ

ටිකට් එකක් දෙන්න

හුටා අම්මා ඒකත් දැකලා වගේ

ආ එයාද?

මොකක්ද ඒ දරුවගේ නම?


යශෝදරා


අනේ... ලස්සන නමක් නේ

මොනවා උනත් සීදේවි කෙලි පොඩ්ඩ

මේ මොන මගුලක්ද යකෝ අපේ අම්මට වෙලා තියෙන්නේ

අනේ මන්දා අම්මේ මම දන්න සීදේවියෙක් නම් නෑ

හරි හරි බලමුකෝ


ම්... ඒක නම් එච්චර ඇල්ලුවේ නෑ

මම යනවා ඉස්සරහට

මේ මොන මගුලක්ද යකෝ අපේ අම්මට වෙලා තියෙන්නේ

උදේ පාන්දරම මට වදේ ගහන්න ගත්තා
අම්මපා මේවට තමයි උදෙන්ම නැගිටලා ඉල්ලන් කනවා කියන්නේ

----------------

ම්.. කාගෙන්ද උදෙන්ම කෝල් එක

හෙලෝ උඹ කොහේද ඉන්නේ?


මම ගෙදර බං


වරෙන් එලියට අපි ඉස්සරහ ඉන්නේ


එල


-------


මොකද වෙන්නේ?


අපි නිකන් ආවේ බං මේ පැත්තේ


ඒක හොඳයි

දුමක් ගෙනාවද?

ආ බීල මැරියං


මේ ඒක නෙවෙයි

උඔලා අද එනවනේ යන්න?

නැතුව නැතුව ඉතින් අපි උඹේ අතිජාත මිත්‍රයෝ ටිකනේ


අපි නැතුව උඹට තනියට කවුරුත් නෑනේ


මේ රංගයෝ මම මේ කියන එක අහලා කලබල වෙන්න එපා

යශෝදරා මාර කතාවක් කිව්වනේ බං

ඇයි උඹව බඳින්න ඕනා කිව්වද?


නෑ යකෝ එහෙම කිව්වනම් හිත හදාගන්න තිබුනා

මේක ඊට හපන්

ඉතින් කියපන්කෝ අගේ නොකර


මේකයි සීන් එක

අද යශෝදරාගේ අම්මයි තාත්තයි එනවා

ඉතින්


ඉතින් කියන්නේ අද යශෝදරා මාව එයාලට අඳුන්වලා දෙයි වගේ


ඉතින් හොඳයිනේ


නොදකිං තොපි වගේ සාතන්ලා ටිකක්

මම මොනවද යකෝ කියන්නේ

අපි කොහොමද දන්නේ ඒක


අයියෝ එහෙම කියන්න එපා බං

මම අමාරුවේ වැටුනම උඹලා මාව දාලා යනවද?

මේ අහපං මම අත්දැකීමෙන් වගේ කියන්නේ

උඹ මුකුත් කියන්න යන්න එපා
උඹට නෙවේ වගේ අහන ඒවට උත්තර දීලා ඉඳපන් ශේප් එකේ

ඒක නම් හොඳයි තමයි


ඒකනේ වැඩියේ හිතන්න යන්න එපා

යන්තමට හිනාව දාගෙන ඉඳපන් මූන මූසල කරගන්නේ නැතිව

වැඩියේ කතා කරන්න යන්න එපා

මොකද ගොනා උනාට උම්බෑ කිව්වොත් තමා චාටර් වෙන්නේ

අනේ පල යන්න ගස් ගෙම්බා


මේ සිරාවටම කිව්වත් වගේ වැඩියේ කතා කරන්න යන්න එපා


ඒක ඇත්ත


හරි හරි තව මොනවා හරි උපදෙස් තියනවාද උඹලගේ?


නෑ නෑ තව කියන්න ගාස්තු අය කරනවා


යකෝ තොපිට ගෙවලා තියෙන්නේ සේරටම වැඩියෙනුත් එක්ක


හරි හරි දැනට ඔය ඇති 


ඔව් උඹ ප්‍රපෝසල් එකක් නෙවේනේ කතා කරන්න යන්නේ


ටිකක් පිළිවෙලට යමන් එච්චරයි


මොනා උනත් අපේ යාළුවෝ ටික නම් මරේ මරු

මුන් ටික හිටියොත් ලංකාවම අනිත් පැත්තට පෙරලන එකත් එච්චර අමාරු නෑ වගේ

හරි හරි දැන් යමු දවල්ට කාලා ලෑස්ති වෙලා වරෙල්ලා එහෙනම්


අපි යනවා එහෙනම් දවල්ට සෙට් වෙමු


-----------------


මම දවල්ට කාලා ලෑස්ති වෙලා බලද්දි අයන් එක කැඩිලානේ

අයියෝ සල්ලි

අම්මේ මේ අයන් එක කැඩිලා


ආ ඉන්න මම කියන්නම් තාත්තට


අනේ මේ තාත්තට කියලා මේක හදද්දි පෙරහැර ගිහිල්ලා


අනේ මන්දා ළමයෝ ඔයාලත් ගෙදර දේවල් බලලා කරන්නේ නෑනේ


අයියෝ අම්මෙ දැන් ගෙදර වැඩ කරන වෙලාව නෙවේනේ


මම දන්නෙ නෑ එහෙනම් ඕන දෙයක් කරගන්න


හුටාපටස් දැන් මොකද කරන්නේ

ම්.....

බලමු කල්පනා පාරක් දාලා


ආ යාළුවෙක්ට කිව්වොත් අයන් එකක් අරන් එයිනේ


ගන්න ඕන කෝල් එකක්


හෙලෝ


කියපං


මේ පොඩි උදව්වක් ඕන


කියපං බං 

මේ එද්දි අයන් එකක් අරන් වරෙන්කෝ


ඇයි මොකටද?


මගේ පස්ස පැත්ත මැද ගන්න

මේ ටිකේ යශෝදරාට දීලා සැහෙන අමාරුයි නේ

අනේ මේ පල යන්න ගස් ගෙම්බා


මේ යකෝ අපේ ගෙදර අයන් එක වැඩ කරන්නේ නෑ

එද්දි එකක් අරන් වරෙං

හරි හරි ගේන්නම්

නොදකිං බං උඹත් මටම කරදර කරනවානේ

අනේ රංගයෝ හොඳ එකා වගේ අරන් වරෙන්කෝ


හරි හරි ගේන්නම්


එලකිරි 

එහෙනම් ටිකක් වේලාසනින් වරෙන්

හා හා මම එන්නම්

නොදකිං තෝ වගේ වදකාරයෙක්

අඩේ එහෙම කියන්න එපා බං 

උඹ ඉතින් මගේ අතිජාත පජාති ජරාජාති කඩප්පුලි මිත්තරයානේ බං

අයියෝ මම අයන් දෙකක්ම ගේනනම් තියපං ෆෝන් එක

මට ඇඳගන්න පරක්කු වෙනවා යකෝ

ආ මේ ඒක නෙවේ


මොකද එදා පාර?


ඇඳ බරද දන්නේ නෑනේ?


නොදකිං තෝ නං


බීප් බීප් බීප් 

රංගයාට මල පැනලා කෝල් එක කට් කලා

අවුලක් නෑ ඉතින් යාළුවෝ සෙට් එකනේ

යකෝ මුන්ට නොකර කාට කරදර කරන්නද?

--------------

ඊලඟ කොටසට මෙතනින්


ඉස්සෙල්ලා කොටසට මෙතනින්

යශෝදරා 11

තේ එකකුත් බිව්වා

දැන් මොකද කරන්නේ 


යශෝට ගන්නවද නැද්ද?


ම් නිකන් බොරුවට වැඩක් නැතිව කතාවට යන්න හොඳත් නෑනේ

යශෝ නරක දෙයක් හිතුවොත් එහෙම

මට මේ තියන රෙස්පෙක්ට් එකත් නැතිව යයි


අනික අරගෙන කියන්න දේකුත් නෑනේ


ඔන්න ඔහේ පැත්තකට වෙලා ඉන්නවා ටීවී එකේ යන කාටුන් එකක් බලලා


-----------------


හවස එලියට බැස්සේ හෙට අඳින්න ඇඳුමක් ගන්න හිතාගෙන


ඒ උනාට මම දන්නේ නෑනේ ඇඳුම් තෝරගන්න

ඇත්තම කිව්වොත් ඒ පැත්තෙන් නම් මම මෙලෝ රහක් නෑ

මල්ලිත් පන්ති ගිහිල්ලා හින්දා ඇඳුම් ගන්න යන්න කෙනෙකුත් නෑ

පාටක්වත් තෝරගන්න දන්නේ නෑනේ
නොදකිං මම නම්

දැන් මොකද කරන්නේ.........


ම්... ගම්මු බලන්න යශෝට කෝල් එකක්


හෙලෝ නංගා වැඩකද ඉන්නේ?


ආ.. නෑ.. අයියේ ඇයි කතා කලේ?


මේ මට පොඩි උදව්වක් කරනවද?


ම්.. මොකක්ද අයියේ?


මේ මම පොඩ්ඩක් එලියට ආවා ඇඳුමක් ගන්න

ඒ උනාට මම ඇඳුම් තෝරන්න දන්නේ නෑනේ

ඕහ් දැන් මොකද කරන්නේ?


මොකද කරන්නේ කියන්න මම දන්නේ නෑ

අඩුම තරමේ පාටක්වත් කිව්වොත් මොකක් හරි ගන්න තිබුනා

ආ ඔයාට නම් ඕන පාටක් ගැලපෙයි


අනේ මන්දා

මට එහෙම කියන්න දන්නේ නෑනේ

මටත් හිතාගන්න බෑ


ම්.. ඔයාලගේ කොන්සට් ඉවෙන්ට් එකේ මොන පාටද වැඩියෙන්ම තියෙන්නේ


ම්.. ඒකේ නම් දම්පාට වගේ තමයි


ආ එහෙනම් ඒ පාට මොනවාහරි ගන්නම්


ෂර්ට් එකක් වගේ හොඳයි අයියට

ගොඩක් වැදගත් පාටයි

ම්... මමත් කල්පනා කලේ එහෙම තමයි


අපොයි ඔව් ටිකක් වැදගත් විදියට එන්න

අපේ අම්මයි තාත්තයි එනවා එදාට

අම්මෝ මම නම් එදාට එන්නේ නෑ ඔයත් එක්ක කතාවට


අපෝ චන්ඩියා දැන්ම බය වෙලාද?


මම බය වෙන්නේ මොකටද?

ඔයාට ගැටලුවක් උනොත් කියලා මම එහෙම කිව්වේ

නෑ නෑ එහෙම වෙන්නෙ නෑ

මම කොහොමත් ඔයා ගැන කියලා තියෙන්නේ

හපොයි දෙයියනේ


අනේ මේ ඒක අවුලක් කරගන්න එපා

මම කොහොමත් අපේ අම්මට හැමදේම කියනවා

හරි දැන් ඉතින් කමක් නෑ

මම මේ ෂර්ට් එක ගන්නවා
මට මේක ටිකක් හිතට ඇල්ලුවා

හරි එහෙනම් හෙට එන්න

පිළිවෙලට එන්න
යාළුවෝ ටික මොනවා කරයිද දන්නේ නැහැනේ?

ආ ඒක කියන්න අමතක උනානේ

මම කිව්වා අපේ යාළුවන්ට ඔයා ටිකට් අරන් දුන්නා කියලා

ඉතින්.


ඉතින් කියන්නේ අපේ සෙට් එකට හරි හැපි

කොන්වන්ට් එක අස්සට රිංගන්න හම්බ වෙනවනෙ

ඒ උනාට ඔයා එච්චර කැමති නෑනේ?


අනේ මන්දා 

අවුලක් නෑ ඉතිං
මට නම් එහෙම විශේෂයක් නෑ

ඒකනේ මම කිව්වේ ඔයා ගොඩක් වටින කෙනෙක් කියලා


අනේ මන්දා මට ඕවා තේරෙන්නේ නෑ නංගා

ඔයා දන්නවනේ මම හරිම සරල විදියට ජීවත් වෙන කෙනෙක්


දැන් අරන් ඉවරද ඇඳුම් 


ම්..


ලස්සනට එන්න


හා


ඔයා එනකල් මම බලාගෙන ඉන්නවා


තව ටිකෙන් අම්මත් එයි 

එයිට කලින් මම කිචන් එකට යන්න ඕන

මම හෙට එන්නම්


බුදුසරණයි අයියේ


බුදුසරණයි නංගා


-------


ගෙදර එද්දි ටිකක් රෑ උනා

ආව ගමන් නාලා සරමත් ඇඳගෙන කෑමත් කාලා නිදාගන්න ගියාට
අර නිදි දෙව්දුවද කව්ද ඉන්නේ මම හිතන්නේ එයා කොහේද ගිහිල්ලා වගේ
සෑහෙන වෙලාවක් යනකල් නින්ද ආවේම නෑ
එක එක විකාර මතක් වෙනවා

කොහොම හරි ඔට්ටු වෙලා හිත එකලස් කරගත්තම නම් නින්දගියා


----------------------------


ඊලඟ කොටසට මෙතනින්



ඉස්සෙල්ලා කොටසට මෙතනින්



Sunday, September 7, 2014

යශෝදරා 10

යශෝදරාට කතා කරලා පොඩ්ඩක් ඇල උනා විතරයි
තවත් කෝල් එකක්
නොදකිං අපේ සාතන්ලා ටික
අම්මපා මට මුං සැනසිල්ලේ ඉන්න දෙන්නේම නෑනේ

හෙලෝ 


කොහේද ඉන්නේ?


ගෙදර


කා එක්කද යකෝ එල්ලිලා හිටියේ මෙච්චර වෙලා?


මේ යාළුවෙක් කතා කලා බං


යාළුවෙක්?

ආ... දැන් උඹට අපි නොදන්න යාළුවොත් ඉන්නවද?

මේ බයිලා කියන්නේ නැතුව කියපන් කොහේද ඉන්නේ කියලා


අපි ඉන්නේ ඉස්සරහ වරෙන් එලියට


ඉඳපන් මම ඇවිත් විස්තරේ කියන්නම්


හපොයි මේ යශෝදරා කතා කරන වෙලාවට මුන් ටිකත් කතා කරලානේ

අවුලක් නෑ කියන්න දෙයක් තියන හින්දා
මොනා උනත් දැන් ඉතින් යන්න එපැයි

----------


මොකද වෙන්නේ


මොනා වෙන්නද

අපි ආවා මේ පැත්තේ

කා එක්කද එල්ලිලා හිටියේ?


ඒක කියන්න කලින් දුමක් ගනින්කෝ


ආ ගනිං


එල


මේකයි විස්තරේ

දැන් මේ ටිකකට කලින් යශෝදරා කතා කලා

කව්ද යශෝදරා?


ඇයි බං එදා ඇවිල්ලා ටිකට් එකක් දීලා ගියේ


ආ එයාද?


ඔව්


ඉතිං මොනාද කියන්නේ?


ඒකට කලින් උඹලා කියපල්ලකෝ කොන්සට් එකට එනවද කියලා?


උඹ ටිකට් අරන් දෙනවා නම් අපි එනවා


අනික ඉතින් උඹ අපේ යාළුවනේ


ඒක තමයි උඹ දෙයක් කිව්වොත් අපිට බෑ කියන්න බෑනේ


අනිවාරෙන්ම

එලකිරි

මම දන්නවා කොහොමත් උඹලා මගේ අතිජාත කාලකන්නි පාප මිත්තරයෝ ටික කියලා

අනේ පල යන්න


හරි හරි මේ

ඒක නෙවෙයි
මම පොඩ්ඩක් යශෝදරාට කිව්වා 
අපේ යාළුවොත් එන්න අහනවා කියලා

ඉතින්?


ඉතින් එයා කිව්වා යාළුවන්ටත් ටිකට් දෙන්නම් කියලා


අඩේ නියමයිනේ


ඒක තමයි යකෝ සලකපියව් මට

තොපිව කොන්සට් බලන්න එක්කන් යනවට

අනේ පල යන්න ගස් ගෙම්බා


අපි සෙට් එක මෙහෙන් පිටත් වෙමු


අපි 5දෙනාම යනවද?


ඔව් යකෝ ඔක්කොමල්ලා යනවා

මම යනවද එහෙම උඹලා නැතුව

හරි හරි 

ඒක හොඳයි

අපි මෙහෙට සෙට් වෙලා යං එහෙනම්


ඔව් ඒ අදහස හොඳයි

හෙටනේ කොන්සට් එක
ටිකක් පිළිවෙලට වරෙල්ලා

අනේ මේ පිස්සුද?


යකෝ යශෝදරාගේ යාළුවොත් ඉන්නවා

ඒකයි මේ තොපිට කියන්නේ
කොහේද ඉතින් කෙල්ලෙක් සෙට් කරලා දෙන්න ගියාම 
මාව කන්න එනවනේ

එපා නම් නිකන් ඉඳපියව්

මම යනවා තනියම
තොපි ඉඳපල්ලා

නෑ නෑ පිස්සුද බං


දැන් පිලිවෙලට කිව්වේ කොහොමද එන්න ඕනා?


ලොකු පිළිවෙලක් ඕන නෑ

ටයි කෝට් ගහන්න ඕන නෑ
සපත්තු දෙකක් දාලා 
ඩෙනිමක් ගහලා 
කොලර් එකක් තියන ටී ෂර්ට් එකක් දාගෙන වරෙල්ලා
ගොබ්බ පාටවල් නම් දාගෙන එන්න එපා

හරි එහෙම කරමු දැන් කීයටද ඔය කොන්සට් එක තියෙන්නේ?


කොහොමත් ඉතින්  3ට විතර පටන් ගන්නේ මට මතක හැටියට


හරි අපි 2 වෙද්දි ඉන්නම්


එලකිරි

එහෙනම් වරද්දන්න එපා

හරි අපි යනවා හෙට සෙට් වෙමු


හරි පරිස්සමින් යමල්ලා

මම කෝල් එකක් දෙන්නම්

එල

----------------------

හරි ඒකත් ඉවරයි


දැන් ආයේ යශෝදරාට කෝල් එකක් ගන්නත් හිතෙනවා

බලමු මොකද කරන්නේ කියලා
ඉස්සෙල්ලම ගිහින් තේ එකක් බීලා පොඩ්ඩක් සැනසිල්ලේ ඉන්න ඕනා


----------------------------

ඊලඟ කොටසට මෙතනින්



ඉස්සෙල්ලා කොටසට මෙතනින්




යශෝදරා 9

තව කෝල් එකක් 
ම්.. යශෝදරාගෙන්

හෙලෝ


හෙලෝ අයියේ

කොහොමද ඉතින්?

අවුලක් නෑ

ඔයාට කොහොමද?

හොඳයි අයියේ


වැඩකටද ගත්තේ?


නෑ මම විශේෂ වැඩකට නෙවේ කතා කලේ

අයියා වැඩකද ඉන්නේ?

නෑ නෑ

මම මේ කාලා ඉවර වෙලා 
ටිකක් පැත්තකට වෙලා හිටියා
දැන් නම් මොකුත් වැඩක් නෑ

එහෙනම් හොඳයි


ඒ මොකෝ


නෑ ඉතින් මට ටිකක් කතා කරන්න පුලුවන්නේ


ආ අවුලක් නෑ

ඔයාට ඕන දෙයක් කියන්න

අද නම් මට ගොඩක් සතුටුයි


ඒ මොකද?


අද අයියා ආවනේ අපේ ස්කූල් එකට


ඒකද හේතුව


නෑ තව තියනවා


ඒ මොනවද?


ඔයා දන්නවද අද අපේ ඉස්කෝලේ ප්‍රධාන මාතෘකාව තමයි ඔයා


හුටා මම මොකක් හරි බාල්දියක් පෙරලගෙනද දන්නෙත් නෑ

ඇහ් ඒ මොකෝ ඒ?

එහෙම තමයි

අපේ යාළුවෝ දෙන්නා නම් ඔයා ගැන ගොඩක් හොඳ කිව්වා

මොනවද අප්පේ මම ගැන කිව්වේ


අපෝ ඒවා වෙන දවසක කියන්නම්


අයියෝ ඉස්සෙල්ලා එහෙම කියලා දැන් මෙහෙම කිව්වම මට මෙලෝ රහක් නැතුව යනවනේ


හරි හරි මම කියන්නම්කෝ


මෙහෙමයි

ඔයා හොඳයිලු

ආ එච්චරද?


නෑ තව කිව්වා

ඔයා ගොඩක් ලස්සනයිලු

අයියෝ කොල්ලෝ ලස්සන නෑනේ

අර හැන්ඩ්සම් ද මොකක්ද කියලා නේ කියන්නේ

ඒක තමයි අනේ


වෙන මොනවද කියන්නේ?


තව එක එක ඒවා කිව්වා

මට මතකත් නෑ

අපොයි

අපරාදේ දන්නවානම් කියනවා ලියලා තියාගන්න කියලා

ඒක තමයි


ඉතින් ඔය කියන ඒවා ඇත්තද?


සමහර ඒවා ඇත්ත තමයි


මොනවද සමහර ඒවා


අනේ මගෙන් අහන්න එපා


නැත්තං ඉති කාගෙන්ද අහන්නේ


කාගෙන් හරි අහගන්න

මට ලැජ්ජයි ඔහොම අහද්දි

මේක යකෝ මාර ලැජ්ජාවක්නේ

අනේ මන්දා මේ කෙල්ලෝ නම්
ම්.. ඒකත් එහෙමද?

මේ ඒක නෙවේ මම ඔයාගේ යාළුවන්ටත් ටිකට් ගත්තා


ආ ඇයි ඒ


නෑ ඉතින් මම හින්දා ඔයාගේ යාළුවෝ තරහා කරගන්න ඕනා නෑනේ

අනික ඔයා ආවේ නැත්තම් මට ගොඩක් දුක හිතෙයි
වැඩ දෙකම වෙන්න එපැයි

අපරාදෙනෙ සල්ලි


ඔයා ඒක ගැන හිතන්න එපා අයියේ

මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි

අනේ මන්දා


කොහොම උනත් ඔයා නම් අනිවාරෙන්ම එන්න ඕනා


හරි හරි මම එනවා

මෙච්චර කරලත් මම ආවේ නැත්නම් ඔයා පව්නේ

ඇති යන්තම් මම ගැනත් ටිකක් හිතනවා


නැතුව බෑනේ

මොනවා උනත් ඔයා මගේ හොඳ කස්ටමර් කෙනෙක් නේ

කස්ටමර් විතරද?


නෑ ඉතින් ඔයා මගේ හොඳ යාළුවෙකුත් වෙනවනේ


එහෙනම් කමක් නෑ


ඇත්තටම අයියා වගේ කෙනෙක් හම්බවෙන්න නම් පින් කරලා තියෙන්න ඕනා


ඒ මොකද ඒ?


මට ඒක කියන්න තේරෙන්නේ නෑ

දවසක අයියටම තේරුම් යයි මම කියපු දේ

අනේ මන්දා නංගා මට නම් ඕවා මෙලෝ රහක් නෑ

මම ඉතින් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එකානේ

අනේ ඔයාගේ වටිනාකම ඔයා දන්නේ නෑනේ


බලාගෙන ඕක ඇහුනොත් මාව හොරු ගෙනියයි


ඒකත් ඇත්ත 


ගෙනියලා දවස් දෙක තුනකින් ආයේ ගෙනත් දෙයි අපේ ගෙදරටම

අම්මෝ මේකාව නම් එපා ඕන නම් අපි කීයක් හරි දෙන්නම් කියලා

අනේ අනේ ඔයා නම්

යශෝදරා හිනා වෙනවා ඇහුවමයි මෙහෙම

තව මට අයියගෙන් දෙයක් දැනගන්න ඕනා ඒක මම පස්සේ අහන්නම්


ඉතින් දැන් අහන්නකෝ


නෑ නෑ මම වෙන වෙලාවක අහන්නම්


හා හා ඕන එකක්

හැබැයි ඉතින් මගෙන් අහන්න ඕන ඒවා
වෙන වෙන අයගෙන් අහන්න එපා

හී හී අපෝ නෑ

මම ඔයාගෙන්ම අහන්නම්
එහෙනම් මම තියන්නම්

හොඳයි නංගා

තෑන්ක්ස් ගොඩක් 
මාව බේරුවට

අපෝ ඕක මොකක්ද

එහෙනම් අයියේ බුදු සරණයි
මම තියනවා ෆෝන් එක

බුදුසරණයි නංගා



අප්පේ ඇති යන්තම් ඒ නඩුවත් ඉවරයි

අර මොකක්ද දන්නේ නෑ එයාට අහන්න තියනවා කිව්වේ
මෙලහකට මොකක් හරි විකාරයක් වෙන්න ඇති
දැක්කනේ ඉතින් මොනව හරි ඇහුවම ලැජ්ජයිලු
පුදුම කෙල්ලෙක් තමයි
අනික ඉතින් මමත් කෙල්ලො එක්ක යාළුවෙලාම නෑනේ
ඒක හින්දා ඔය මගුල් මට නම් මෙලෝ රහක් නෑ
මොනවා උනත් හොඳ කෙල්ලෙක් වෙන්න ඕනා
නැත්නම් මාව යාළුවන්ගෙන් බේරගන්නේ නෑනේ

ආ දැන්නේ මතක් උනේ දැන් කොහොමද අපේ උන්ට මේක කියන්නේ

මම ටිකට් ගත්තා කියනවද නැත්තං
යශෝදරා අරන් දුන්නා කියනවද
බොරු කියන්න ඕනා නෑනේ
ඇත්තම කියනවා සෙට් එකට

--------------------------------

ඊලඟ කොටසට මෙතනින්



ඉස්සෙල්ලා කොටසට මෙතනින්