Pages

Wednesday, September 3, 2014

යශෝදරා 6

මම ගෙදර ඇවිත් දවල්ට කාලා 
ඇඳට වැටුනා පොඩ්ඩක් ඇල වෙලා
කල්පනා කරන්න මොකද වෙන්න යන්නේ කියලා

මම ඉස්සරහට නොගියොත් යශෝදරා අවුල් යයි

ඒ වගේම යාළුවෝ සෙට් එක අවුල් නැතුව යයි

මම ඉස්සරහට ගියොත් යාළුවෝ අවුල් වෙයි

යශෝදරා අවුල් නැතිව යයි

මොකද මේකට කරන්නේ

මාර නඩුවක් නේ වැටුනේ

කොහොම හරි මේ වැඩ දෙකම කෙරෙන්නත් ඕනා


යශෝදරා හින්දා යාළුවෝ නැති කරගන්නත් බෑ


මොනා උනත් එක පතේ කාපු උන්ව අහක දාන්නත් බෑනේ


අනේ මන්දා දෙයිහාමුදුරුවන්ගේ පිහිටෙන් මොනවා හරි හොඳ දෙයක් වෙයිනේ


කොහොම උනත් මීටරේ පාවිච්චි කලොත් මොනා හරි ගැටයක් ගහගන්න පුළුවන් වෙයි


පුතේ..........


ඕහ් ඇයි අම්මේ


මෙහේ එන්න ටිකක්


ආ විනාඩියක් දෙන්න මම එනවා


---------------


මේ සිස්ටර් කෙනෙක් ඇවිල්ලා ඉන්නවා මොකක්ද වැඩකට


ආ ඉන්න මම බලන්නම්




ආ ඇයි සිස්ටර්?


ඔයාද පුතා මේකේ රෙකෝඩින් වල ඉන්නේ


ඔව් සිස්ටර්

මොකක්ද වෙන්න ඕනා

මේකයි අපේ කොන්සට් එකක් තියනවා

ඒකේ සවුන්ඩ් සෙටප් එක එන්නේ සිකුරාදට
අපිට මේ ටිකේ රිහසල් කරන්න ගියාම ඒක ටිකක් හරියට වැඩ කරන්නේ නෑ වගේ
ඔයාට පුළුවන්ද ඇවිල්ලා බලලා දෙන්න?

වැඩේ හදිස්සි එකක්ද නැත්නම් හෙට ආවම ඇතිද?


හෙට උදේ කරලා දෙන්න පුළුවන් නම් හෙට ආවම ඇති

හැබැයි මට හිතෙනවා ඔයාට අද ඇවිල්ලා බැලුවා නම් හොඳයි කියලා
එතකොට ලොකු අවුලක් නම් අපිට වෙලාව තියනවානේ
මේක හදාගන්න
පුතා වැඩකද හිටියේ?

මම නම් පොඩි වැඩක හිටියේ

එක පාරට හා කියන්න හොඳ නෑනේ

කමක් නෑ සිස්ටර් 

ඉස්කෝලෙට උදව්වක් ඉල්ලුවොත් ඉතින් මට බෑ කියන්න බෑනේ

හීනියට වගේ නරියෙකුත් නෑව්වා


ඉන්න ටිකක් මම ඒ වැඩේ ඉවර කරලා එන්නම් 


හා කොච්චර වෙලා යයිද.?


අපෝ වැඩි වෙලා යන්නේ නෑ විනාඩි 10ක් විතර යයි


ආ එහෙනම් මම ඉන්නම් ඔයා එනකම්

ඔයාට මගේ කාර් එකේම ගිහින් එන්න පුළුවන්

සිස්ටර් මාව ගෙනත් ඇරලවනවා නේද?


අපොයි ඔව්


එහෙනම් මම අර වැඩේ ඉවර කරලා එන්නම්


හා හොඳයි පුතා


------------


අපි යමුද එහෙනම්?


හා සිස්ටර්


නගින්කෝ කාර් එකට

ඩ්‍රයිවර් අපි යමු ඉස්කෝලෙට

පුතා අපේ ඉස්කෝලේ ගොඩක් සින්දු හදනවා නේද?


ඔව් සිස්ටර්

කොන්වන්ට් එකෙන් ගොඩක් වැඩ එනවා මට

ආ ඒක තමයි

මට ආරංචියි
ඔයා ගැන කතා වෙනවා අපේ ළමයි

හපොයි මොන කියවනවද දන්නේ නෑ මේ කෙල්ලෝ මම ගැන

ආ ඇත්තද සිස්ටර්?
මම නම් එහෙම කියන්න දන්නේ නෑ

මෙන්න බොලේ සිස්ටර් ටිකක් අමුතු හිනාවක් දැම්මා

මට නම් ඒක එච්චර ඇල්ලුවේ නෑ
මට වැඩක් නෑනේ එයාගේ හිනාව
කොහොම උනත් ඉස්කෝලෙට යනකල්ම මුකුත් කතා නොවුන එක නම් හොඳයි
මේ සිස්ටර්ට නම් ඕනා නැති මගුලක් නෑ
නොදකිං දැන් ඉති වව්ලගේ ගෙදර ආවා නම් එල්ලිලා ඉඳපන්කෝ
මදෑ මටත් කට තියන් ඉන්න බැරුවට හා කිව්වනේ


හරි අපි යමු හෝල් එකට

මේ පැත්තෙන් එන්න

ඔයා මෙයිට කලින් මෙහෙට ඇවිල්ලා තියනවා නේද?


එක පාරක් ආවා මොනවට හරි 

මට හරියටම මතක නෑ 
මොනවටද ආවේ කියලා
මම හිමීට ලිස්සලා ගියා නැත්තං 
තවත් මොනා අහයිද දන්නේ නෑනේ

හරි ඒක පස්සේ මතක් කරමු

දැන් බලන්නකෝ මේකේ මොකද වෙලා තියෙන්නේ කියලා

මමත් ඉතිං ටිකක් බොරුවට වගේ වැඩේ අතගාන ගමන් බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා

පේන හැටියට නං මේකේ ලොකු කේස් එකක් නෑ වගේ
ඒ උනාට මට එයිට පස්සේ ආපු කැත අදහස නිකං හොඳයි වගේ කියලා හිතුන හින්දා පොඩි ගැටයක් ගහන්න හිතුනා
ඉඳපංකො දෙන්නම් ජම්බු

සිස්ටර් මේකේ ලොකු අවුලක් නම් නෑ

මට මේක හරියටම චෙක් කරගන්න මල්ටි මීටර් එකක් ඕනා මම හෙට ඒකත් අරන් එන්නම්
අපි දැන් යමු

හෙට වැඩේ කරගන් පුලුවන් වෙයිද?


අපෝ පුළුවන් වැඩිම උනොත් පැය දෙකක් යයි මේකට

මම පොඩ්ඩක් අතිනුත් දාලා කිව්වා

ආ එහෙනම් කමක් නෑ 

මොනවා උනත් හෙට උදේ වරුවේ මේක ඉවර වෙන්න ඕනා

අපෝ කිසිම දේකට බය වෙන්න එපා මම මේක කරලා දෙන්නම්


හරි අපි යමු එහෙනම්


හොඳයි සිස්ටර්

------------------


හරි එහෙනම් මාව මෙතනින් දාන්න


ආ අම්මට කියන්න ඕනා නැද්ද 

පුතාව ඇරලුවා කියලා

අපෝ නෑ සිස්ටර් 

මම ගෑණු ළමයෙක් නෙවෙයිනේ

අනේ අනේ මේ කොල්ලගේ කට නම්

හරි හරි මම හෙට කීයටද එන්න ඕනා?

මම සිස්ටර්ට කෝල් එකක් දෙන්නම්

සිස්ටර්ගේ නොම්මරේ දෙන්නකෝ

ආ මෙන්න


හරි මම කෝල් එකක් දෙන්නම්


එහෙනම් තෑන්ක්ස් පුතාට


ආ ඕවා මොනාද සිස්ටර්


අම්මේ යාන්තං ඒකත් හරි

දැන් ඉතිං හෙට වෙනකල් තමයි නින්ද යන්නේ නැත්තේ

--------------------

ඊලඟ කොටසට මෙතනින්

ඉස්සෙල්ලා කොටසට මෙතනින්





No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා