Pages

Thursday, October 2, 2014

යශෝදරා 19

යාළුවෝ ටික ගියාට පස්සේ මම ඇතුලට ආවා
අද වෙච්ච දේවල් වල අගක් මුලක් හිතාගන්න බැරුව
අතරමං වෙලා වගේ දැනෙනවා

ඉක්මනට නාලා සරමට බැස්සේ අම්මා දකින්න කලින්
මොකද මගෙ මූන දැක්කොත් එහෙම
අනිවාරෙන්ම නඩුවක් ෆයිල් වෙනවා
මොකද මම ගේට්ටුවෙන් ඇතුලට එන්න හදද්දි
දොර ගාව ඉඳන් කියයි මම බෝතල් කීයක් බීලද කියලා
මොකද ඒ මගේ අම්මනේ
මම හැරෙද්දි දන්නවා මොකාටද එන්න යන්නේ කියලා
 ඒක හින්දා මම හිමීට ශේප් එකේ ඇඳට ආවා

යශෝදරාට කෝල් එකක් ගන්නවද නැද්ද
අනේ මගෙත් මොලේ සර්කිට් වෙලා
යකඩෝ අර තෑග්ග ඇරලා බැලුවෙත් නෑ නේද?

මොනවද දන්නේ නෑ දීලා තියෙන්නේ
ඇරලම බලමු

ආ පුතේ ඔයා මොකද කරන්නේ?

හුටා අම්මා
මොකුත් නෑ අම්මේ

මොකද කරන්නේ ඔතනට වෙලා?

ආ මම මේ විශේෂ දෙයක් නෙවේ කර කර හිටියේ

මොකක්ද ඔය?
කාගෙන්ද හම්බඋනේ?

මේ යාළුවෙක්ගෙන්

ම්.. 
කාගෙන්ද
අර ළමයද දුන්නේ

අම්මපා අපේ අම්මට නම් දිවැස් තියනවද කොහෙද

කව්ද අම්මේ?

අර එදා ටිකට් එකක් දෙන්න ආවේ

ආ ඔව් එයාගෙන් තමයි

මට හිතුනා

හපොයි දෙයියනේ අම්මත් කඩාපාත් උනානේ මෙතනට මේ වෙලාවෙම

බලන්න මොනවද දීලා තියෙන්නේ කියලා අපේ කොල්ලට

නොදකිං දැන් ඉතින් මේකේ අප්සෙට් මොනවා හරි තිබුනොත් බඩේ බත් ටික වගේ දිරවන්න තමයි ඉතුරු වෙලා තියෙන්නේ

මම හීමීට කවරේ ගැලෙව්වා

මගෙ අම්මෝ දෙයියෝ මාව ගැලෙව්වා

ආ ලස්සන පෑනක් නේද?
හොඳයි හොඳයි
කොල්ලට ලියුමක් වත් ලියන්න බැරියැ

අනේ අම්මේ මේ මගේ යකා අවුස්ස ගන්නේ නැතුව ඉන්නවද ?

මට මොන ලියුම්ද?

ඔව් ඉතින් දැන් උඹලට ෆෝන් තියනවනේ ඔක්කොම කරගන්න


ඒකනේ දැන් ඉතින් මේ පෑන අල්ලන් මාව කන්නේ නැතුව මෙතනින් යනවද ඔයා


අනේ මට මොකටද එක එක විකාර පෑන්


හරි හරි දැන් යන්නකෝ මට වද නොදී



කෑම බෙදලා තියෙන්නේ 

නිදාගන්න කලින් කාලා ඉන්න

මම යනවා

ඇති යන්තම් 
හපෝයි අපේ අම්මත් කොහොම එනවද මන්දා වෙලාවටම

හොඳ වෙලාවට මේක පෑනක් උනේ

වෙන මොකක් හරි මගුලක් තිබුනානම් සායම ඉවරයිනේ

අඩේ දැන්නේ දැක්කේ මේක පාකර් පෑනක්


Fountain Pen, Parker Duofold International

මගෙ අම්මෝ මේක ගොඩක් වටින එකක්නේ

අපේ අම්මට මේක නිකම්ම නිකං පෑනක් විතරයිනේ

ඒක හින්දා එච්චර ගානක් උනේ නෑ

ජංජාලේ පීරලා බලමුකෝ මේක කොච්චර වටිනවද කියලා

අම්මෝ මගේ ඇස් දෙක කට ඇතුලට වැටුනා වගේ ගාන දැක්කම

යකෝ මේක බර ගානක්නේ E-bay එකේ විතරක් මේක ඩොලර් 450ක් වෙනවා
ඒ කියන්නේ මේක ඩියුටි ෆ්‍රී ගත්තත් අඩුම ඩොලර් 200ක් වත් වෙන්න ඕනා

මට මේ වගේ තෑග්ගක් දෙන්න මේ මිනිස්සුන්ට මොන සල්ලියක් ඇද්ද
අනික මේ වගේ පොඩි දෙයකට මේ විදියට වියදම් කරන්න

යශෝදරාගේ තාත්තා මොනවා කරන කෙනෙක්ද දන්නේ නෑ
මොනවා උනත් බර සල්ලි තියන කෙනෙක් වෙන්න ඕනා

අනික දේශපාලනේ කරන කෙනෙක් උනොත් එහෙම 
තවත් ප්‍රශ්නේ බරපතල වෙනවා


මදැයි මමත් මෙච්චර කාලයක්
කෙල්ලෙක් දිහා හැරිලාවත් බලන්නේ නැතුව හිටියේ
 ඉඳලා ඉඳලා කෙල්ලෙක් ගැන හිතුවා විතරයි
ඒකත් මාර නඩුවක්උනානේ

මොනවා උනත් මේකේ තේරුම නම්
මට මේ වැඩේ ගොඩක් අමාරු වෙනවා කියන එක
ඒකේ දෙකක් නෑ

ඒ උනාට අතාරින්න හිතෙන්නේ නෑ
ඒ ඇස් මතක් වෙද්දි හිතට දැනෙන දේ
වචනෙන් කියාගන්න බෑ
හරියට ගොඩක් කාලයක් තිස්සේ දන්නවා වගේ

ඒ උනාට යශෝදරගෛ් අම්මයි තාත්තයි පිළිගනියිද
මම එයාලගේ සල්ලි පස්සේ නෙවේ එන්නේ කියන එක

අනේ දෙවියනේ මට නම් කිසිම දෙයක් හිතාගන්න බෑ
මාව අතරමං ‍වෙලා වගේ


යශෝදරා දවල් හීනයක් විතරක් වෙයිද?


-----------------------------------------------

ඊලඟ කොටසට මෙතනින්


ඉස්සෙල්ලා කොටසට මෙතනින්





No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා