Pages

Wednesday, October 1, 2014

යශෝදරා 18


දැන් උඹ යශෝදරාට කැමතිද?

මගෙ ඉතින් අකමැත්තක් නෑ
මොකද කෙල්ලත් ලස්සනයිනෙ

ආ ඇත්තට? උඹ අපිට කිව්වේ යාළුවෙක් කියලානේ

ඉතින් යාළුවෝ තමයි බං
මොකද ලව් කරන්න ගියොත් ගෙදරින් නඩුනේ

මට හිතුනා මූ පැනියා වගේ කෝල් කරද්දි ඒකිට


අනේ මේ මම පැණි හලන්න ගියේ නෑ යශෝදරාට

අනික උඹ දැනගනිං මම පැණි හලපු නැති හින්දා තමයි
යශෝදරාගේ අම්මා මට ලකුනු දුන්නේ

ඔව් උඹ කිව්වේ උඹ කෝල් කරපු ඒවත් අහගෙන හිටියා කියලා

පැණි හැලුවනම් ලොවෙත් උඹට කැමති වෙන්නේ නෑ

කොහොම හරි උඹ අපිටත් කොලේ වැහුවනේ


මේ තොපි මගුලක් කියනවා
තවම යශෝදරාගේ කැමැත්ත ඇහුවේ නෑනේ

මොනා අහන්නද ඒකි කැමතියි

ආ ඇත්තද? උඹ නිකං ඒකිගෙන් ඇහුවා වගේනේ කියන්නේ

මේ උඹ හිතුවද අපි රට හාවෝ කියලා

මට දැනුයි තේරෙන්නේ එච්චර ලස්සන කෙල්ලෙක්ට

කොල්ලෙක් නැතුව ගියේ කොහොමද කියලා

කොහොමද?

යශෝදරාට පට්ට ගාඩ් එකක් දෙන්නේ බං ගෙදරින්
ඒකයි එහෙම වෙන්නේ

ම්.. 

කෙටියෙන්ම කිව්වොත්
කොල්ලෙක්ට හිතන්නවත් බෑ ඒකිට ලං වෙන්න

හැබැයි පුතෝ උඹට නං පාරක් ඇරිලා තියෙන්නේ

ඒක හරි
ඒ උනාට බං තව පොඩි නඩුවකුත් තියනවා නේද හිතන්න

ඒ මොකක්ද?


සේරම කට්ට කාලා අන්තිමට

මුකුත්ම නැතුව ගියොත් මොකද වෙන්නේ?

ඇයි උඹ එහෙම කියන්නේ?


මේ බලපං ඒ මිනිස්සු ගොඩක් සල්ලි තියන අය

අපි නිකංම නිකමෝ

ඔව් උඹව කඩේ යවලා

වෙන එකෙක්ට කෙල්ලව දුන්නොත් මොකද කරන්නේ?

උඹ කියන දේ මම දන්නවා
අන්තිමට ගඟට ඉණි කැපුවා උනොත්?

ඒකත් නම් එහෙම තමයි 

ඒක ඇත්ත 

හැබැයි ඉතින්  උඹට බැරිත් නෑ

මොකද "වෙන්ඩ නැන්දම්මා" කියපු හැටියට උඹට අකමැති නෑ

ඒ උනාට යශෝදරාගේ තාත්තගේ හිත ගන්න වෙනවා

ඒක හරි


ඒක කොහොමද කරන්නේ?


ඒක ප්‍රශ්නයක් තමයි


මගෙන් ඇහුවනේ ජොබ් එකක් කරන්න කැමතිද කියලා?


ඔව් ඒ යශෝදරාගේ තාත්තට ලං කරන්න වෙන්නත් පුලුවන් නැත්තං සේවකයට ගන්න වෙන්නත් පුලුවන්


ඒ දෙකම තියනවා


මම හිතන්නේ සේවකයට ගන්න නෙවෙයි

එහෙම උනානම් එයාගේ කැමැත්ත දෙන්නේ නෑ ආශ්‍රයට

ඒ උනාට "වෙන්ඩ මාමණ්ඩි"

උඹට කොහොම සලකයිද දන්නේ නෑනේ

ඒක හරි


ගොඩක් හිතන්න දේවල් තියනවා බං


අපිට නොතේරුනාට මේක හරි අමුතු සෙල්ලමක්


කොහොම උනත් උඹට යශෝදරාගෙන් උදව් ගන්න පුළුවන්නේ


ඒ මොනවටද?


ඇයි යකෝ තමුන්ගේ තාත්තා කැමති අකමැති දේවල්

යශෝදරා දන්නේ නැත්තං උඹද දන්නේ?

ම්... ඒකත් අවුලක් නෑ
අපිට එහෙම සපෝට් එකකකුත් තියනවානේ
හැබැයි ඉතින් ඒ යශෝදරා කැමති උනොත් විතරනේ මට

අයියෝ බං වැඩියේ හිතන්න එපා 


ඒකි උඹට කැමති නැත්තං 

ඇයි අම්මට උඹව පෙන්නන්නේ

ඒකිට තිබුනනේ උඹෙන් වැඩේ කරගෙන සද්ද නැතුව ඉන්න


ඒකත් හරි තමයි



මේ අපි පස්සේ මේ ගැන කතා කරමු 

අපි දැන් යමු 

හෙට සෙට් වෙමු
රෑ වේගෙන එන්නේ

ඒක හොඳයි 

මටත් මහන්සියි
හෙට කෝල් එකක් දීපල්ලා

අපිට පාටියක් ඕනා

යාළු උනාම දෙන්නං බං

හරි හරි අපි යනවා එහෙනම්

-----------------------

ඊලඟ කොටසට මෙතනින්


ඉස්සෙල්ලා කොටසට මෙතනින්

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා