Pages

Saturday, October 4, 2014

යශෝදරා 22


ආහ් අයියේ අම්මා එනවා වගේ
මම පස්සේ ගන්නම්
නැත්තං බලයි මොකද කියලා

අයියෝ සල්ලි ඉතින් අරක අහන්නකෝ


බෑ බෑ දැන් බෑ ඒක නිවාඩුව අහන්න ඕන එකක්

මම තියනවා බුදු සරණයි


යශෝදරා කෝල් එක කට් කලා


නොදකිං විතරක්

මදැයි මට වෙච්ච දේ
ඕන නං ආයේ ගන්නත් චාන්ස් එකක් තියනවා
ඒ උනාට අර අහනවා කියපු එක අම්ම ඉද්දි අහන්නෙ නෑනේ
 

 හැබැටම මොනවද දන්නේ නෑ ඔච්චර අහන්න තියෙන්නේ

දැන් ඉතිං හත්ඉලව්වට ගහපු කලාබරේ වගේ
කාලා නිදාගන්න තමයි තියෙන්නේ




මම යනවා දොයියන්න



------------------
අප්පේ කාගෙන්ද මේ කෝල් එකක්
කව්ද යකෝ මේ පාන්දර කංකානම් වෙන්නේ
හෙලෝ


ආ මචං

උඹ නිදාගෙනද හිටියේ 

නෑ මම මේ උඹ කෝල් කරනකං ඇහැරං හිටියේ මෙච්චර වෙලා
නොදකිං තෝ නං
යකෝ මේ පාන්දර කෝල් කරන වෙලාවක් ද?
මනුස්සයෝ නිදාගන්නේ නැද්ද?

මේ අහපංකෝ අපි පොඩ්ඩක් සෙට් වෙන්න කියලා බැලුවේ

යකෝ තොපිට පිස්සු ද?
මේ ගිනි පාන්දර

ඔව් බං අපි මේ මල ගෙදරක ආවා
උඹත් නැතුව පාළුයි වගේ

ඉතිං යකෝ මාව ඇහැරෙව්වේ
නිදාගන්න දීපල්ලකෝ

අඩේ එහෙම කියන්න එපා බං
අපේ සෙට් එකම ඉන්නවා
උඹ විතරයි මදි
ඉතිං අපි උඹව එක්කගෙන යන්න ආවා

අනේ මේ උඹලා පලයල්ලා මට නං බෑ

උඹ දැන් ආවේ නැත්තං අපි තරහයි

නොදකිං තොපි නං

ඉඳපල්ලා එලියට එන්න පුළුවන්ද කියලා බලන්න

ඉක්මනට වරෙන්


පිස්සුද යකෝ ගෙදරින් දැනගත්තොත් මාව එල්ලයි


ඒ හින්දා සද්ද නොකර එන්න ඕන

හරි හරි කොහොම හරි වරෙන්

ඉඳපං මම එන්නම්

මොනා කරන්නද ඉතින් බඩේ බොක්කේ තියන්

ආස්සරේ කරන උන් නේ
ඇඳන් හිටපු සරම ගලවලා කලිසම් කොටයක් දාගෙන බැනියමකුත් දාගෙන බොහොම අමාරුවෙන් ජනේලෙන් බඩගාලා
කොහොම හරි එහා පැත්තේ ගෙදර වතුර ටැංකියට අඩිය තියලා ශේප් එකේ තාප්පෙට ගොඩවෙලා
බිමට බැස්සා
අවුලක්ම නෑ ගෙදර කස්ටිය සද්ද බද්ද නැතිව නිදි


නොදකිං තොපි නං

අඩෝ මේ මට කියන්න එපා කෝටුවා තමයි මාව එක්ක ගත්තේ

මේ මේ මම නෙවෙයි කොටා තමයි මාව ඇදලා ගත්තේ

දැන් එතකොට කවුද සාතං උනේ

මේ මට කතා කලේ ඇටකිච්චා

මට කතා කලේ රංගයා

නොදකි බං උඹලා නං 
දැන් මොකද කරන්න යන්නේ

අපි පොඩ්ඩක් ඇඟ රත් කරගන්න කියලා

අනේ මන්දා බං මට නං තේරෙන්නේ නෑ
උඹලා මේ මොනවද කරන්නේ කියලා

කමක් නෑ ඉතින් දැන් එලියට ආපු එකේ මොනා හරි කරමු

නැත්තං උඹලා පව්නේ

අනේ මේ උඹට බලෙන් පොවන්න ආවේ නෑ

එහෙනම් මගුලටද යකෝ මාව නැගිට්ටෙව්වේ?

ආතල් එකටනේ

අයියෝ බං තොපි නං සාතංලා ටිකක්
ඒකට කමත් නෑ දැන් බොන්න ඕන
තොපි මාව ඇහැරෙව්වා නං සත්සරණියෙන් හරි අරන් වරෙව්

හරි හරි කලබල වෙන්න එපා
අපි ගෙනාව බඩු

අන්න එහෙම වරෙල්ලා

කොහේටද යන්නේ බොන්න

මෙහේ බොමු

අනේ මේ මොලේ උන හැදිලද උඹලට
දවල් වෙලාවක අවුලක් නෑ
රෑ මෙතන බොන්න ගත්තොත් වෙන දේ මම දන්නවා

ඇයි මොකද වෙන්නේ?

මොකද වෙන්නේ
තොපි ටිකට වෙරි උනාම ඉතින් කට වහගෙන ඉන්නේ නෑනේ
මෙතන කෑ ගහන්න ගත්තම ගෙදර මිනිස්සුත් නැගිටියි
ගෙදර පාස්පෝට් එකේ වීසා වලට
රතු සීල් ගස්සන්නේ නැතිව ඉඳපියව්

ඒකත් ඇත්ත තමයි
එහෙනම් අපි කොහේ හරි යං

කොහේටද යන්නේ?

අනේ මන්දා

ඉස්සෙල්ලා මෙතනින් වාෂ්ප වෙමු
ඊට පස්සේ කල්පනා කරමු කොහෙද යන්නේ කියලා

හරි එහෙනම් යමල්ලා


--------------------------------


ඊලඟ කොටසට මෙතනින්




ඉස්සෙල්ලා කොටසට මෙතනින්

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා