Pages

Sunday, August 31, 2014

යශෝදරා 5

---------------------------------------------------

යශෝදරා යනවත් එක්කම වට උනේ යාළුවෝ සෙට් එක

නොදකිං මුං ටික 
දැන් කයි මගේ කන

ආ එහෙනම් මේකයි සීන් එක නේද ඊයේ ෆෝන් එක බිසී වෙලා තිබුනේ

හරියටම හරි කොටා පටන් ගත්තා

මොකක්ද සීන් එක?

මම නිකන් මට නෙවේ වගේ ඉන්න උත්සාහ කරනවා
ඒ උනාට ටිකක් අමාරුයි වගේ

දැන් අපි එතකොට හාවෝ

රංගයත් කට දැම්මා

අනේ මේ පල යන්න ගස් ගෙම්බා

මට මොන සීන්ද?

ඊයේ කිව්වලු අනිවාරෙන්ම එනවා කියලා


ඔව් බලපල්ලකෝ කොහොමද ඒක කියලා


ඔව් අපිට කිව්වෙත් නෑ මූ


මෙච්චර එකට ඉන්න අපිටත් කොලේ වහනවානේ


මේ මොන මගුලක්ද යකෝ ?

මගෙ කස්ටමර්ලා කතා කරන කරන සැරේට තොපිට රිපෝට් කරන්න ඕනද මම?

කස්ටමර්ලා ටිකට් දෙන්න එනවා දැකලා නෑනේ අපි මෙයිට කලින්


ඒ උනාට මේක නම් වෙනස් කතන්දරයක්


ඒක තමයි


දැන් මොකක්ද කතන්දරේ?


කතන්දරේ මොකක්ද කියලා තමයි අපිත් අහන්නේ


දැන් මොකක්ද උඹෙයි ඒ කෙල්ලගෙයි සීන් එක


මොන සීන් එකක්වත් නෑ බං

පිස්සුද උඹලට?

අනේ මේ පල යන්න ගං කබරයා

උඹ එනවනේ අපිට සුදුළූණු පොඩි කරන්න

මුන්ට නම් මෙහෙම කියලා බේරෙන්න හම්බ වෙන්නේ නෑ වගේ

හපොයි දෙයියනේ අද මුං මාව කාලා සෝඩා බොයි වගේ

අඩෝ සිරාවටම මගෙයි ඒ කෙල්ලගෙයි අතර සම්බන්ධයක් නෑ උඹලා හිතන විදියෙ


එහෙනම් මොන විදියේ සම්බන්ධයක්ද තියෙන්නේ?


එහෙම මුකුත් නෑ බං

දවසක් දෙකක් කතා කලා වැඩ වලට
ඉතින් මේ......

මොනවද ඉතින් මේ.... ?


හිටපල්ලකො කියනකං 

කොහේද තොපිට ඉවසිල්ලක් නෑනේ
ඔක්කොම කියන්නං 

අපි යංකෝ එලියට 

දැන් මේ මගුල් මෙතන කතා කරන්න බෑනේ

අම්මා ආවොත් තව නඩුවක්

ඔක්කොටම කලින් තොපි මාව චාටර් කරයි වගේ අම්මට

හා යමංකෝ එලියට


ඒක තමයි 

දුමක් දාන ගමන් ආතල් එකේ කතා කරමුකෝ

යමල්ලා ඉතින් තවත් මෙතන ටැක් ගැහෙන්නේ නැතිව


------------------------------


දැන් කියපන්කෝ විස්තරේ


ඉස්සෙල්ලා දුමක් දීපං 


ආ ගනිං සාතං


එල


මේකයි උනේ


මම අර කෙල්ලට කරලා දීපු වැඩේ හොඳට වෙලා


වෙලා කියන්නේ ඉබේම වෙලාද?


නෑ යකෝ ඒක ඒ වැඩේට හරියටම හරිගිහිල්ලා


ඉතින්?


ඉතින් කියන්නේ

ඒක හින්දා ඒ කෙල්ල ඊයේ කතා කරලා මට තෑන්ක් කලා
තව ඉස්කෝලෙ විස්තර වගේකුත් කිව්වා

එච්චරද කිව්වේ?


නෑ මට තව එන්නත් කිව්වා කොන්සට් එක බලන්න


ඉතින් උඹ එන්නම් කිව්වද?


නෑ මම කිව්වා මට ඕවට සල්ලි නෑ කියලා

මම අතිනුත් ටිකක් දැම්මා නැත්තං අමාරු කරනවානේ වැඩේ
දැන් කොහොම හරි මේක ශේප් කරගන්නත් එපැයි

ඉතින් ඒකි ඇහුවා

මම ඔයාට ටිකට් එකක් දුන්නොත් එනවද කියලා

ඉතින් එහෙම කියද්දි පව්නේ බං

බෑ කියන්න බෑනේ බං
එහෙම කියලා හිමීට මුක්කුවක් ගහලා බැලුවා මොකද වෙන්නේ කියලා

අනේ උඹේ සත්ව කරුණාව


අනේ පලයන් ගස් ගෙම්බා

මොනා උනත් යකෝ ඒකි මගේ කස්ටමර් කෙනෙක්නේ

මට ඉතින් බෑ කියන්න බෑනේ ටිකට් එකත් අරන් දීලා එන්න කිව්වම


ඉතින් මම හා කිව්වා


එතකොට තොපි දෙන්නා පැයක් විතර කතා කලේ ඔච්චරද?

කොටා ආයෙත් නඩුවක් ඇද්දා

උඹ කොහොමද දන්නේ මූ ගොඩක් වෙලා කතා කලා කියලා?



මම මූට ඊයේ කෝල් එකක් ගන්න ගියාම බිසී

ගොඩක් වෙලා ට්‍රයි කරලා ගත්තේ
පැයක්වත් ඉන්න ඇති කෝල් එකේ

අනේ පලයන් පැයක් නම් කතා කලේ නෑ

ඕනා නම් විනාඩි 10ක් 15ක් කතා කරන්න ඇති

අනේ මේ බොරු නොකියා ඉඳපන් උඹ අඩුම පැය භාගයක් වත්  කතා කරන්න ඕනා


අනේ මට නම් එහෙම තේරුනේ නෑ


ආ ඇත්තද ?


ඔව් ඉතින් අරකි කතා කලාම තොට වෙලාව යනවා තේරෙන්නේ නෑනේ


අපොයි වරද්ද ගත්තා නේද මම කට 


ආ ඔය පැන්නේ බලලා මල්ලෙන් එලියට


පිස්සුද යකෝ මට සෑහෙන වෙලාවක් ගියා මට සල්ලි නෑ කියන එක නොකියා කියා ගන්න

එක පාරටම කියන්න බෑනේ බං අපි දුප්පත් කියලා.
නැත්තං චාටර්නේ බං මොනා උනත මගෙ කස්ටමර් කෙනෙක්නේ
මම හිමීට කතාව අනිත් පැත්තට හැරෙව්වා
දැන් ඉතින් කොහොමත් නෝන්ඩිනේ

එතකොට ඇයි දන්නේ නෑ නේ උඹලා දෙන්නා මූනට මූන බලාගෙන හිටියේ සෑහෙන වෙලා?

මට පේන්නේ මූට නං සෑහෙන ඊරිසියයි වගේ වැඩේට

මොන මේ මම?

පිස්සුද උඹට?

අනේ මේ පලයන් යන්න බොරු නොකියා

අපි ඔක්කොම දැක්කනේ
උඹයි ඒකියි දපනේ වැටිලා ඉන්නවා

අයියෝ වෙන මොනාද මට කරන්න කියන්නේ


ඇයි බං ඒකි ටිකට් එක දීලා යන්නේ නැතුව මං දිහා බලන් හිටියම

ඒකටත් මං පලිද යකෝ?

අනික ඉතින් මම බලන් හිටියා මිසක් ඇස් ගැහුවේ නෑනේ ඒකිට


උඹයි ඒකියි දෙන්නම ඇස් දෙක හෙල්ලුවේ වත් නැතිව බලන් හිටපු හින්දා තමයි අපිත් අහන්නේ


හරි හරි දැන් කොහොම හරි ඒකි උඹට ටිකට් එකකුත් දුන්නනේ

දැන් ප්‍රශ්නේ ඒක නෙවෙයි

මොකක්ද දැන් ප්‍රශ්නේ?

මුන් මාව අතාරින්නේම නෑ වගේ

දැන් උඹ ඕකට තනියම යන්නද හදන්නේ?


කෙලියා නේද තාප්පෙටම

ඔව් කිව්වොත් සෙට් එක අප්සෙට්
නෑ කිව්වොත් මට අප්සෙට් මුන්වත් එක්කන් යන්න වෙනවානේ කට්ටියටම කොහොමද ඉස්සරහ ටිකට් ගන්නේ
ඒවා ගොඩක් ගනන් නේ

ඔව් ඔව් ඕකා ඔය කොලේ වැහුවේ අපිට හොරෙන් යන්න තමයි


අනේ මේ පල යන්න ඇටකිච්චා


යකෝ කොහේද යන කෙල්ලෙක් කෝල් කරලා ටිකට් එකක් දෙනවයි කියපු පලියට තොපිටත් කතා කරන්නද කොන්සට් බලන්න යන්න

අනික ටිකට් එක ඉතින් අතට දෙනකල් ෂුවර් නෑනේ

ඒකයි මම කිව්වේ නැත්තේ


අනේ මේ පල යන්න ගල් ආඳා

තෝ වගේ ගං කබරයෙක් නම් මම මේ කපේදි දැක්කේ නෑ

යන්තං ඒකත් ශේප් වගේ


දැන් මොකක්ද ඊලඟට වෙන්නේ කියලා හිතා ගන්න බැරුව ඉද්දි දෙයියෝ බැලුවා වගේ අම්මා කතා කලා 

හොඳ වෙලාවට නැත්තං මුං මාව අද අතාරින්නේම නෑ

මම හිතන්නේ කෑම කන්න වෙන්න ඕනා
විශේෂ දෙයක් නොවුනත් මෙතනින් පැනගන්න මට ඒ හොඳටම ඇතිනේ

මේ මචං අම්මා කතා කරනවා

මම යන්න ඕනා 
ඒක නෙවේ
දැන් උඹලා මගේ තනියට එනවද නැද්ද කියපල්ලා?
මමත් හිමීට මගේ වාසියට කතාව හරෝගත්තා
නැත්තං බෑනේ

හැබැයි ඉතින් මගේ අතේ නං සල්ලි නෑ කොල්ලෝ ටිකට් ගන්න


ආ මූට කෑලි බලන්න යන්න අපි ටිකට් ගන්න ඕනා

යකෝ මේක මාර ලෝකයක්නේ

අනේ මේ තොපිට එන්න බැරිනම් නිකන් ඉඳපල්ලා


අනේ තොට ඕනා නම් පල අපි එන්නේ නෑ


අඩෝ එහෙම කියන්න එපා බං

අපි කොහොම හරි යං 
ටිකට් එකක් මහ ගානක් යැ

ම් ඒකත් ඇත්ත තමයි


එහෙනම් එහෙම කරමු


බුදු අම්මෝ ඇති යාන්තං සේරම මගේ වාසියට ශේප් උනා

නොදකිං මුං නං යාළුවෝ නෙවේ ගල් කබරයෝ ටිකක්

එල අපිත් යනවා එහෙනම්

අද හවස ප්‍රෝග්‍රෑම් මුකුත් නෑනේ

අද පොඩ්ඩක් ඉම්මු බං ගෙදරට වෙලා


ඒක හොඳයි නැත්තං බැනුම් අහලා විසේ යනවා ගෙවල් වලින්


එල 

එහෙනම් කෝල් එකක් දීපල්ලා

මමත් හිමීට ගේ ඇතුලට ගියා මොකුත් උනේ නෑ වගේ

මදැයි ඔයින් ගියා
------------------------------------------------

ඊලඟ කොටසට මෙතනින්


ඉස්සෙල්ලා කොටසට මෙතනින්




Friday, August 29, 2014

යශෝදරා 4

පුතේ නැගිටින්න 
අන්න ඔයාගේ කස්ටමර්ලා වගයක් ඇවිත් ඉන්නවා

උදෙන්ම අම්මා සද්දේ දානවා


මොකටද අම්මේ?


මොනවද සින්දු වගයක් දාගන්නලු


ටිකක් ඉන්න කියන්න මම එන්නම්


ඉක්මනට ලෑස්ති වෙලා එන්න


හරි හරි


------------- 


ආ මොකක්ද වෙන්න ඕනා?


අපේ සින්දු වගයක් තියනවා

පිළිවෙලට හදා ගන්න ඕනා

හරි ලිස්ට් එක දෙන්න මම දාලා දෙන්නම්


ඉක්මනටම ඒ වැඩෙත් ඉවර කරලා එලියට යන්න යද්දිම කොටා එනවා


උඹ යන්නද ගියේ කොහේ හරි?


නෑ මම මේ ඇවිදින්න පුලුවන්ද කියලා බැලුවා

අංශබාගේ හැදිලානේ හිටියේ

අයියෝ මේ

මගේ වැඩේ කරලා දීපන්කෝ

මොකක්ද?


ෆෝන් එකේ වැඩේ


ආ දීපන් බලන්න

අනේ හදලා දීපන්කෝ කොහොම හරි


ආ මේක කරන්න පුලුවන් වගේ

ඉඳපන් ටිකක් 

ඒක කරන ගමන් කෝල් එකක්

ඕහ් යශෝදරා

හෙලෝ


හෙලෝ අයියේ 

ඔයා ෂොප් එකේ ඉන්නවාද?

දැන් නම් ෂොප් එකේ තමයි ඉන්නේ


මම තව ටිකෙන් එනවා


මේ


නොදකිං විතරක් ඉතුරු ටික කියන්න කලින් කෝල් එක කට් උනානේ

මේ සාතං මේතන ඉද්දි යශෝදරා ආවොත් මල කෙලියයි ආයේ කෝල් එකක් ගත්තොත් තවත් නඩුවක්

ආ උඹලා මෙතනද?


හුටා රංගයයි කෝටුවයි ඇටකිච්චයි

දැන්නම් මට දාඩියත් දාගෙන එන්නේ
තව ටිකෙන් යශෝදරා මෙතනට එනවා

ඔව් බං මම මේ උදෙන්ම ආවා ෆෝන් එකේ වැඩක් කරගන්න

මේකේ ඉන්ටනෙට් වැඩකරන්නේ නෑ

ඕක ඉවරද දැන්?


නෑ තව ටිකක් තියනවා


හදිස්සි නම් ගෙදර ගිහින් ජංගියක් දාගෙන වරෙන්

ඊයේ වෙච්ච සීන් එක ආයෙමත් මතක් කලා රංගයා
හූ හූ හූ
අපේ සෙට් එකම ආයෙත් එකම හිනාවයි
කෝටුවාට හැංගෙන්න තැනක් නැතුව වගේ
වටපිට බලනවා

ඉඳපන් ටිකක් 

මොකද හදිස්සිය?

නෑ නෑ අපිට හදිස්සියක් නෑ

උඹ ඕක ඉවර කරලා වරෙන්
අපි එලියට වෙලා ඉන්නම්

සෙට් එක එලියට යන්න හැරෙද්දිම මෙන්න යශෝදරා එනවා


හායි අයියේ


ආ කොහොමද ඉතින්?


හොඳයි

ඔයාට කොහොමද?

අවුලක් නෑ

දැනට නැති උනාට තව ටිකෙන් වෙනවානේ

ඔයාට අර ටිකට් එක දෙන්න ආවේ

ආ තෑන්ක්ස් ඔයාට


තෑන්ක්ස් නැතුවට කමක් නෑ

අනිවාරෙන්ම එන්න කොන්සට් එකට

හා මම පුලුවන් උනොත් එන්නම්


පුලුවන් උනොත් නෙවේ

අනිවාරෙන්ම එන්න
ඔයා ඊයේ කිව්වේ එනවාමයි කියලා

අයියෝ කෑවා කෑවා වැඩේ උළුඳු වඩයක් කරන් කෑවා දැන් ඉතින් සේරම ඉවරයි අපේ සෙට් එක ඉන්න තැන මෙහෙම කතාවක් ගියා කියන්නේ මගේ කන් දෙකට අබ සරණයි


හරි හරි මම එන්නම්

මට වචනත් පැටලෙනවා වගේ 

ඔන්න එහෙනම් එන්න ඕනා 

මම බලාගෙන ඉන්නවා ඔයා එනකල්

එහෙම කියලා ආයෙත් අර ලස්සන හිනාව දාගෙන බලාගෙන ඉන්නවා

මගේ ඇස් දෙකත් අහකට යන්න බෑ වගේ ගල් ගැහිලා
මගේ අම්මෝ මේ කෙල්ලගේ ලස්සන
බෝනික්කියෙක් වගේ
සුදුම සුදුයි ඇත්දල පාටයි
කොහොමද අහක බලාගන්නේ
එහෙමම තත්පර 20ක් විතර යන්න ඇති
එකම වචනයක්වත් කතා නොකර
එයාත් මම දිහා බලන් හිටියේ
ඒ ඇස් කතා කරනවා වගේ දැනෙනවා
ඇස් වලින් කතා කරන්න පුලුවන්ද
කතා කරන ඇස් දැක්කේ අදමයි


එහෙනම් මම යනවා
ඔන්න වරද්දන්න එපා එන්න

මම මුකුත් කියන්නේ නැතුවම ඔලුව වැනුවා

ඇත්තටම කිව්වොත් කතා කරගන්න බැරි තරමටම ගල් ගැහිලා වගේ හිටියේ

යශෝදරා නොපෙනී යනකල් කිසිම කතාවක් නෑ අපේ කට්ටිය

දැන් ඉතින් ඊලඟට වෙන දේ ගැන මතක් වෙද්දි බාර් එකක් මංකොල්ල කාලා බොන්න තමයි හිතෙන්නේ


----------------------------------
ඊලඟ කොටසට මෙතනින්

ඉස්සෙල්ලා කොටසට මෙතනින්

Thursday, August 28, 2014

යශෝදරා 3

-------------

හෙලෝ


හෙලෝ අයියේ


මොකද කේස් එක?

ඇයි කතා කලේ නඩුවක්ද?

නෑ නෑ එහෙම මුකුත් නෙවෙයි 


එහෙනම් තව වැඩක්ද?


නෑ නෑ


එහෙනම් වෙනස් කරන්න ඕනද මොනවා හරි?


නෑ නෑ අයියේ

මොකුත් වෙනස් කරන්න ඕනා නෑ

මේ මොන මගුලක්ද යකෝ අවුලකුත් නැත්තං වෙනස් කරන්නත් ඕනා නැත්තං වෙන වැඩකුත් නෙවෙයි නං මොන බම්බුවට කතා කරන්නද මට. එයාගෙන්ම අහලා බලමුකෝ


දැන් මොකටද කතා කරලා තිබුනේ මට?


අනේ අයියේ ඔයා හදලා දුන්න ට්‍රැක් එක නම් මාර ලස්සනයි

අපේ කෙල්ලෝ සෙට් එකම ඒකට උඩින්ම ලකුනු දුන්නා
ඒ විතරක් නෙවෙයි අපේ අයිටම් එක කැපෙන්න ඔන්න මෙන්න තිබුනේ
කොන්සට් එකෙන්
දැන් ඒකත් හරි

ආ අවුලක් නෑනේ එහෙනම්?


මොන අවුල්ද ඒක නියමයිනෙ


අම්මෝ ඇති යන්තම්

ඕක කියන්නද ගත්තේ

ඔව් ඒකට තමයි ගත්තේ

කොහේද ඉතින් ගත්ත ගමන් කෝච්චිය මගේ ඇඟ උඩින් ගියානේ

මෙයත් ලේසි නෑ වගේ

ඒ කියන්නේ ඩාන්ස් එක ලස්සනට තියෙයි නේද?

ඔව් දැන්නම් හොඳටම කරන්න පුලුවන්


අර මම දාන්න කියපු සමහර තැන් ඔයා බලෙන්ම වගේ අයින් කලා මතකද?


ඔව් ඉතින් ඒක අවුලක් උනාද?


නෑ නෑ ඒවා අයින් කරපු එක හොඳයි

ඇත්තටම ඒවා කැතයි එතනට

මම ඉතින් දන්නවානේ වෙන්න ඕනා දේ


අනේ ඔව් අයියේ මම ඔයාට ගත්තෙත් ඒකට තෑන්ක් කරන්න

ඔයා බලෙන් වගේ ඒවා අයින් කලාට 
ඇත්තටම වෙන්න ඕනා ඒක තමයි
අපේ ඩාන්ස් එකත් පොඩ්ඩක් වෙනස් කලා
දැන් අර කැත ස්ටෙප්ස් තිබුන ඒවා අයින් කරගන්න පුලුවන් උනේ
ඔයා වැරදි මියුසික් සෙට් එක අයින් කරපු හින්දා
දැන් නම් වැඩේ ලස්සනම ලස්සනයි

අහ් මට මේ කරපු උදව්වට ඔයාට ගොඩක් තෑන්ක්ස්

ඒ වගේම ඔයාට පොඩි දේකුත් කියන්න තියනවා

ඒ මොකක්ද අප්පේ ඒ


ඔයා දැන් බිසීද?


නෑ නෑ මට විශේෂ වැඩක් නෑ දැන්


ඔයාට එපා වෙයිද දන්නේ නෑනේ මේක අහන් ඉඳලා?


කියන්නකෝ බලන්න එපා වෙන්නද ඕනා වෙන්නද කියලා බලන්න අහන්න එපැයි


අපෝ මෙයාගේ ගනං


හරි හරි විස්තරේ කියන්නකෝ


මේකයි අපේ නැටුම් උගන්වන ටීචර්ගේ දුව ඉන්නේ අනිත් පන්තියේ

ඉතින් අපිට ගොඩක් වෙලාවට කොන් කරලා වගේ සලකන්නේ
අපේ ට්‍රැක් එක මුලින් දුන්නම අපිව ගොඩක් අයින් කරලා වගේ කතා කලේ
අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් සිස්ටර් එක්ක අපි ගැන ගොඩක් බොරු කියලා අපිව කපලා තිබුනේ ලිස්ට් එකෙන්

ඉතින්


ඉතින් ඇත්තටම කිව්වොත් අපේ ට්‍රැක් එකත් ටිකක් ලස්සන මදි 


ම්..


ඒක හින්දා මේ වෙනකල් අපේ ඉවෙන්ට් එකට කිසිම ප්ලේස් එකක් දීලා තිබුනේ නෑ


ඒත් ඔයා අපේ ට්‍රැක් එක ලස්සනට හදලා දුන්නනේ 

ඒක හින්දා නැටුම් ටීචර්ට මුකුත් කියාගන්න බැරුව ගියා
සිස්ටර් එක පාරින්ම කැමති උනා

හොඳයිනේ ඉතින්


ඔව් ඇත්තටම මම ගොඩක් සතුටින් ඉන්නේ

පහුගිය මාස දෙක තුනේම හිටියේ ගොඩක් දුකෙන්
කරකියාගන්න කිසිම දෙයක් නැතිව

ඔයා හින්දා තමයි මේ හැමදේම ලැබුනේ


අයියෝ ඕක මොකක්ද නංගි
ඒක ඉතින් මගේ රස්සාවනේ

ඒ උනාට ඔයා ඒක හදද්දි මට දැනුනේ ඔයාගේම වැඩක් කරනවා වගේ ගොඩක් අවධානෙන් කලා කියලා

ඒ වගේම ඔයාට හොඳ හැකියාවකුත් තියනවා ලස්සන දෙයක් කරන්න

හපොයි මේ සරමේ කොලර් එකක් නෑ නැත්තං උඩටම උස්සගන්නවා 

මට ඉතිං මාර හැපි 

ඉතින් මම කියන්න ගියේ 

ඔයා අපිට කරපු උදව්වට අපි ඔයාට පොඩි ප්‍රසන්ට් එකක් දෙන්න තීරණය කලා

අපි කිව්වේ?


මායි මගේ යාළුවෝ දෙන්නයි


ආ ෂෝයි නේ

දැන් මොනවද දෙන්න හිතාගෙන ඉන්නේ?

ඒක දැන්ම කියන්නේ නෑ 

දුන්නම බලන්න

හරි හරි දුන්නම බලන්නම්කෝ

ලිහන්න තියන මල්ල මොකටද ඔබලා බලන්නේ කියලා මමත් ශේප් උනා

ආ තව එකක් මම ඔයාට ටිකට් එකක් ගත්තා

ඉස්සරහම පේලිවල එකක්

අපොයි සල්ලි


ඔයා ඒවා ගැන හිතන්න එපා

මට වැදගත් ඔයා එන එක විතරයි

හරි මම එන්නම්


අනිවාරෙන්ම එන්න ඕනා

මම කෝල් එකක් දීලා එන්නම්
ටිකට් එක දෙන්න

හා කෝල් කරලා එන්න

නැත්නම් අපේ අම්මාගේ අතට දෙන්න
මට දෙන්න කියලා

නෑ නෑ මම ඔයාගේ අතටම දෙන්නම්


හරි තෑනක්ස් එහෙනම්


ඔයා නෙවේ ළමයෝ මමයි තෑන්ක් කරන්න ඕනා


හරි හරි ඕනා එකක්

ඉවෙන්ට් එක ලස්සනට කරගන්න
ඒක මටත් ලොකු සතුටක්
මම හදපු ට්‍රැක් එකකට ලස්සන දෙයක් කරනවා කියන්නේ

අනිවාරෙන්ම මම මගේ උපරිම දේ කරනවා අයියෙ

ඔයාගේ මහන්සිය අපතේ යන්න දෙන්නේ නෑ කොහොමටවත්

මගේ විතරක් නෙවෙයිනේ ඔයාලත් මහන්සි වෙනවානේ


ඒ උනාට ඔයා නැත්නම් අපි කොච්චර මහන්සි උනත් වැඩක් නෑනේ


ඒකත් ඇත්ත තමයි

එහෙනම් අයියේ මම කෝල් එකක් දීලා එන්නම්


එලකිරි

ඔයා කෝල් එකක් දීලා එන්න

මම තියනවා අයියේ

බුදු සරණයි ඔයාට

ඔයාටත් බුදුසරණයි නංගා


--------------------


ෆෝන් එක පැත්තකින් තියන්න හම්බඋනේ නෑ ආයෙත් කෝල් එකක්


හෙලෝ


කා එක්කද උලමෝ එල්ලිලා හිටියේ මම දැන් තොට කීයේ ඉඳන්න ගන්නවාද


යකෝ මේවා බිස්නස් කෝල්

තොපිට වගේ වැඩ නැති උන් කතා කරන්නේ නෑ

අනේ පල යන්න ගෙම්බා


දැන් මොකටද කතා කලේ කියපන්?


මේ මගේ මගේ ෆෝන් එකේ සෙටින්ග්ස් වගයක් හදාගන්න


හෙට අරන් වරෙං හදලා දෙන්නම්


එලකිරි


එලකිරි එපා දුමක් ගෙනෙං


හරි හරි ගෙන්නම්


එකක් මදි බං


හා යකෝ තොට දෙක තුනක්ම ගේන්නම්

බීලා මැරිය සක්කිලියා

එහෙනම් වරෙං හෙට


------------------------


ඇත්තටම මගේ හිතට අමුතු සතුටක් දැනෙනේනේ ඇයි කියලා හිතාගන්න බෑ

යශෝදරා කතා කරපු හින්දද
නැත්නම් මගේ වැඩකට හොඳයි කියලා අහපු හින්දද
එහෙමත් නැත්නම් වෙන මොකක් හරිද

යශෝදරා කතා කලාට පස්සේ කොහොමත් හරි අමුත්තක් දැනෙනවා


මේ මොන මඟුලක්ද යකෝ මට වෙලා තියෙන්නේ

කොහේද ඉන්න කෙල්ලෙක් කතා කලා කියලා මට ඇති වැඩේ මොකක්ද

ඒ උනාට මගේ හිත ඇතුලේ අර හිනාව නම් තාම මැවිලා පේනවා වගේ

අනේ මන්දා මට පිස්සු හැදීගෙන එනවවාවත්ද කියලා

පුතේ.. 

මොකද ළමයෝ මේ තනියම හිනා වෙන්නේ

අහ්. අමේමේ

නෑ අම්මේ මේ මුකුත් නෑ

මොනවද මුකුත් නැත්තේ


නෑ අම්මේ මේ අපේ කෝටුවාට මාර වැඩක් උනානේ අද 

ඒක මතක් වෙලා හිනා ගියේ

ආ එහෙනම් කමක් නෑ

මම බැලුවා කොලුවට මොකද වේගෙන එන්නේ කියලා
හැබැයි රෝග ලක්ෂණ නම් එච්චර හොඳ නෑ

අනේ අම්මේ මේ මගෙ යකා අවුස්සන්නේ නැතුව යන්න මෙතනින්


අම්මා ලාවට හිනාවෙලා යන්න ගියා


හපොයි මට මේ මොකද වෙන්නේ

ඒ කියන්නේ මටත් නොදැනීම මම හිනා වෙලා

රෝග ලක්ෂණ සීන් එක නම් එච්චර ඇල්ලුවේ නෑ


දැන් ඉතින් අම්මටත් චාටර් වගේ

අම්මා ඉන්න වෙලාවක යශෝදරා ආවොත් කාඩ් එකක් වදින එක නවත්තන්න නම් සක්කරයටවත් හම්බවෙන්නේ නෑ


දැන් මොකද කරන්නේ


ඒත් මම මොකටද කලබල වෙන්නේ


යශෝදරා මගේ කව්ද


ඔන්න ඔහේ ඕනා මගුලක් වෙච්චාවේ කියලා දැන් නිදා ගන්නවා


----------------------------------



ඊලඟ කොටසට මෙතනින්


ඉස්ලේලා කොටසට මෙතනින්












Tuesday, August 26, 2014

යශෝදරා 2

---------------------------------------------------------------------------------


පුතා කෑවද?

ඔව් අම්මා මම කෑවා


ඕහ් කෝල් එකක් මෙලහට අපේ සාතන්ලා වෙන්න ඇති

මොනවා බලන්නද උන් තමයි

හෙලෝ

කියපන්

උඹ කොහේද ඉන්නේ?

මම ගෙදර ඉන්නේ

එලියට වරෙන් 

අපි ඇවිල්ලා ඉන්නේ

මොකේද යන්නේ?


වරෙන්කෝ එලියට ඉස්සෙල්ලාම


ඉඳපන් මම එන්නම්


--------------


දැන් මොකද වෙන්නේ?


මොනවා වෙන්නද 

ෂෝට් එකක් අරන් වරෙන් නාන්න යන්න

ඉඳපන් මම ඉක්මනට අරන් එන්නම්


වරෙන් ඉක්මනට 


හරි හරි



----------


මේ යමු කිව්වට ටිකක් අමාරුයිනේ


යකෝ මගේ තාත්තා මහින්ද රාජපක්ෂ නෙවෙයි

මේකේ යන් තුන්දෙනා ඩබල් දාලා
කෝටුවයි මූයි එයි අනිත් එකේ

දුම් ගත්තද?


ඔව් ඔව්


තෝ නම් ඉක්මනටම මැරෙන නැකතක ඉපදිලා තියෙන්නේ


බියර් 5කුත් ගත්තා


එලනේ බං


යමු යමු ඉක්මනට

තොපි අදද නාන්න යන්නේ නැත්තං හෙට එලිවෙලා වගේද?

යමං යමං එහෙනම්



------------



අම්මෝ මේකේ ඇවිල්ලා කොන්දත් රිදෙනවා

බැස්සා විතරයි කෝටුවගේ බර බරේ

අමාරුවට බියර් එකක් බොමු 

මොකද ඉතිං වැල්ලේ පස් පංගුව හරි යන්නේ නෑනේ

ඒකත් හොඳ අදහස තමයි

අම්මපා උඹේ ටිකිරි මොලේ..

මේ ඇද්ද බං බියර් 5ක්?


මං ගාව එච්චරයි බං තිබුනේ සල්ලි


මේ මම ගාව සල්ලි ටිකක් තියනවා

තව ගේමුද?

එපා එපා 

පිස්සුද යකෝ සුදු කොඩි දාගන්නද හදන්නේ?
දන්නවානේ අපේ කාලකන්නි බීගත්තම

ඔව් ඒකනං ඇත්ත


එහෙනම් ටිකක් නාලා එමු නේද?


හුටා කලිසං ගත්තට තුවායක් ගත්තේ නෑ නේ


නොදකිං තොපි නං මෙලෝ රහක් නෑ


ඇයි යකෝ මට කියන්නේ උඹ අරං එන්න එපැයි


හරි හරි දැන් මොකද කරන්නේ කියලා කල්පනා කරපං


ම්.... ඉතින් අපි ජංගි පිටින් නාමුකෝ

යද්දි අරන් ආපු එක එයිට උඩින් ඇඳගෙන යං

ආ ඒකත් අවුලක් නෑ


අපෝ ජංගි පිටින් පිස්සුද මට නම් බෑ


අනේ මේ කෝටුවෝ තොට ඕන නං තුවායක් අරන් වර

අපි නානවා ජංගි පිටින්

හරි හරි උඹලා නාපල්ලා මම ඉන්නම්


තෝ ඕන මගුලක් කරගං


බලපංකෝ බං මුගේ මනමාලකම

යකෝ මිස් වර්ල්ඩ් එන්නේ නෑ වැල්ලට

ආවත් තෝ දිහා නං බලන්නේ නෑ


දැක්කත් හොයාගන්න බෑනේ මුගේ සයිස් එකට


ඔව් පේන්නේ නෑනේ පැත්තට


හරි හරි මූට වැඩක් දෙමු එහෙනම්


මම ඉන්නම් මේවා බලාගෙන


ආ ඒ අදහසත් හොඳයි ඉතින්


ඔව් එහෙනම් එහෙම කරමු


මමයි ඇටකිච්චයි රංගයයි කොටයි නාන්න බැස්සා

අවුලක්ම නෑ මූදත් එච්චර සැර නෑ
මට ගොඩක් පීනන්න දන්නෙත් නෑනේ ඒක හින්දා
ශේප් එකේ වැඩි දුර යන්නේ නැතිව හිටියා
රංගයයි කොටයි තරඟෙට පීනනවා
මමයි ඇටකිච්චයි දියබුං ගහනවා

හුටා දැන්නේ මකත් උනේ

නියම සාතන්ව තියලා ආවේ කෑම බීම එක්ක.

ඒ......යි රංගයෝ මෙහේ වරෙං යකෝ 

තොපි මගුලේ යනවද?
අරහේ ඉවර වෙලා ඇති ඔක්කොම

ආ. ඔව්මයි

නොදකිං ඕකට කෝටුවා කියලා කව්රු දැම්මද මන්දා නම
මෙලහට ඔක්කොම ඉවරද දන්නේ නෑ?

යමං යමං ඉක්මනට


අපි යද්දි මූ බීයර් එකකුත් බොන්න අරන්

බයිට් එකෙනුත් බාගයක් ඉවරයයි

ආ.. සක්කිලියෝ තෝ ඔක්කොම කෑවද?


නෑ බං මේ තියෙන්නේ තව


ඇයි යකෝ මේක ලෙවකන්නත් මදිනේ


නොදකි තෝව නං කොටියම කන්න ඕනා


දීපිය ඕක මෙහෙට

කොටා උදුරගත්තා බයිට් එක

දැන් ඕක නිකන් බීපිය

අපිට මේක තියලා

ඒයි ඕවා ඇරලා ගනිංකෝ


ආ මෙන්න


අපේ සෙට් එකටම කෝටුවා එක්ක මල

ඇයි ඉතින් මූ බයිට් එක කාබයිට් කරලානේ
නොදකිං අපිත් ආස්සරේ කරන උන්

සෙට් එකම බියර් ගහලා දැන් පදමට ෆන් වේගෙන එන්නේ

රංගයා මොනවද කියනවා කොටා එක්ක
මමයි ඇටකිච්චයි ඔහේ බලාගෙන ඉන්නවා
කෝටුවා පවනේ ඉන්නවා බයිට් එකට කෙල හල හල
ලොවෙත් දෙන්නේ නම් නෑ ඕකට 

එක පාරටම රංගයා නැගිටලා කෝටුවගේ බෙල්ලෙන් අල්ල ගත්තෙ නැතෑ


ඒ එක්කම කොටා නැගිටලා කකුල් දෙකෙන් අල්ල ගත්තා


ඒයි ඇටකිච්චෝ ගලවපිය මුගේ කලිසම


ආ හරි දැන් ඉතින් බීලානේ 

කෝටුවාව නාවන්න යන්නේ

අඩෝ එපා බන් මට නාන්න බෑ බං

අනේ පැත්තකට වෙලා මට ඉන්න දීපල්ලකෝ

දැන් ඉතින් මොනා කිව්වත් වැඩක් නෑනේ

අද මූව නාවලා තමයි ගෙදර යවන්නේ

හූ හූ කෝටුවට හොඳ වැඩේ 

ඇටකිච්චෝ ඉක්මන් කරපිය නැත්තං ඕකා පනියි

ඉඳපිය තොට අවලමා

තෝ අපේ බයිට් එක කාබයිට් කරා නේද?
දැන් ඉතින් ඉඳපිය තෝව කාබසිනියා කරන්න

අනේ එපා බං කිව්වම අහපල්ලකෝ

අයියෝ බේරගනියෝ

මොන ඉතින්...

කොච්චර කෑ ගැහුවත් වැඩක් නෑනේ
ඇටකිච්චා ගැලෙව්වා කෝටුවාගේ කලිසම
එතකොට තමයි තේරුනේ මූ නාපු නැති හේතුව

මෙන්න මූ ජංගි දාලා නැතෝ..................


හූ හූ හූ......


වෙන මොනවද ඉතින් කට්ටියම වැලි ගොඩේ පෙරලි පෙරලි එකම හිනාවයි

කෝටුකිතයියට වස නෝන්ඩිය

අම්මෝ මට නම් හිනා වෙලා වැඩිවෙලා හරිම අමාරුයි බං 


ඔව් බං පපුවත් රිදෙනවා


නොදකිං කාලකන්නියා තෝ වගේ සක්කිලියෙක් යකෝ


අඩෝ කැත වැඩ කරන්න එපා යකෝ 


පල යන්න තෝ නේ කැත වැඩ කරන්නේ 


දැන් ඉතින් ඔහොම ඉඳපිය අපි නාලා එනකල් ගල් මූසලයා


ආයෙත් කෝටුවාට බැන බැන අපි ගියා නාන්න

නාලා එද්දි ඌ ඉතුරු ටිකත් කාලා
ඌටම ඔක්කොම කන්න කියලා අපි ඇඳුම් ඇඳගෙන ගෙදර ආවා

------------------------


මේ අපි යනවා බං දැන් නම් මහන්සියි


හරි හරි පස්සේ සෙට් වෙමු


කෝල් එකක් දෙන්නම්


එල


මමත් යනවා එහෙනම්


අපි දැන්ම යන්න ඕනද?


තව ටිකක් ඉමු නේද?


ඔන්න ඉතින් මුන් සෙට් එක මට වදේ ගහන්න ගත්තා

මේ යමල්ලා යකුනේ මට වද නොදී
තොපි නම් සාතන්ලා ටිකක්

හරි හරි අපි යනවා


එල 

පරිස්සමින් පලයල්ලා

------------------------------


ආව ගමන් ඇඳුම් ටික හෝදන්න දාලා මම ගියා නාගන්න


පුතේ.....

මේ ඔයාට කෝල් වගයක් ආවා

කාගෙන්ද අම්මේ?


දන්නේ නෑ

මම බැලුවේ නෑ

හා හා මම නාලා ඇවිල්ලා බලන්නම්


නාගෙන ඉවර වෙලා ඔලුවත් පිහාගෙන සරමත් ඇඳන්

කුස්සියට ගියේ කන්න මුකුත් තියනවද කියලා බලන්න
ඇයි ඉතින් වතුරේ ඉඳලා බඩගිනියි හොඳටම
යද්දි අම්මා කැන්ද රොටීයි හදලා තිබුනා
ඒකත් කාලා තේ එකකුත් බීලා
කාමරේට ගිහින් චාජරේට ගහලා තිබුන ෆෝන් එකත් අතට අරන් බැලුවේ කව්ද කතා කරලා තියෙන්නේ කියලා

ම්... පළවෙනි කෝල් එක රට ඉන්න යාළුවෙක්ගෙ

අනිත් එක යශෝදරාගෙන්

තව ටිකක් බැලුවම කෝල් දෙකක්ම අරන් තියනවා


මොකක්ද දන්නේ නෑ නඩුව?


මම ගත්තා කෝල් එක ආයෙමත්


--------------------------------------------------


ඊලඟ කොටසට මෙතනින්


ඉස්සෙල්ලා කොටසට මෙතනින්
















Monday, August 25, 2014

යශෝදරා 1

පුතේ මේ තේ එක බොන්න

අයියෝ අම්මේ නිදාගන්න දෙන්නකෝ

මං පස්සෙ බොන්නම්
මම ඇස් අරින්නෙවත් නැතුව හිටියා.

මේ කිරි එක සීතල වෙනවා ළමයෝ


හරි හරි නැගිට්ටම අයිස් කැටයක් දාගෙනම බොන්නම් දැන් යන්නකෝ


අම්මා ගියා විතරයි ආයෙත් අනිත් පැත්තට හැරිලා නිදාගන්න හදද්දිම කෝල් එකක්

නොදකිං මේ එකෙක්වත් මට නිදා ගන්න දෙන්නේ නෑනෙ සැනසිල්ලෙ
අපරාදේ මම බල බල හීටපු හීනේ

කව්ද යකෝ උදේ පාන්දරම එලාම් තියන එකා


හෙලෝ


ආ අයියේ මම එනවා තව ටිකකින්


හෑ... තව ටිකෙන්

මම තාම නැගිට්ටෙත් නෑ

එතකොට හීනෙන්ද කතා කරන්නේ?


නෑ හැබැහින්

අපරාදේ මම බල හිටපු හීනෙත් කෑවා

ආ ඇත්තද?


ඔව්. දැන් කීයටද එන්නේ?


තව ටිකෙන්


තව ටිකෙන් කිව්වෙ?


පැයකින් විතර


හපොයි ඉතින් ඇයි දෙයියනේ දැන් කතා කලේ


ඔයාලයි අම්මා තමයි කිව්වේ එන්න පැයකට කලින් වත් කතා කරන්න නැත්නම් අයියා නිදාගත්තම නැගිටින්නේ නෑ කියලා


අයියෝ සල්ලි මේ වෙලාවට තමයි අපේ මමීගෙත් මමීව සිහි වෙන්නේ

කොහොමත් ගොඩක් වෙලාවට සඳුදා දවස මෙහෙම තමයි පටන් ගන්නේ 

හරි හරි එන්න  තව ටිකකින්


දැන් ඉතින් නිදාගෙන ඉවරයි ෆෝන් එකත් පැත්තකින් තියලා නැගිට්ටා සියලු හීන අහවරයි කියලා හිතාගෙන


------------------------------------------------------------------------



ගුඩ් මෝනිං අයියේ



ආ.. ගුඩ් මෝනිං

අප්පා දැන්නේ කෙල්ලගේ ලස්සන දැක්කේ

සුදු පාට බ්ලව්ස් එකට තද කහ පාට ස්කර්ට් එක හරියට පුංචි ළමයෙක් වගේ
තත්පර ගානක් යනකල් මගේ ඇස් අහකට ගන්න මතක් උනේ නෑ

අපි වැඩේ පටන් ගමුද ?

ඕහ් අපි වැඩේ පටන් ගමු
හීන ලෝකෙන් එලියට ඇවිත් මම කිව්වා

එදා අපි කතා කරගත්ත විදියට මුල ටික හරිනේ?


හෑ... මට මතකත් නෑ


අනේ ඔයා නම් හරි නරකයි අයියේ


හරි හරි දැන් කියන්නකෝ විස්තරේ ආයෙත්


මේ සින්දු ටික මුලට දාන්න සීඩී එකේ තියන පිළිවෙලට

රහුමාන් ගේ ධීම් එක අගට

එක සින්දුවක විනාඩි 2කට අඩුවෙන් අනිත් එකට එකතු කරන්න අතරමැද හිස් ඉඩ තියන්න එපා


බීට් කවුන්ට් එක හරියටම ඕනාද?


ඔව් ඔව් ඒක වෙනස් කරන්න එපා

අර ඔයා හදපු තව ට්‍රැක් එකක් තියෙන්නේ ඒකට වැඩිය හොඳට ඕනා

එතකොට එයාලා පව්නේ


ඒ උනාට අපි සෙකන්ඩ් වෙන්න බෑ හරිද


අපෝ මෙයාලගේ  ගනන්


අපි එහෙම තමයි


කව්ද කිව්වේ මෙහෙන් කලා කියලා?


මම කොහොම හරි හොයා ගත්තා


එහෙම කියන ගමන් ආයෙත් අර ලස්සන හිනාව දාගෙන මං දිහා බලන් ඉන්නවා


මම ගොඩක් අමාරුවෙන් ඔයා ඉන්න තැන හොයාගත්තේ

අපේ කට්ටිය කියන්නේම නෑ

කොහොමද හොයාගත්තේ?


මම කොහොම හරි හොයාගත්තානේ

පස්සේ කියන්නම් කොහොමද හොයාගත්තේ කියලා දැන් මේක කරමු

හරි මේ ටික දැන්


මට පොඩි විස්තර ටිකක් ඕනා

මේක සේව් කරද්දි මගේ ඩේටාබේස් එකේ ඔයාගේ විස්තර එක්ක තමයි දාගන්නේ

ඉස්සෙල්ලාම කියන්නකෝ මේක මොන ඉස්කෝලෙද?


හෝලි ෆැමිලි එකේ


ග්‍රේඩ් එක?


12 වසර


ඉවෙන්ට් එක මොකක්ද?


කොන්සර්ට් එකට


නම?


කොන්සට් එකේද?


නෑ ඔයාගේ


යශෝදරා


හරි සේව් කලා


කොපි කීයක් ඕනාද ?


දෙකක් දෙන්න


මගේ ඔක්කොම ගාන කීයද?


ඉන්න බලලා කියන්නම්


ම්....


එඩිට් එකටයි කොපි වලටයි 1600 දෙන්න


ආයේ ගන්න උනොත්?


මෙහෙමයි වෙන්නේ


මේක සාමාන්‍යයෙ වෙන කෙනෙක්ට දෙන්නේ නෑ

ඔයාට මේක කොපි කරගන්න ඕනා නම් මම අද ගත්ත විස්තර ටිකත් එක්ක එවන්න
හරියටම එවන්න නැත්නම් දෙන්නේ නෑ

කොහොමද එවන්න ඕනා?


ඔයා එනවානම් හරි වෙන කෙනෙක් එවනවානම් හරි ඇවිල්ලා කියන්න ඕනා


ඉස්කෝලේ නමයි ග්‍රේඩ් එකයි අහවල් ඉවෙන්ට් එකට හදපු අහවල් කෙනාගේ ට්‍රැක් එක කියලා


එතකොට තමයි දෙන්නේ නැත්නම් අනිත් අය ඇවිල්ලා ඔයාගේ ඒවා අරන් ගියාම මටයි නඩු වැටෙන්නේ


අම්මෝ ඒකේ වස


අපි එහෙම තමයි


හරි හරි ඕක දෙන්නකෝ දැන්


එහෙනම් ඕල් ද බෙස්ට්

ඉවෙන්ට් එක ලස්සනට කරගන්න

තැන්ක් යූ අයියා


ආ ඕවා මොනවද අනේ අතින් පයින් යන එකක්යැ


අපෝ මෙයා නම්


හරි හරි විහිලුවට කිව්වේ

වැඩේ හොඳට කරන්න
නැත්නම් මටත් වැඩ එන්නේ නැතිව යයි

මේ අපි සෙකන්ඩ් වෙන්නේ නෑ හරිද


බලමුකෝ නංගිලාගේ වැඩ කියන තරම් තියනවද කියලා


ආවොත් බලාගන්න පුලුවන්


අනේ මට වෙන වැඩක් නෑනේ


ඇත්තටම කිව්වේ


මම දන්නවා

ඒ උනාට ටිකට් ගන්න එපැයි

මම දෙන්නම් එකක්



ම්... ඒකත් අවුලක් නෑ

නිකන් දෙනවා නම් ඉතින් දෙමල පත්තරේ හරි ගන්නවනේ

හරි හරි මම ගිහින් එන්නම්


හරි පරිස්සමින්. යද්දි හැප්පුනොත් නටලත් ඉවරයිනෙ


මම යනවා


නෝක්කාඩුවෙන් වගේ එහෙම කියලා ගියාට යද්දි මූන හිනාවෙන් පුරෝගෙන ගියේ කියලා නම් දැක්කා
සමහර විට ට්‍රැක් එකේ වැඩේ කෙරුන හින්දා වෙන්න ඇති
කොහොම උනත් මට ඒක එච්චර වැදගත් දෙයක් නෙවේනෙ.

--------------------------------------------------------------------


අම්මෝ...... ඒ වැඩෙත් හරි

ම්..... කෝ යකෝ අපේ සාතන්ලා ටික
ගන්න ඕනා කෝල් එකක් 

හෙලෝ 


අඩෝ මොකද කරන්නේ?


දැනුයි බං වැඩ ඉවර උනේ

උඹලා කොහේද ඉන්නේ?

අපි මේ එන ගමන්


හා හා වරෙල්ලා

මේ එද්දි දුමක් අරන් වරෙන්
මට එපා වෙලා ඉන්නේ

ඉඳපං අපි ඉක්මනට එනවා


එල


ආයෙත් මම කල්පනා ලෝකේ 

අයියෝ මේ මොකද මේ වෙන්නේ
අර හිනාව නම් මාරයි
ඔය කෙල්ලට කොල්ලෙක් නෑ කියන්නේ ලෝක පුදුමයක්
ඉතින් එහෙව් එකේ මම මොනවටද ඕක ගැන හිතන්නේ
මොනා උනත් බෝනික්කියෙක් වගේ ලස්සනයි
මේ මොන මගුලක්ද අප්පා මම කල්පනා කරන්නේ
කස්ටමර්ලා එක්ක කොහොමත් ඕනාවට වැඩිය ඕනා නෑ
අනික හෝලි ෆැමිලි එකේ චාටර් උනා කියන්නේ රොයිටර් දැම්මා වගේ
කොහේ ඉන්න කෙනෙක්ද දන්නෙත් නෑ
ගුටි කන්න වෙන කේස් එකක් උනොත් 
හපොයි මලා තමයි
මෙච්චර කාලෙකට කිසි කේස් එකක් දාගත්ත නැති මම නෝන්ඩි වෙන්න යන්න ඕනා නෑනේ
අයියෝ මම මොනවද අප්පා මේ හිතන්නේ
මගෙ මොලේ විකල් වෙලාද

ඒයි මොකද යකෝ කරන්නේ උඩ බලාගෙන?


මාව උඩ ගිහිල්ලා බිම වැටුනා වගේ එක පාරටම

ආ උඹලා ආවද?

නෑ අපි රහත් උනා


අනේ පල යන්න ගෙම්බා


කොහේද යකෝ යන්නේ ?

උදේ ඉඳන් ආගිය අතක් නෑ තොපි
මට හොරෙන් බොන්න ගියාද?

පිස්සුද යකෝ උඹ නැතුව අපි බොන්න යනවද?


ඒක තමයි මාත් බැලුවේ

එතකොට උඹලා මොකද කරේ

අපි මේ පොඩි රවුමක් ගැහුවා


රවුම් ගහන්න මේ හරියේ වටරවුම් නෑනේ


නෑ බං මමයි ඇටිකිච්චයි ෂූටිං පාරක් දැම්මා


ආ.. ඕකට ඉතින් තෙපර බබා ඉන්න දෙයක් නෑනේ

කියපන් මොකද උනේ?

නෑ නෑ ඉතින් එහෙම දෙයක් නෑ

ඒ උනාට අද ඇටිකිච්චට හුලං

ඒ මොකෝ?


අද කෙල්ල ඇවිල්ලා හිටියේ නෑනේ


අසනීප වෙලාද?

නෑ බං අද ඉස්කෝලෙ නිවාඩුනේ


නොදකං තොපි ඒකවත් දන්නේ නැතුවද ෂූටිං ගියෙ

හා හා හා හූ හූ හොඳ වැඩේ
 අපිත් බලන් ඉන්නේ කාට හරි හිනා වෙන්නනේ මමත් ඇටිකිච්චාගේ මූන ඇඹුල් වෙනකල් හිනා උනා

අඩෝ හිනා වෙන්න එපා බං

ඇටිකිච්චාගේ මූන අඬන්න ඔන්න මෙන්න

නැතුව ඉතින් අපිත් උඹ වගේ මූන දෙබර කූඩෙ කරගන්න ඕනයැ


අපිට හොරෙන් කෙල්ලො බලන්න ගිහිල්ලා දැන් හරිනේ වැඩේ

ඇද්ද තොපිට හූ හූ

මේ අර කෙල්ල ආවද බං?


කොයි කෙල්ලද?


ඇයි බං අර පට්ට කෑල්ලක් ආවේ සෙනසුරාදා 

ඇයි බං උඹ කිව්වේ ආයි සඳුදා එනවා කියලා

ආ... එයාද?


කියපන්කො උලමෝ ආවද කියලා?


ඔව් ඔය උදෙන්ම කඩාපාත් උනේ

මගේ නින්දත් කෑවා 
අපරාදේ ආතල් එකේ බල බල හිටපු හීනේ

යකෝ ඒ වගේ කෑල්ලක් නින්ද කැඩුවට මොකද වෙන්නේ?


අනේ පල පල තෝ දන්නවද බොල නිදා ගන්න එකේ ආතල් එක


අඩෝ දීපන්කෝ එකිගෙ නොම්මරේ


පල යන්න තොට ඕක දෙනවට වැඩියේ හොඳයි පත්තරේ දානවා

මගේ රස්සාවට කෙලින්නේ නැතුව ඉඳපන්

ඔව් ඔව් ඕකට නම් දෙන්න එපා 

රංගයා පැන්න මැද්දට
හොඳ වෙලාවට නැත්නම් තව ටිකක් වදේ ගැහුවනම් මගෙත් අනුකම්පාව වැඩි වෙලා අන්තිමට භූමිකම්පාව වෙනවනේ

අනේ පලයල්ලා තොපේ ඉරිසියාව

අපිට කෙල්ලෙක් වැටෙයි කියලා

මේ කෝටුවෝ තොට ගැලපෙන එකකට බැහැපන්

මේ ඇටකිච්චා වගේ
නැත්තං තොට යට වෙලා මැරෙන්න තමයි වෙන්නේ

අනේ ඔව් උඹට විතරයි ඒක තේරුනේ

මේ ඒක නෙවෙයි යකුනේ දුමක් දීපල්ලකෝ හුලං ඇදගෙන එන්නෙ
තොපි නං සාතංලා ටිකක් මාව කන්න ආපු

මේ අද මොකද කරන්නේ 

යංද හවස මූදට නාන්න

නරකම නෑ අදහස


යමු නේද එහෙනම්?


මේ මම තාම කෑවෙත් නෑ බං


උඹ අපෙන් අහන්නේ නෑනේ කෑවද කියලා


පල පල තොපෙන් කොයි වෙලාවේ ඇහුවත් ඉතින් බඩගිනියි කියයි

ඕක ඉතින් අහන්න දෙයක්යැ

උඹ ගිහින් කාලා වරෙන්

මේ කිඹුලන්ට කන්න දෙන්න මුලු රටේම කෑම ගේන්න වෙයි

මම යනවා කන්න හවසට සෙට් වෙමු


---------------------------------------------------------------------


ඊලඟ කොටසට මෙතනින්



ඉස්සෙල්ලා කොටසට මෙතනින්