Pages

Monday, August 25, 2014

යශෝදරා

අයියෙ මේ සින්දු ටික දාගන්න පුලුවන්ද PEN එකට.

හුටා මේ කව්ද යකෝ මේ දවසක් ආවා නේද මොකක් හරි කරගන්න 

වැඩකුත් කියලා ගියා කොහේද ඉතින් මෙලෝ මතකයක් නෑනේ
කොයි වෙලාවෙත් සර්කිට් වෙලානේ ඉන්නේ

කෝ දෙන්න බලන්න


ආ මම දාලා දෙන්නම්


කියද මේකට?


රුපියල් 100ක් දෙන්න

හරියට කොපි වෙලා නැත්නම් මට කියන්න ආයේ හරිගස්සලා දෙන්නම්

අර නැටුමට ඕනා කරන ට්‍රැක් එක හදාගන්නත් ඕනා


හරි ඔන්න පුතේ නඩුව දැන්නේ මතක් උනේ මොකටද ආවේ කියලා ඒක කියලා ගියාට මතක තිබුනේ නෑනේ

අනික ඉතින් මතක තිබුනත් අයිතිකාරයා එනකල් වැඩේ කරන පුරුද්දක් නෑනේ මට 

අපි ඒක සඳුදාට කරමු දැන් හදිස්සි නෑනේ මට දැන් වැඩකට යන්නත් තියනවා 

කොහොමත් ඕකට අඩුම පැය 3ක් වත් යනවානේ අනික එක සින්දුවක් තාම සිලෙක්ට් කරලත් නෑනේ


මට ඕනා වෙලා තිබුනේ එලියට පැනලා යාළුවොත් එක්ක දුමක් දාන්න

සෙට් එක බලන් ඉන්නවා මම එනකල්

හරි මම සඳුදට එන්නම් හැබැයි එදාට නම් වැඩේ මගඅරින්න එපා සිකුරාදාට කොන්සට් එක තාම ප්‍රැක්ටිස් කරගන්නත් බැරුව ගියා


හරි හරි මම සඳුදාට කරලා දෙන්නම් 

එන්න කලින් කෝල් එකක් දීලා එන්න

ඔයාගේ නොම්මරේ නෑ මම ගාව


ආ මේක ගන්න .


ඉක්මනට විසිටිං කාඩ් එකක් දීලා ටිං ටිං ගාලා මම පැන්නා එලියට


වරෙං යකෝ මෙතන වේලෙනවා 

රංගයාගේ බර බරේ 

අඩෝ කව්ද බං ඒ කෑල්ල නොම්මරේ නැද්ද 

මොනවටද ආවේ ඒකි
ඒ අස්සේ කෝටු කිතයියා (ගයාන්) වදේ ගහනවා

නොදකිං තොපි නං

යකෝ බිස්නස් කරද්දි වලත්තකං තියාගන්න හොඳ නෑ

අනේ පල යන්න


මේ මට සිගරට් එකක් දීපං යකෝ කියව කියව ඉන්නෙ නැතුව

දැන් හුලං ඇදගෙන එන්නේ ඇංජිමට

ඉඳා බීලා මැරියං කාලකන්නියා


ඔව් තොපිට විතරනේ හොඳ

අපිට විතරයි පෙනහලු පිළිකා හැදෙන්නේ
පල යන්න සක්කිලියා

හරි හරි ඒක නෙවෙයි කව්ද බං අර කෙල්ල

ඒක නම් පට්ට කෑල්ල

මම දන්නෙ කොහොමද යකෝ

වැඩක් කරගන්න ආවම උප්පැන්න සහතිකෙත් අරන් එන්න කියන්නද
නොදකිං තෝව කොටියම කන්න ඕනා
පොඩ්ඩක් හිටපන්කෝ සැනසිල්ලේ මේක බොන්න දීලා

අපේ ගැන්සියේ සාතන්ලා සෙට් එක නම් මෙලෝ රහක් නෑ

කෙල්ලෙක් එනවා දැක්කොත් මට කනක් ඇහිලා ඉන්න නෑනේ
නොදකිං මුං සෙට් එක

උඹ යන්නද යන්නේ


ඔව් බං තව වැඩ වගයක් තියනවා කරන්න


මේ අරක කතා කලොත් කියපන්


හරි හරි කියන්නම් ආයේ එනවා කිව්වේ සඳුදට



--------------------------------------------------------


මේ... අන්න තමුසෙට කෝල් එකක්

පොඩි මල්ලි ගමටම ඇහෙන්න කෑ ගහලා කිව්වනේ
නොදකිං මූ නං
අපරාදේ දන්නවානං ෆෝන් එකේ ස්පීකර් එක ගලවලා මුගේ කට හයි කරනවා අමාරුවෙන් හරි

කාගෙන්ද?


මම දන්නේ කොහොමද


ඕක පොඩ්ඩක් අරන් එනවාකෝ මම වැඩක්


ආ මෙන්න 


නොදකිං මූ මේක ගේද්දි හැට පැයක් ගියානේ දැන් ඉතින් ආයේ ගන්න වෙනවා කමක් නෑ බලමුකෝ කාගෙන්ද කියලා

ම්.... මේක නම් පුරුදු නොම්මරයක් නෙවෙයි
ගමුකෝ බලන්න ආයෙ

හෙලෝ


හෙලෝ 


මට කෝල් එකක් අරන් තිබුනා


ආ අයියේ මම අර එදා ආවේ


කවදාද?


ඇයි අයියේ මේ අර ට්‍රැක් එක කරගන්න ඕනා කිව්වේ


ආ මේ ඔයාද?


ඉතින් අද සඳුදා නෙවෙයිනේ 


හරි හරි මම දන්නවා

කතා කලේ අර සින්දුව තෝරගත්තා කියන්න

දැන් මොකක්ද අගට දාන සින්දුව?


ඒ ආර් රහුමාන් ගේ ට්‍රැක් එක


ආ ඒක නම් ගැලපෙනවා

මමත් ඔයාට කියන්න හිටියේ ඒක හොඳයි කියලා

දැන්ද කියන්නේ


මම නෙවෙයිනේ නටන්නේ


හරි හරි මම එන්නම් හෙට උදෙන්ම

කීයටද ඔයා ඉන්නේ සීට් එකේ

මම නම් ඉතින් උදේ පාන්දර 10ට විතර වගේ තමයි නැගිටින්නේ


අපෝ කම්මැලියා


හරි හරි කෝල් එකක් දීලා එන්න




----------------------------------------------------------------


ඊලඟ කොටසට මෙතනින්

1 comment:

  1. http://nelumyaya.com/?p=1912
    බ්ලොග් සංසදයට පස්සේ දාන්නම්. ඇප්ලයි කලාම.

    ReplyDelete

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා