Pages

Wednesday, May 29, 2013

යාළුවෙක් මුන ගැසුනා

නමක් ඇති රුවක් නැති
සිතක් ඇති සිනහ මුසු
දුක වසා සිතේ ඇති
වෑයමින් අනුන් සිත
සනසනා එයින් හිත
නිමක් නැති සිත් සසර
වෙර දරන පැතුම් පොදි
දුටිමි නැත කෙනෙකු ඒ වැනි

හමුවුනේ පළමුවර
වත් පොතේ පහසුවෙන්
මා නොදැන කතා කල
බොහෝ වටිනා දැනුම් පොදියක්
තුති පුදා පිළිගතිමි
මා පැමිණි අරමුණට
ඉක්මනින් ලංවෙන්න
ලැබුනු හැම අදහසම
වටිනවා රන් විලස

දිනෙක මගෙ ජීවිතය
ගමන් මග එලිවෙන්න
මේ කරන වෑයමට
දුන්න හැම සහය ඔබ
අගෙයි රන්මසු පමණ


ලීවේ

හොඳම යාළුවා

2 comments:

  1. අළුත් බ්ලොග් එකට සුභ පතනවා!!!
    දිගටම ලියාගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. මගේ බ්ලොග් එකට ඉස්සෙල්ලාම ලැබුන කොමෙන්ටුව ඔයාගෙන්, මගේ කටහඩට අමුතු මාකට් එකක් තියෙනවා කියල ඉස්සෙල්ලාම කිව්වෙත් ඔයාමයි මෙයිට සෑහෙන කාලෙකට කලින්. දැනට නම ගම නොකිව්වට තරහ වෙන්න එපා සුදුසු වෙලාව ආවම කියන්නම්

      සල්ලි ඉස්සරහ බලය ඉස්සරහ මනුස්සකම පාවා නොදීපු
      බීලා වෙරි වෙලා පිස්සු කෙලින එකාගෙත් හොඳක් දැකපු
      ඇති දේ ඇති හැටියෙන් කරදර මැද්දේදිත් දැකපු මරේට
      ගොඩක් ස්තුතියි

      Delete

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා