Pages

Thursday, February 10, 2022

සිහින සිතැත්තී

වර්ශ 2017 මැයි 06 දින

අමන්දා නැමති මගේ යෙහෙලියකට දෙන්න උපන් දින තිලිණයක් නොමැති බැවිනුත් ගත්තත් ගිහින් දෙන්න තරම් බැරි දුරක සිටි බැවිනුත් තිලිනයක් ලෙස ලියූ සතරපද ගීයක්වුන අපූරූව

 

සංගීතය අමිත් සමීර සොයුරා විසින් (නැවක විදුලි ඉංජිනේරුවෙක් ලෙස සේවය කරන අතර තුර) 2017 මැයි 17 දින ලබා දුන්නා

 

chorus

G C Am 

සිහින සඳ මුවා වෙන මල් සිතැත්තී 

C D G 

සිනා මඬල පායන පුන් සඳැත්තී

 Am C 

සිහින් නෙත් දිලෙයි රන්වන් මුවැත්තී

 Am D G

 සිහින දකින්නට යන්නෙද රුවැත්තී 

 

 verse 1

G C Am 

 සිහින් බඳ පුරා රතැඟිලි - රුවා ඉන මතින් අල්ලන්

 D C Am G

 මා දිහා බලා ඉන්නා තරු දෙනෙත් ඔබේ

 C Am 

බලා සිටින ඔය ඇස් දෙක - සසර පුරාවට හුරු බව

 D C Am G

 මගේ හිත කියන ඒ දෙය දැනෙනවද ලඳේ 

 

 verse 2

G C Am 

පාරමී පුරා මේ ලෙස ආවා වාගේ මා වෙත 

D C Am G 

සසර පුරාවට අත්වැල් බැඳෙනවද ලඳේ 

C Am 

සරා බැල්ම හිත පුරාම දැනෙන ඔබේ මුව සුසුමන්

 D C Am G

 කොපුල් මත වැටී ඉල්ලයි ආදරේ මගේ