Pages

Friday, October 24, 2014

යශෝදරා 32

සොරි නංගා
මම කාලා ටිකක් ඇඳට වෙලා හිටියා
මහන්සියට දන්නේම නැතුව නින්ද ගියා

ආ ඒකට කමක් නෑ

හදිස්සි දෙයක් නෙවේ

මොකක් හරි වැඩක්ද?


වැඩක් කිව්වට වැඩකටමත් නෙවේ

පොඩි දෙයක් අහගන්න

ආ... මොකක්ද ඉතින්?


විශේෂ දෙයක් නෑ

මම ඒක පස්සේ අහන්නම්

කමක් නෑ කියන්න


මම මේකෙන් ප්‍රසන්ටේෂන් එකක් හදන්න බැලුවා

ටිකක් පැටලෙනවා වගේ වැඩේ

මම කියලා දෙන්නම්


හරි මම පස්සේ ඒක අහගන්නම්


මේ ඒ නෙවේ අද පුස්ථකාලෙ මරු වැඩක් උනානේ
අද දෙන්නෙක් බැනුම් ඇහුවා
ඒක අස්සේ සද්ද කරලා


ඔයා දන්නවද ඒ කවුද කියලා?


මට හරියට මතක නම් නෑ

ඒත් දැකලා තියනවා වගේ මතකයි

ඔයාලගේ අම්මත් හිටියද ඒක වෙද්දි?


නෑ නෑ අම්ම එලියේ හිටියේ


ඇති යන්තං නූලට බේරිලා අපේ සාතංලව
ඔයාට මතකද අපේ සමාධිව?


ඔව් මට ටිකක් මතකයි


එයාගේ පස්සෙන් ආපු දෙන්නෙක්ද කොහෙද

හී හී හොඳ වැඩේ එයාලට

අපෝ පස්සෙන් යන එක නම් චාටර් වැඩක්


ඒක තමයි

එතකොට එපා වෙනවා
මම එහෙ මෙහෙ යද්දි
අම්මත් එන හින්දා එච්චර අවුලක් නෑ
නැත්නම් එපා වෙනවා එලියට ගියාම

ඔයා ඉතින් ලස්සනයිනේ

කොල්ලො පස්සෙන් එන එක අහන්නත් දෙයක්ද

හී හී අනේ මම දන්නේ නෑ

එහෙනම් ඉතින් ඔයාගෙ පස්සෙනුත්
කෙල්ලො එන්න එපැයි

ඉතින් මම ලස්සනයැ


ඒ ඔයා හිතන් ඉන්න හැටි


කෝ ඔයාලයි අම්මා?


අම්මා නෑ


එහෙනම් කමක් නෑ


මොකක්ද දන්නේ නෑ අද අපේ අම්මයි

ඔයාලගේ අම්මයි කතා උනේ

තාම මුකුත් කිව්වේ නෑ ඒ ගැන

අහන්නත් බයයි
අද බැනුම් ඇහුවනේ wrist-let එක වට්ටගත්තට

මොනාද කියන්නේ?


මට කියනවා 

ඒ ළමය හින්දා හොඳයිලු
වෙන කෙනෙක් ගත්ත නම් හම්බවෙන්නේ නෑලු

හපොයි


අවුලක් නෑ



ඒ උනාට ඔයා පව්


නෑ ඉතින් මගේ වැරැද්දනේ


හරි ඒකෙන් කමක් නෑ

ආයේ ආවම මතක් කරලා ගෙනියන්න

මට නම් ඕක ඕන නෑ


අනේ ඉතින් මේක මම තියාගෙන හරි යනවද?


හී හී තියාගත්තත් කමක් නෑ මාව මතක් වෙන්න


ඔයාව මතක් වෙන්න ඕක තියාගන්න ඕන නෑ මට


ඇත්තටමද කිව්වේ?


ඔව් ඇත්තටම තමයි කිව්වේ


යශෝදරාගේ කටහඬ නිකං මලානික උනා වගේ


ඇයි එහෙම කියන්නේ

මාව මතක් වෙනවට කැමති නැද්ද?

ඔයාව මතක් වෙනවට මගේ අකමැත්තක් නෑ

මම කිව්වේ ඉතින්
ඕක නැතත් මට ඔයාව මතක් වෙනවනේ 

හී හී මම බය උනා හොඳටම

බය වෙන්න එපා

මම අමතක කරන්නේ නැතුව ඉන්නම්

එහෙනම් ෂෝයි


මේ ඒක නෙවේ

අම්මා ඉන්නවද කියලා බයේ මම නොකියා හිටියේ

මොකක්ද?


අර පුස්ථකාලේ චාටර් උනේ

අපේ සෙට් එකේ යාළුවො දෙන්නෙක්

නෑ නේ


ඔව්

මල මගුලයි කව්ද දන්නේ මුන් දෙන්නා
සමාධිගෙ පස්සෙන් ගිහිල්ල කියලා

මට ඇවිල්ලා විස්තරේ කිව්වා


ඉතින්?


මොනාද ඉතින් බඩවල් අල්ලන් හිනා උනා මිසක්


මම අම්ම ඉන්නවද කියලා ඇහුවේ ඒක දැනගන්න

මොකද අපේ බුවාල දෙන්න ඔයාලගේ අම්මට චාටර් උනොත්
එහෙම පස්සේ ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් හින්දා

ඒ කිව්වේ


ඒ කිව්වේ මේ දෙන්නා මම එක්ක ඉන්නවා දැක්කොත්

ඔයාලගෙ අම්මා හිතයි මම ආශ්‍රය කරන්නේ මේ වගේ අයද කියලා

ඒකත් ඇත්ත තමයි


අම්මෝ ඔයා හිතලා තියන දුර


නැත්තං ඉතිං මෙහෙම නිකං හිටියොත්

බෙල්ලත් නැතුව යයි

මේ මම යන්නම් අයියෙ 

දැන් අම්මා මෙතනට එන්න කලින්
කිචන් එකට ගිහිල්ලා පොඩ්ඩක් බටර් ටිකක් ගාන්න ඕනා
නැත්තං අර විස්තරේ අහගන්න විදියක් නෑ

ඔව් ඔයා ගිහින් ශේප් වෙන්න එහෙනම්


හා මම තියන්නම් අයියේ

බුදුසරණයි

බුදුසරණයි නංගා


-------------------------------------------------------






ඊලඟ කොටසට මෙතනින්

ඉස්සෙල්ලා කොටසට මෙතනින්


Thursday, October 23, 2014

යශෝදරා 31

අමාරු නම් කමක් නෑ

අහන්න පුලුවන් ඒත් අම්මා ආවොත්

හරි එහෙනම් පස්සේ අහන්න

කියද්දිම යශෝදරාගේ අම්මා ආවා

ඉතින් පුතේ කොහොමද අපේ වැඩේ?

ඒක හරි ආන්ට්
වැඩේ ඉවරයි දැන්
ගෙනියන් පුලුවන් ලැප් එක

හොඳයි
කොහොමද අපේ ගාස්තුව

අපෝ මේකට සල්ලි එපා

එහෙම හරි යන්නේ නෑනේ
ඔයාගෙ රස්සාව නේ මේක

ඒ උනාට
අනේ මන්දා
මට ගානක් කියන්න බෑ මේකට

හොඳයි ඔයා මේ වැඩේ වෙන කෙනෙක්ට
කරලා දුන්නොත් කීයක් ගන්නවද
සාමාන්‍යයෙන්

මට මේකට සල්ලි එපා ආන්ට්
ඉගෙන ගන්න කෙනෙක්ට 
උදව්වක් කියලා හිතන්නකෝ

හරි ඉන්නකෝ මම ඔයාගේ අම්මට දෙන්නම් මේක

නෑ නෑ ඕන නෑ ආන්ට්

අනේ අයියෙ
ඕක ගන්නකෝ 
මමනෙ කියන්නේ ඉතින්

හරි මම ගන්නම්

ආ මේක තියාගන්න
මදි නම් කියන්න

මෙන්න බොලේ යශෝදරා අම්මගෙන් සල්ලි ඉල්ලගෙන මට 5000 කොලයක් දික් කරපි

මට මේක වැඩියි මේ වැඩේට

ඒකට කමක් නෑ අයියේ ඔයා මේක ගන්න
ඉක්මනින්ම වැඩේ කරලත් දුන්නනේ

තෑන්ක්ස් 

එහෙනම් අපි යනවා පුතා
ආ ඔයාගෙන් තව උදව්වක් ඕන

මොකක්ද ආන්ට්?

කරදරයක් නැත්නම් විතරක්
දුවට අමාරු දේවල් ටිකක් කියා දෙන්න පුළුවන්ද?

ආ ඒක මම කරලා දෙන්නම්
ඕන උනාම කෝල් එකක් ගන්නකෝ මට

තෑන්ක්ස් පුතා
අපි යනවා එහෙනම්

අපි යනවා අයියේ
පරිස්සමින් ඉන්න
බුදුසරණයි

හොඳයි පරිස්සමින් යන්න නංගා
බුදුසරණයි


යශෝදරා ගියේ හිත පුරෝගෙන කියලා මට නම් තේරුනේ
ඉබ්බ දියට දැම්මම ඇන්නෑවෙ කිව්වා වගේ
අමාරු දේවල් ටික මගෙන් අහගන්න කිව්වනේ
දැන් නත්තල් වගේ ඇති කෙල්ලට

මොනාද දන්නේ නෑ අම්මත් එක්ක කතා කලේ එච්චර වෙලා
අහන්නත් බෑනේ
ඕක අහන්න ගිහිල්ලා තව කාඩ් එකක් දාගන්න වෙන්නේ

නොකර සද්ද යශෝදරාගෙන් අහගන්න ඕන

දැන් ගිහිල්ලා කන්න ඕන හොඳටම බඩගිනියි

අම්මේ කෑම බෙදන්නකෝ
මට බඩගිනියි

ආ ඉන්න මම බෙදලා කතා කරන්නම්

අම්ම කෑම එක බෙදනකල් තාත්තා ගාවට ගිහින්
බිල් ගෙවපු රිසිට් ටික දීලා ආවා

මේ මොකක්ද යකෝ මේ තියෙන්නේ
පොඩි චේන් පොටක් වගේ

wrist-let එකක් නේද?
මම හිතන්නේ මේක යශෝදරාගේ වෙන්න ඕන

කෝල් එකක් දෙන්න ඕන

හෙලෝ නංගා

හෙලෝ අයියේ

ඔයාල තාම මගද?

නෑ අපි ගේ ගාවට ආවා විතරයි
ඇයි කතා කලේ?

ඔයාගේ Wrist-let  එක වැටිලා හිටපු තැන

ආ ඇත්තද?

දැන්නම් එන්න විදියක් නෑ
අපි වෙන වෙලාවක ඇවිල්ලා ගන්නම්

හා එහෙනම් 
මම මේක අරන් තියන්නම්

හොඳයි අයියේ බුදුසරණයි

බුදුසරණයි නංගා

ඒකත් හරි

අම්මා කතා කරන්නේ කෑම බෙදලා වෙන්න ඕන
ගිහිල්ලා ඒකත් කාලා පොඩ්ඩක් ඇල වෙලා ඉන්න ඕන
අද නම් හරිම මහන්සියි

-------------------------


හුටා පොඩ්ඩක් ඇල උනා තමයි 
නැගිටිද්දි ඇල ගඟ වෙලා 
ගඟ මූදට ගලාගෙන ගිහිල්ලා
හොඳටම හවස් වෙලා

බලමු ෆෝන් එක
හුටා මිස් කෝල් ගොඩයි

කව්ද කතා කරලා තියෙන්නේ
අපේ සාතංලා කතා කරලා තියනවා
තව යශෝදරා කතා කරලා තියනවා
තව මේ කව්ද නොදන්න නොම්මර 2කුත් තියනවා

දන්නේ නැති නොම්මර වලට ගත්තම 
කව්ද කස්ටමර්ලා දෙන්නෙක්
ඒ කස්ටියට හෙට එන්න කිව්වා

ගමු බලන්න අපේ සාතන්ලට

හෙලෝ

කියපං

උඹලා කොහේද ඉන්නේ?

මම ගෙදර බං

උඹ ෆෝන් එක ගත්තේ නැති හින්දා අපි ආවේ නෑ

දවල් පොඩ්ඩක් ඇල උනා
මට නින්ද ගියානේ හොඳටම

ආ ඇත්තද එහෙනං හීනෙකුත් බලන්න ඇතිනේ
යශෝදරා හිටියේ නැද්ද හීනෙං

හිටියා 
යශෝදරා හීනෙං මට ඇරියා
උඹටත් ඕන නං කියපං මම ඇරෝලා දෙන්නං
මේ පිස්සු කියවන්නේ නැතුව අනිත් උං කෝ කියපං

උනුත් ගෙවල්වල බං

එහෙනං අපි හෙටම සෙට් වෙමු 

එල 

අනිත් උන්ට කියපං හෙට සෙට් වෙමු කියලා

හරි මං කියන්නං

දැන් ගමු යශෝදරාට
මොකටද දන්නේ නෑ ගත්තේ

හෙලෝ

හෙලෝ අයියේ

--------------------------------------

ඊලඟ කොටසට මෙතනින්

ඉස්සෙල්ලා කොටසට මෙතනින්

යශෝදරා 30

මේ අපි යං දැං
උඹට වැඩක් තියනවා කිව්ව නේද?

ඔව් බං අර ලැප් එකේ වැඩේ ඉවර කරන්න ඕන


ඒකනේ වරෙල්ලා දැන් පිස්සු කෙලියා ඇති


යං එහෙනං


අපි යනවා


හවසට කෝල් එකක් දෙන්නං


එල

හවසට කෝල් එකක් දීපල්ලා

සෙට් එක ගියාට පස්සේ දාලා ආපු වැඩේ බලන්න ගියේ

ඒකත් ඉවර වෙන්න ඔන්න මෙන්න

ඉතුරු ටිකත් ඉවර කරලා

අන්තිම සෙටින්ග්ස් ටිකත් හදලා දාලා
බඩු ටික පැක් කලා තිබ්බ විදියටම

ගන්න ඕන කෝල් එකක්


හෙලෝ


හෙලෝ අයියේ


ඔයාගේ වැඩේ ඉවරයි නංගා


ආ එහෙමද අපි මේ වැඩ ටික ඉවර වෙලා එන්නම්


කොච්චර වෙලාවකින්ද?


තව පැයකින් විතර


හරි ඔයාලා එන්න

මේක ලෑස්තියි

ඔයාගේ ගාස්තුව කීයද?


මේ මට සල්ලි එපා මේකට


අයියෝ එහෙම කොහොමද

සල්ලි ගන්න

හරි හරි ඔයාල එන්නකෝ ඉස්සෙල්ලම


හා අපි එන්නම්කෝ


ඒක තමයි 


බුදුසරණයි අයියේ


බුදුසරණයි නංගා


ඒකත් හරි


දැන් තියෙන්නේ තේ එකක් බොන්න



තව ටිකෙන් ගොඩක් කතා කරන්න තියනවනේ

මේකට සල්ලි නොගන්න එකට

එයිට කලින් දිව කට තෙමාගන්න එපැයි


අම්මේ........


ඇයි පුතේ 


මට තේ එකක් හදලා දෙන්නකෝ


ඉන්න තව ටිකෙන් ගේන්නම්

අන්න තාත්තා ඔයාට කතා කලා

හා මම බලන්නං


මෙලහකට බැංකු යන්න වෙන්න ඇති

නැත්තං වෙන මොකටද

කෝකටත් ගිහින් බලනවා


තාත්ත මට කතා කලාද?


ආ ඔව් මේ බිල් වගයක් තියනවා ගෙවාගෙන එන්න

මෙන්න සල්ලි

හා

දැන් හදිස්සි නෑනේ

දැන්ම ගෙව්වත් කමක් නෑ

කොහොමත් 12ට කලින් ගෙවන්න වෙයි

හරි මම ගෙවලා එන්නම්


ඒ ටිකත් අරගෙන බැංකුවට යද්දි හෙන පෝලිමක්

අයියෝ සල්ලි

යකෝ සල්ලි දෙන්න තියන අමාරුව

මම හිතන් හිටියේ ගන්න විතරයි අමාරු කියලා
නොදකිං තව ටිකෙන් යශෝදරා එනව
දැන් මෙහෙම පරක්කු වෙලා ගියොත් 
යකා වගේ යන්න වෙන්නේ දූවිලි පෙරාගෙන

ඒකත් ඉක්මනටම ගෙවාගෙන 

ගෙදර ආවේ ඊලඟට අම්මගෙනුත් බැනුම් අහන්න ඕන හින්දා
තේ හදන්න කියලා දාලා ආවනේ

කොහේද ඔයා ගියේ 

අන්න තේ එක සීතල වෙලා ඇති

හරි හරි මම බොන්නම්


ඉක්මනටම තේ එකත් උගුරට හලාගෙන

මූනකට හෝදගෙන එද්දිම යශෝදරා ඇවිල්ලා බලන් ඉන්නවා
මම එනකල්

හුටා අපේ අම්මත් එක්ක "වෙන්න නැන්දම්මා" කතාව

මොනා කියෙව්වද දන්නේ නෑ

යශෝදරා නම් පනාව දාගෙන ඉන්නවා


ඇත්තටම අපි ඉන්න තැන දැක්කම 

යශෝදරාලගේ ගෙදරින් කැමැත්ත දෙයි කියලා
මට නම් පොඩිත්තක් වත් විස්වාසයක් නෑ

ඔයා එනකල් තමා මම බලාගෙන හිටියේ


යශෝදරා මගෙන් ඇස් අහකට ගන්නේ නැතුවම කිව්වා


දැන් ආවනේ ඉතිං

ඔයාගේ වැඩේ නම් හරි

ම්.. මොකද කරේ


මම බැංකුවට ගියා නංගා

එද්දි මහපාරේ දූවිලි කාලා
අව්වට පිච්චිලා එද්දි හරිම අමාරුයි
ඉතින් ආපු ගමන් මූන හෝදගන්න ගියා

මම හිතුවේ නාලා එන්නේ කියලා


නෑ නෑ කොන්ඩේ තෙමුනට නෑවේ නෑ


කෝ ඔයාගේ යාළුවෝ ටික?


ඔය ඇවිත් ගියේ අද උදේ


ඔයාවත් ඇහුවා කෝ කියලා


ආ ඇත්තද?

මාව මතකයි එහෙනම්

ඔය ඇස් කාටද අමතක වෙන්නේ

නෑ මං කිව්වේ මේ 
ඔයාව ඉතින් එහෙම අමතක වෙන්නේ නෑනේ

හුටා ඒක මම කිව්වා නෙමේ කියවුනා

කොහොම උනත් ඒක ඇහුනම
යශෝදරාගේ ඇස් නම් දිලිසුනා

මම මේක ගැන ගොඩක් දන්නේ නෑ අයියේ

ඔයාට පුලුවන්ද මට මේක කියලා දෙන්න

අපොයි පුලුවන්

ඔයා වැඩ කරගෙන යද්දි 
තේරුම් ගන්න අමාරු දෙයක් තියේ නම් 
මට කතා කරලා අහගන්න

ඒක ෂෝයි

ඒක නෙවේ අයියට ලැප් එකක් නැද්ද?

නෑ මට ඉතින් මේක තමයි ඔක්කොටම තියෙන්නේ


මේක ඇද්ද වැඩ වලට?


අවුලක් නෑ ඉතින් 

ඇදගෙන යනවා

කොහොමත් මේක පොඩ්ඩක් මොඩිෆයි කරලා තියෙන්නේ

මට ඕන විදියට
ඒ හින්දා එච්චර අවුලක් නෑ

අනේ මන්දා මට නං ඕවා එච්චර තේරෙන්නෙ නෑ


ඔයාලගෙ අම්මයි අපේ අම්මයි

මොනාද දන්නෙ නෑ මෙච්චර වෙලා කතා කරන්නේ

දන්නේ නෑ 

හැබැයි ගෙදර ගියාම කියයි
එතකොට මම ඔයාට කියන්නම්

ඔව් අනිවාරෙන්ම කියන්න


අම්මා නැති වෙලාවක තමයි ඉතින්


මේකට ඔෆිස් දැම්මා නේද?


ඒක දැම්මා


තව ඔයාට ඉගෙන ගන්න ඕන කරන 

වැඩසටහන් වගේකුත් දැම්මා

ඒක හොඳයි


අම්මලගේ කතාව දැන්මම ඉවර වෙන්නේ නැති හැඩයි


ඉතින් හොඳයිනේ


ඒ මොකෝ?


එතකොට මට ඔයාත් එක්ක කතා කරන්න පුලුවන්නේ


ආ ඒකත් ඇත්ත


ඒක නේන්නම්

ඒකවත් තේරෙන්නේ නැද්ද?

අයියෝ ඔයා දන්නවනේ

මට ඔය වගේ ඒවා මෙලෝ රහක් නෑ කියලා

මම ඔයාට කතා කරන එකද?


නෑ නෑ ඒ වගේ දෙයක් හිතුනේ නෑ කියලා කිව්වේ


ආ ඒක මිසක්

මම හිතුවේ මට කතා කරන්න කැමති නෑ කියලා

පිස්සුද 

මම මොකටද අකමැති වෙන්නේ

මටත් ඕන ඒක තමයි ඒ උනාට
අතන වෙන කතාව හොඳ එකක් උනොත් හොඳයි
ඒක තමයි


අර මොකක්ද මගෙන් අහන්න තියනවා කියලා කිව්වේ


ඔයාගෙන් එකක් නෙවේ අනේ

ගොඩක් අහන්න තියනවානේ

නෑ අනේ දවසක් කිව්වේ

මගෙන් අහන්න තියනවා කියලා
මොකක්ද මන්දා

ආ ඔව්

අහන්න තියනවා තමයි

ඉතින් අහන්නකෝ


අනේ මේ දැන්


ඔව් දැන් අහන්න


මෙතන අමාරුයිනේ

දැන්ම අහන්න ඕනද?

----------------------------------------------


 ඊලඟ කොටසට මෙතනින්

ඉස්සෙල්ලා කොටසට මෙතනින්


යශෝදරා29





මේකයි බං උනේ

කියපංකෝ විස්තර ඇතුව

අපි අද ටවුන් එකට ගියා

මොකටද?

කෙල්ලෙක් බලන්න

ඉතිං

ඉතිං කියන්නේ අපි කෙල්ලගේ පස්සෙන් පොඩ්ඩක් කැරකුනා

ඒකි දැක්කේ නැද්ද තොපි කැරකෙද්දි?

නෑ බං චාටර් නොවෙන්න ගියේ

ආ එහෙනං අවුලක් නෑ

ඔව් ඔව්
ඉඳපංකො කියනකං විස්තරේ

කියපංකො ඉතිං

මේකි රිංගුවෙ නැතෑ පුස්ථකාලෙට
අපිත් ගියා ශේප් එකේ ඇතුලට

ම්.. ඊට පස්සේ

ඊට පස්සේ බං ඒකි අර පොත් රාක්කෙ තිබුන
පොතක් අරන් මේසයක් ගාව වාඩි උනා

අපිත් මොකක්ද මන්දා ඒ හරියේ තිබුන පොතක් අරං 
කෙල්ලව පේන හරියෙන් ඉඳ ගත්තා

ඒ අස්සේ මූ හොරෙන් බලනවා කෙල්ල දිහා

මම කිව්වා නෝට් වෙයි බලන්න එපා කියලා

අනේ මේ තෝව කන්න ඕන
තොගෙ ඔය හැකර කට හින්දා තමයි ඔක්කොම

පල යන්න ගස් ගෙම්බා 
මම විතරද එතකොට චාටර් උනේ

ඉතිං තෝත් චාටර් උනේ

හරි හරි දැන් මොකක්ද උනේ කියපල්ලකෝ

මූ ඉස්සි ඉස්සි බලනවා අර කෙල්ල දිහා
මම එපා කිව්වා

ඉතිං

කිව්වට ඇහුවේ නෑනේ
ඉතිං මම ටිකක් සද්දෙන් කිව්වා

ඒක ඇහුනා එතන හිටපු

පුස්ථකාලෙ බලාගන්න ඩයල් එකට

ඉතිං 


මිනිහා ඇවිල්ලා බැලුවා

කව්ද සද්ද කරන්නේ කියලා

උඹලව අහු උනාද?


නෑ බං අපි සද්ද නොකර හිටියා අර පොතට කවර් වෙලා


ඊට පස්සේ මූ අපි ඉන්න හරියට ඇවිල්ලා

වට පිට බල බල හිටියා

ටිකකින් කවුරුත් සද්ද නෑ

අපිටත් අවුලක් නෑ 
දැන් වැඩේ ශේප් නේ කියලා හිටියා

ටික වෙලාවකින් මෙන්න මූ

ටිකක් සද්දෙන් කියනවා

මේ ඔය ළමයි මෙතන සද්ද කරන්න එපා

පොත් කියවන්නේ නැත්තං යන්න මෙතනින් කියලා
මෙතන අනිත් අයට කරදර කරන්නේ නැතුව ඉන්න කියලා

අපිත් සද්ද නොකර හිටියා

අපිට නෙවේනෙ කියන්නෙ

ඉතිං මොකද උනේ?


මාර වැඩේනේ උනේ


ටිකකින් මූ අපි ලඟටම ඇවිල්ලා කියනවා

ඔයාල පොත් කියවන්නේ නැත්තං මෙතනින් යන්නලු

මුලු පුස්ථකාලෙම ඉන්න උං අපි දිහා බලං ඉන්නවා


ලැජ්ජාවටම මම ඇහුවා ඇයි සර් එහෙම කියන්නේ අපි මේ පොත් කියවන ගමන්නේ ඉන්නේ කියලා


 ඊට පස්සේ


එතකොට මූ කියනවා


අයිසෙ මගෙ මුලු ජීවිත කාලෙම 

පොතක් උඩ අතට පෙරලගෙ කියවන එකෙක්ට කියලා
තමුසෙලව තමයි දැක්කේ

එකෙක් නං මොකද දෙන්නම අනිත් පැත්තට පොත් තියාගෙන ඉන්නේ


මෙතන සද්ද කර කර අනිත් මිනිස්සුන්ට 

කරදර කරන්නෙ නැතුව යනවා ඕයි කියලා
අපි දෙන්නව එලෙව්වා බං

මාර ලැජ්ජාව බං උනේ 

සේරම අපි දිහා බලාගෙන හිනා උනා
අපි දෙන්නා සට පට ගාලා වාෂ්ප උනා එතනි

ඔව් බං 
එතනිං එලියට ආපු හැටිවත් මතක නෑ

හූ හූ අඩෝ තොපි දෙන්නා හොඳටම චාටර් වෙලානේ

මේ යකෝ ඒක නෙවේ 
දැන් ඔය සිද්දිය වෙද්දි යශෝදරා හිටියද?

ඔව් යකෝ හිටියා නේන්නම්


නොදකිං තොපි නං

කෙරුවොත් ඔය වගේ වැඩක්නේ

යශෝදරා දැක්කද සිද්ධිය?


දැක්ක බං අපි හොඳටම චාටර්


හපොයි දෙයියනේ

යශෝදරාලයි අම්මත් දැක්කද?

ම්... ඒක නං මතක නෑ

හිටියද කියලා එතන

අපි ඇතුලට යද්දි නං එලියට වෙලා හිටියෙ

හරියටම කියන්න බෑ

යශෝදරායි අම්මයි තව ටිකෙන් මෙතනට එනවා

තොපිව දෙන්නව දැක්කොත් එහෙම මට තව කේස් එකක්

යශෝදරාට මොනව හරි කිව්වැකි
"වෙන්න නැන්දම්මට" මොනාද මම කියන්නේ

උඹලත් මාර බාල්දි බං පෙරල ගන්නේ


දැන් ඉතිං මොනා කරන්නද?


දැන් ඒක නෙවේ සීන් එක

උඹලා ටෝක් කරපු කෙල්ලගෙන්
හොඳට ලකුනු වැටෙන්න ඇතිනේ

ඔව්

අද මුං පළවෙනි දවසෙම ශතකයක් ගහලා හින්දා
හරි සෝක් ඇති

ඇද්ද තොපිට


හූ හූ

අඩෝ හිනා වෙන්න එපා බං


හිනා වෙන්නැතුව අඬන්නද කියන්නේ


සිරාවටම තව ටිකෙන් අර වැඩේ ඉවර උනාම යශෝදරාට කෝල් එකක් දෙනවා

කට්ටිය එද්දි උඹලා දෙන්නා පොඩ්ඩක් වහං වෙලා හිටපල්ලා

--------------------------------------------------


ඊලඟ කොටසට මෙතනින්

ඉස්සෙල්ලා කොටසට මෙතනින්











යශෝදරා 28


ගෙදර ඇවිල්ලා නෑවා ඔක්කොටම කලින්


ඉතුරු වැඩ ටික ඉවර කරද්දි හවස් වෙලා හොඳටම

ආයෙත් නාලා ඉන්න ඕන
පාන්දර කෙලපු පිස්සුවට තාම හොඳටම නිදිමත හින්දා

හෙට උදේම යශෝදරා එනවනේ ලැප් එකත් උස්සන්

අම්මත් එක්ක ආවොත් තමයි වැඩේ

තනියම ආවොත් නං අර අහන්න තියනවා කියපු එක අහයි

දැන් ඕවා කල්පනා කරලා වැඩක් නෑ නිදාගන්නවා ඇරෙන්න

---------------


ඕහ් උදෙන්ම කෝල් එකක්

හෙලෝ

හෙලෝ අයියේ අපි එනවා තව ටිකකින්

ආ අර වැඩේට නේද?

ඔව් මම අම්මත් එක්ක එන්නේ
ඔයාට ලැප් එක දීලා ගියොත් හදලා තියන්න පුලුවන්ද?

ඔව් අවුලක් නෑ 
මම වැඩේ කරන්නම්

තෑන්ක්ස් අයියේ

අයියෝ ඕවා මොනවද
අරන් එන්නකෝ එහෙනම් ලැප් එක

හරි 
බුදුසරණයි අයියේ

බුදුසරණයි නංගා

--------------

උදෙන්ම නැගිටලා ඉතුරු වැඩ ටිකත් කරලා
බලන් හිටියේ යශෝදරා එනකල්

ආවත් ඉතින් වැඩි වෙලා ඉන්නේ නෑනේ
අනික අම්මත් එනවානේ



ගුඩ් මෝනිං අයියේ

ගුඩ් මෝනිං නංගා

කොහොමද ඉතින් ඔයාට?

වරදක් නෑ ටිකක් නිදිමතයි

අපෝ නිදිකුම්බරයා


ඔයාට කොහොමද?

මම හොඳින් අයියේ
මේක තමයි ලැප් එක

මට තේරෙන්නේ නෑ මේක හදන්න
ඔයා වැඩේ කරලා තියන්න

හරි මම ඉවර කරලා කෝල් එකක් දෙන්නම්

හොඳයි අයියේ
මම යනවා අම්මා බලන් ඉන්නවා 
එලියේ

කිව්වට මොකද කෙල්ලට යන්න හිත නෑ වගේ 

මම ටිකක් වෙලා බලන් හිටියා සද්ද නොකර
ඉන්න තැනින් හෙලවුනේ නෑ
මම දිහාම බලන් ඉන්නවා
මොනවහරි කියනකල්
මේක හරි යන වැඩක් නෙවේනෙ
දැන් මෙයාව යැව්වේ නැත්තං අනිවාරෙන්ම නඩුවක්
"වෙන්න නැන්දම්මා" එලියේ බලාගෙන ඇත්තේ

එහෙනම් පරිස්සමින් ගිහින් එන්න නංගා

හා ඔයත් පරිස්සමින් ඉන්න
බුදු සරණයි අයියේ

මම ඔළුව වැනුවා විතරයි

යශෝදරා එලියට ගියා
පුදුම කෙල්ලෙක් මම කතා කරනකල් කතා කලෙත් නෑ
මම යන්න කියනකල් ගියෙත් නෑ
මම මොනා හරි කියකල්ම බලාගෙන හිටියා
හරි ඒකෙන් වැඩක් නෑ
දැන්ම මේක පටන් ගන්න ඕන

ලැප් එකේ වැඩේ පටන් ගන්න කලින් 
දුමක් දාලා හිටියොත් හොඳයි වගේ
නැත්තං ඕන නෑ මේක ඉන්ස්ටෝල් වෙන්න දාලාම යනවා

ඒකත් වෙන්න දාලා

එලියට බැස්සේ දුමක් දාන්න

එලියට යද්දිම අපේ සෙට් එක එනවා


ආ උඹලා ආපු එක හොඳයි

මම මේ දුමක් දාන්න හිත හිත හිටියේ

අපි අරන් ආවා


කෝ රංගයා


දැන් එනවා කිව්වා


ආ මේ එන්නේ

වරෙන් වරෙන්

උඹලා අපිට කලින් ආවනේ


අපි ගොඩක් වෙලා ඇවිල්ලා

මේ ඒක නෙවේ කියන්න හිටියේ
අන්න උඹේ කෑල්ල පුස්ථකාලේ ඉන්නවා දැක්කා
අම්මත් එක්ක

ආ ඇත්තද?

උදේ මෙහේ ඇවිල්ලා ගියේ

ඒ මොකටද?


අලුතෙන් ලැප් එකක් අරගෙන

ඒකට O/S එක දාන්න කියලා

උඹටත් ඉතිං හරි හැපි නේ


ඔව් මූට ඉතින් අරකිව දැක්කම චූන් නේ


අනේ මේ පල යන්න කබරයා

තොට වගේ කෙල්ලක්ව දැක්කම 
මට ලීක් වෙන්නේ නෑ

අයියෝ නවත්තපල්ලාකො බං


මේ ඒක නෙවේ

උඹ සල්ලි ගන්නවාද ඕකට?

අනේ මන්දා බං

ගත්තත් අවුලක් නෑ
මොකද ඉතිං සල්ලි තියනවානේ ඇති වෙන්න

ඒක හරි එහෙනම් ලොකු ගානක් කියපං


එපා එපා එතකොට මරාගෙන කනවා වගේනේ යකෝ

බාගෙන කන්න තියන වල ඉහගෙන කන්න හොඳ නෑ

කොහොමත් මම එපා කිව්වට අහන්නේ නෑ

අනිවාරෙන්ම සල්ලි දීලා තමයි යන්නේ

හරි මේ ඒකෙන් කමක් නෑ අද මොනාද විස්තර


ආ මේ විස්තර කියද්දි මතක් උනේ

උඹලා මොකටද පුස්ථකාලෙට ගියේ?

ඇයි අපිට යන්න බැරිද?


නෑ යන්න බැරි කමක් නෙවේ මම අහන්නේ


එහෙනම්


තොපි කවද්ද යකෝ පොතක් කියෙව්වේ

ඉස්කෝලේ යද්දිත් මගෙයි රංගයගෙයි කටේ බලේටනේ
තොපි පාස් උනේ
නැත්තං ඒකත් ඉවරයි

ඒක තමයි තොපි දෙන්නා මොකටද පුස්ථකාලෙට ගියේ?


හරි හරි කියන්නං ඉතිං





Thursday, October 9, 2014

යශෝදරා 27

කස්ටිය කොහෙමෙන් කොහෙම හරි චයිනීස් රෙස්ටොරන්ට් එකට ආවා

මේ මොනවද දාගන්නේ?


අනේ මන්දා බලලා මොනවහරි කියපල්ලා


එහෙනම් මචං අපිට චිකන් ෆ්‍රයිඩ් එකයි

තව මොනාද බං?

චිප්ස් එකකුයි


තව....  මොනවාහරි ගන්නවද නැත්තං ?


අපි මේ ටික දාගෙන ඉම්මු

අපිට තව බියර් 5ක් ගේන්න

ස්පෙෂල් බෘ වලින්


ඒ ඇති නේ බං


වේටර්ට ඕඩරේ දාලා අපි සෙට් එක වාඩි වෙලා හිටියා


මේ බං අපි මේ ටිකේ බොනවා වැඩී වගේ නැද්ද?


නෑනෙ


නැත්තෙමත් නෑ බං


බලපංකො අද දවසට අපි සෙට් වෙන දෙවනි පාර


ඒකනං එහෙම තමයි


ඒ උනාට හැමදාම මෙහෙම සෙට් වෙන්නේ නෑනේ


ඔව් ඉතිං අනික අපෙන් කාටත් කරදරයක් වෙන්නේ නෑනේ


මේ මම උඹලට කියන්න හිටියේ 

දැන් මේ යශෝදරාගේ හුටපටයක් පැටලිලා හින්දා
මට පොඩ්ඩක් ශේප් එකේ ඉන්න වෙයි
කොහොමත් අපි ඉතිං කෑවට බිව්වට වෙන අවුලක් නෑනේ

ඒක ඇත්ත


කතා කර කර ඉන්න කොට කෑම ටිකත් ගෙනාවා

බියර් බෝතල් ටිකත් හරි

චිර්ස්


ටික වෙලාවක් යනකල් කට්ටිය කනවා බොනවා විතරයි


මේ දුමක් ගනිංකො


ආ පත්තු කරපං


ගින්දර නැද්ද?


අයියෝ ලයිටරේ දාලා ආවනේ


නොදකිං උඹනං


අර වේටර්ට කතා කරපං

ඌ ගාව ඇති ගින්දර

අයියෝ බං

ඉඳපං මම පත්තු කරං එන්නම්

කොටා ගිහිල්ලා පත්තු කරං ආවා


මේ ඒක නෙවේ

මට උඹලගෙන් උදව්වක් ඕන

කියපං

ඕන දෙයක්

මේකයි අපිට පොඩි විස්තර ටිකක් හොයන්න ඕන


මොන විස්තරද?


යශෝදරාගෙ පවුලේ සාමාජිකයන්ගේ විස්තර


අපෝ අපි හොයන්නං


මේකයි වැඩේ නෝන්ඩි නොවී වෙන්න ඕන


ඒකත් එහෙමයි නේද?


ඔව් අනිවාරෙන්ම


මොකද මේකට ඩිරෙක්ට් බහින්න බෑ


එහෙම උනොත් නඩුවක් වෙන්න ඉඩ තියනවා


අනික තමයි මොනා උනත් කිසිම දෙයක් ලීක් වෙන්න බෑ


ඒක නං අවුලක් නෑ


තව දෙයක්

අපි ඔක්කොම එකතු වෙලා
බිස්නස් එකක් කරලා දියුනු වෙන්නත් ඕන

උඹලාගේ මොනවද අයිඩියා තියෙන්නේ බිස්නස් ගැන


තාම නං මොකුත් නෑ


අපි ඉගෙනගත්ත දේවල් වලින් දෙයක් කරන්න ගියොත්

ගොඩක් සල්ලි ඕන

ඒක හරි


හැබෑටම අපි මොනාද කරන්නේ?


අනේ මන්දා බං


අපි මේ ගැන වෙන වෙනම කල්පනා කරලා

කට්ටයම එකතු වෙලා කතා කරමු

හොඳයි


දැන් අපි කන්න මොනා හරි ගමු


ඔව් අපි මොනාද දා ගන්නේ කන්න?


චිකන් රයිස් දෙකක් ගනිං


එල මම ඕඩරේ දාලා එන්නම්


අඩේ මේ සෝස් පැකට් එක කඩලා දීපන්කෝ


දියං බලන්න


මේකේ හයිය බං


ඇදපංකෝ හයියෙං


හුටා සෝස් පැකට් එක ඇදපු පාරට ඒක කැඩිලා

විසි උනා කෝටුවගේ ඇඟේ හැමතැනම සෝස්


අයියෝ බං මේ මොකද මේ කරේ

කෝටුවා අඬන්න සයිස්

උඹ ඉස්සරහ හිටිය නිසානේ 

දැන් මොකද කරන්නේ

මොනා කරන්නද ඉතින්

ඔය පේපර් සර්වියට් එකක් අරන් පිහාගනිං

අපරාදේ සුදු ටී ෂර්ට් එක


හරි හරි බං හේදුවම යයි


ඇත්තටම යයිද බං?


ඔව් යකෝ  ගිය ගමං හෝදපං

අනික දැන් උඹට වෙරි බහින්න වැඩකුත් එපැයි

අනේ මේ පලයං යන්න ගස් ගෙම්බා

සෝස් හලලා මෙතන තව එනවා නරිවාදං දෙන්න

හරි හරි යකුනේ කෑම ගෙනාවනේද ඉක්මනට කාලා යං


අපි කෑම කාලා ඉක්මනට ගෙවල් වලට වාශ්ප වෙමු


ඔව් තොගෙ ඔය ඇඬියාව පැත්තකිං තියලා කාපිය


අපි කෑම කාලා අපේ ගේ ගාවට ආවා


මේ අපි යනවා එහෙනං


එලකිරි 

පරිස්සමින් පළයල්ලා

හෙට කෝල් එකක් දෙන්නං


----------------------------------------------


ඊලඟ කොටසට මෙතනින්


ඉස්සෙල්ලා කොටසට මෙතනින්




Wednesday, October 8, 2014

යශෝදරා 26

ආං තොගේ කෑල්ල ෂොපිං ගිහින්
"වෙන්ඩ නැන්දම්මා" එක්ක

ආ ඔව් උඹ කිව්වේ මට


ගියේ නැත්තෙ ඇයි?


නිකං වල් වෙන්න ඕන නෑ බං


මම හොඳ ළමය වෙලා ඉන්න වෙලාවේ

චාටර් වෙන්න ගියොත්
නැති නඩු පැටලෙන්න පුලුවං නේද?

ඒක නං එහෙම තමයි

ඒක නෙවෙයි අපි මොකද කරන්නේ?

කතා කරමුද අනිත් සාතංලා ටිකට?


ඔව් කතා කරපංකෝ එහෙනං


මුං ටික තාම නිදි ඇති 


මම හිතන්නේ එහෙම වෙන්න ඕන


ඇහරවපං ඉති

නැත්තං ආතල් එකක්වත් නෑනේ

ඉඳපං ගමු කෝල් එකක්


හෙලෝ


ආ උඹ නිදිද?


නොදකිං බං නිදාගන්න දීපල්ලකෝ


එන්නෙ නැද්ද මේ පැත්තේ?


එන්නත් ඕන


කෝටුවත් එක්කගෙන වරෙං


එල මම එන්නං


ඉක්මනට වරෙන්


හරි හරි බං



මම තියනවා 
එහෙනං
පරක්කු වෙන්න එපා

එලකිරි




හරි ඌ එන්නං කිව්වා

මේ උඹලා දුමක් ගෙනාවේ නැද්ද?

ගෙනාවා


ගහමුකො ඉතිං


ආ පත්තු කරලා ගනිං


දැන් මොකද වෙන්නේ?


මොකද කරන්නේ අපි


අද සෙට් වෙනවද?


අපෝ බං 

පාන්දරත් බිව්වේ

ඔව් බං මට අද උදෙත් වෙරි

හෙන අමාරුවෙන් බැංකුවට ගිහින්
වැඩ ටික කරගෙන ආවේ
හැබැයි ඉතිං අවුලක් නෑ 

මේ මොකද අපේ කස්ටිය තාම පරක්කු

දැන් එන්න වෙලානේ

ඒක තමයි


බලපං ආයේ කෝල් එකක් අරගෙන


ගමු බලන්න


හෙලෝ

උඹලා කොහේද ඉන්නේ?

අපි මේ එන ගමන්



එල එල ඉක්මනින් වරෙල්ලා


එල



උන් දැන් එන ගමන්ලු


ආ එහෙනං දැන් එයි


අද කෑමට කොහේ හරි යංද?


ම්... පොඩ්ඩක් වෙනසකටත් එක්ක


ඒක තමයි 


ඉඳපංකෝ අනිත් සාතංලා එනකං

ආවම කතා කරමු

ආ මේ එන්නෙ කියනකොටම


වරෙල්ලා උඹලා එනකල් තමයි හිටියෙ


ඇයි මොකක්ද කේස් එක?

කෝටුවා හෙල්මට් එක ගලවන ගමන් ඇහුවා

කේස් එකක් නෑ


එහෙනං?


අපි මේ කෑමට කොහේ හරි සෙට් වෙන්න කියලා බැලුවේ


කොහේ හරි කිව්වේ?


කොහේ හරි කිව්වේ අපි මේ තණකොලනෙ කන්නේ

එහා පැත්තෙ පිට්ටනියට යනවා
තොපිටත් එන්න කිව්වේ තණකොල කන්න යන්න
නොදකිං යකෝ කෑමට කිව්වේ
කොහේ හරි රෙස්ටොරන්ට් එකකට

ආ ඉතිං යමු


ඒක තමයි කොහේද සෙට් වෙන්නේ


වැල්ලෙ චයිනීස් එකට


ම් එතනත් හොඳයි


බියර් එකකුත් බොනවද?


නරකම නෑ අදහස


එකක් මදි වගේ නේද?


ම් ඒකත් ඇත්ත තමයි

මොකද ඊයේ පදම තාම ලාවට තියනවා වගේ

කලෙක්ෂන් එකට කීයක් තියනවද?


මම ගාව 500


මං 900ක් තියනවා


මං හන්ටර් බං


අවුලක් නෑ මම ගාව 1200 කි තියනවා


අපෝ ඇති මම ගාවත් 1000 රෙඩි


අදත් හොඳටම සෙට් වෙන්න පුලුවන්


යමල්ලා එහෙනං


--------------------------------


ඊලඟ කොටසට මෙතනින්



ඉස්සෙල්ලා කොටසට මෙතනින්




Tuesday, October 7, 2014

යශෝදරා 25

අපොයි මේ 
ඔන්න ඔහේ ඕන නෑ
මම පාඩුවේ පැත්තකට වෙලා ඉන්නවා
බාගෙන කන්න තියන වල ඉහෙගෙන කෑවම
අන්තිමට මාළුත් නෑ බිත්තරත් නෑ
ඒක හින්දා පාඩුවේ ඉන්නවා

යාළුවට කෝල් එකක් දෙනවා

වැඩේ හරියන්නේ නෑ කියලා

ම් යශෝදරාගෙන් කෝල් එකක්


හෙලෝ


හෙලෝ ගුඩ් මෝනිං අයියේ


ගුඩ් මෝනිං නංගා


කොහොමද ඔයාට?


වරදක් නෑ

කතා කලේ වැඩකටද?

අපෝ ඔව්

අද නම් ගත්තේ වැඩකට

මේ අද අම්මයි මමයි ෂොපිං ගියා


ආ ඉතින්


ඉතින් කියන්නේ 

අද මම ලැප්ටොප් එකක් ගත්තා

හොඳයිනේ

හොඳයි තමයි

ඒ උනාට ඒකෙ මොනවා හරි හදන්න ඕන
පාවිච්චි කරන්න කලින් 
මට තේරෙන්නේ නෑ

ඒ කිව්වේ


ඒ කිව්වේ 

මේකේ ටයිප් කරන්න විතරයි තියෙන්නේ

මොකක්

ටයිප් කරන්න විතරයි

ඔව්

ඒකත් කලුයි සුදුයි

ඒ මොකක්ද ඒ ලෙඩේ

ඕක මේ අලුතෙන්ම නේද ගත්තා කිව්වේ

ඒක තමයි

මේ දැන් අරන් ආවේ

ම්... මම හිතන්නේ O/S එක දාන්න ඕන ඇති

එහෙම එකක් තමයි කිව්වේ

ඔයා දන්නවද ඒක දාන්න

මම නං දන්නවා

මෙහෙට ගෙනත් දුන්නොත් මම දාලා දෙන්නම්

හා මම දැන් ගෙදර ආවා විතරයි

හෙට අම්මත් එක්ක එන්නම්

හොඳයි

එන්න කලින් මට කෝල් එකක් දීලා එන්න

හා අයියේ


ආ මේ තව එකක් 

මතක ඇතුව ඕකත් එක්ක හම්බඋන
CD DVD වගේ ඒවා තියනවානම්
අරගෙන එන්න

ආ එහෙම එකක් තියනවා තමයි

මම ඒකත් අරං එන්නම්

බුදුසරණයි අයියේ

පරිස්සමින් ඉන්න

බුදුසරණයි නංගා




ම්.... ඒකත් හරි

බලමු දැන් මොකද කරන්නේ කියලා
ආ කෝ මේ අපේ යාළුවෝ ටික
ගන්න ඕන කෝල් එකක්

හෙලෝ

උඹලා කොහෙද ඉන්නේ?

ආ අපි මේ රවුමක් දාන්න ආවා

දැන් ටවුන් එකේ ඉන්නේ

එන්නැද්ද මේ පැත්තේ


ඉඳපං අපි තව ටිකෙන් එන්නම්


හරි වරෙල්ලා



අද යශෝදරා කතා කලේ බොහොම පරිස්සමින් වගේ

මට හිතෙන හැටියට අම්මා ලඟ ඉන්න ඇති
නැත්තං ඔයිට වැඩියේ හුරතල් වෙනවානේ
අවුලක් නෑ
කොහොමත් මම මේක දැනගෙන නේ කරන්නේ
අනික යශෝදරා වගේ කෙල්ලෙක් ඇත්තටම හොඳයි
මගෙත් හීන වල හිටියේ මේ වගේ බෝනික්කියෙක් තමයි

ඒ උනාට මේ වගේ සල්ලි කන්දක් එක්ක නෙවෙයි

මම හිතන්නේ හීනේ පැටලිලාද කොහේද

මොනා උනත් ඒ සල්ලි කන්දම තමයි මට හෙනේට හිටින්නෙත්


ඇරත් මට තාම හිතාගන්න බැරුව ඉන්නේ මොනාද කරන්නේ කියලා
යකෝ දියුනු වෙන්න කියලා හොරකම් කරන්නැයි
නැත්තං ඉතිං චන්දෙකටවත් වැඩ කරන්න ඕන
නොදකිං අපි එහෙම දෙයක් හිතුවොත් ලංකාවේ
චන්ද ක්‍රමේත් වෙනස් වෙයි
අපිට ඉතිං වෙන්නේ ඒවගේ වැඩනේ

ඒයි උඹ උඩ බලාගෙන මොකද කරන්නේ

දවල් හීන බලනවද?

-----------------------


ඊලඟ කොටසට මෙතනින්


ඉස්සෙල්ලා කොටසට මෙතනින්