Pages

Sunday, March 24, 2013

සඳ

ඊයේ පාන්දර 2කට විතර උඩම තට්ටුවට ගිහින් තනියම කල්පනා කරද්දි
දැක්කා හඳ පායලා ඒ උනාට වලාකුලු වලින් වැහිලා ක්‍රැක් වෙලා වගේ හඳේ ලයින් එකක් විතරක් පේනවා

සඳ එලිය නෑ අහස වලාකුලින් වැහිලා
පායන්නෙ කවදාද ඇත්තටම මට සඳ
දිවිය එලි කරලා

කියලා කවි පද දෙකක් කල්පනාවට එද්දිම
මෙන්න බොලේ ටිකකින් හඳ පායලා වටේම එලිය උනා

අනේ...... මට එහෙමම අමතක උනා හිතට ආපු කවිය
ඒ උනාට හිත පිරිලා තිබුනා
ඇයි කියන්න මම දන්නේ නෑ

සමහර විට සඳ ආයෙත් එලි වැටුන හින්දා වෙන්න ඇති

සමහර විට මට ඇත්තටම මගේම කෙනෙක් නැති හින්දා වෙන්න ඇති කියලත් හිතෙනවා
ඇරත් මගේ මේ ජීවිතේ ගොඩක් සැහැල්ලුයි

මම තනියම
මම විතරයි

ලීවේ
හොඳම යාළුවා