Pages

Tuesday, November 27, 2012

සුදු මැණි‍කෙට

ඔයා එනකල් තමයි මම මග බලාගෙන ඉන්නේ
ඔයා කව්ද කොයි වගේද දකින්න ආසාවෙන් ඉන්නේ
හැම කැප කිරීමක්ම ඒ වෙනුවෙන් මම කරනවා
සත්තයි.... ඔයා කව්රු උනත්
මම ගැන ආඩම්බර වෙන්නත්
මට ගරු කරන්නත්
පුලුවන් හැම හොඳ දෙයක්ම මම කරනවා
ඒ මගේ විවාහය වෙනුවෙන්
මම ඔයාට දෙන ලොකුම තෑග්ග
ඒක ගත්තට මදි රැක ගන්නත් ඕන
ඒ වෙනුවෙන් ඔයාට ගොඩක් මහන්සි වෙන්න වෙයි
බුද්ධිමත් කම ගැහැනියකට හොඳ දෙයක්
කීකරු කමයි ඉවසීමයි එයිටත් වඩා හොඳ දෙයක්
තව ගොඩක් තියෙනවා ඔයාට කියන්න
ඉඩ ලැබුන වෙලාවක කියන්නම්

බුදු සරණයි
සුදු මැණික