Pages

Friday, October 3, 2014

යශෝදරා 20

කාලා ඉන්නවද නැත්තං
යශෝදරාට කොල් එකක් ගන්නවද?

දැන් වෙලාව 7.20

දැන්ම කන්න බෑ
කෝල් එකක් ගමු

ඒත් අරන් මොනවද කියන්නේ?

අවුලක් වෙන එකක් නෑ
මට කතා කරන්න හේතුවක් තියනවානේ
කොහොමත් මම තෑන්ක් කරන්න එපැයි
මේ තෑග්ගට

ගමු කෝල් එකක්


හෙලෝ අයියේ


මම ගන්නකං බලං ඉඳලා වගේ

රින්ග්ස් යන්නවත් ලැබුනේ නෑ

හෙලෝ නංගා


කොහොමද ඔයාට අයියේ?


වරදක් නෑ


කොහොමද ඔයාට?

මම නම් ගොඩක් හොඳින්

ඒ වගේම ගොඩක් සතුටින්

ආ ඒ මොකෝ?


ඇයි ඉතින් අද වැඩ පෙන්නුවානේ කට්ටියට


ආ ඔව් මමත් දැක්කා

ලස්සනයි ඒක

තෑන්ක්ස් අයියේ


ඔයාටත් තෑන්ක්ස් නංගා මට දුන්න තෑග්ගට


ආ ඒක මොකක්ද?


ඒ උනාට ඒක ගොඩක් වටිනවානේ

ඇයි මෙච්චර වියදම් කරන්නේ

අයියෝ ඔයා ඒ ගැන හිතන්න එපා

ඒක සුලු දෙයක්

ඒක නෙවේ ඔයා කැමති නැද්ද මම දුන්න තෑග්ගට?


මම නම් ගොඩක් ආසයි

ඒ උනාට මම වගේ කෙනෙක්ට මේ වගේ තෑග්ගක් 
ගොඩක් වටිනවා වැඩියි

එහෙම හිතන්න එපා

ඇත්තටම මට වෙලාවක් තිබුනේ නෑ
මෙයිට වැඩියේ හොඳ දෙයක් තෝරගන්න


අම්මෝ මේක මට වැඩිත් එක්ක

බයේ බෑ මාවත් එක්ක හොරු අරන් යයි කියලා

අනේ අනේ ඔයා නම්
හොරු අරන් ගියොත් ඔයාව තමයි
ඔයාව පෑනට වැඩියේ වටිනවනේ

අනේ මාව අරන් ගියොත් හැරෙන තැපෑලෙන් ආපහු එවන්නේ
මල කරදරේ කියලා
 මේ ඒක නෙවේ කෝ අම්මා?

අම්මා  ඉස්සරහට වෙලා මොකක්ද කරනවා

අම්ම මොනා හිතුවද දන්නේ නෑ මං ගැන

අපෝ අපේ අම්මා ඔයාට ගොඩක් කැමතියි

එයා කියනවා ඔයා වගේ හොඳ ළමයෙක් ලේසියෙන් දකින්න නෑලු

ඇහ් ඇත්තටමද කියන්නේ?

මාව දන්නවනම් පේන මානෙකටවත් එන්නේ නෑ කියලා මට නං හොඳටම ෂුවර්

ඔව් ඔව්

ඔයා දන්නේ නෑ නේ
මට ගෙදරින් ෆුල් ගාඩ් එක කිසිම පිරිමි කෙනෙක් එක්ක නෝ කතා නෝ සිනා
ඇත්තටම මටත් පුදුමයි ඔයාත් එක්ක කතා කරන්න දුන්න එකට

මට එද්දි කියනවා ඒ ළමයා නම් හොඳයි කියලා

තව කියනවා ඔයාව දැක්කම හිතෙනවාලු අනිත් කොල්ලෝ වගේ නෙවේ කියලා

ආ තව දෙයක්

අම්මා කිව්වා මට දැන්මම කා එක්කවත් යාළුවෙන්න එපා කියලා
ඉස්සෙල්ලා ඉගෙනීම ඉවර කරන්න කියලා

ඔයාත් එක්ක යාළුවෙක් වගේ ආශ්‍රය කරන්නලු

පුලුවන් නම් අපේ තාත්තා එක්ක එකතු වෙලා
බිස්නස් පැත්තෙන් දියුනු වෙන්න කියන්නලු

නැත්තං අපි හිතන පතන දේවල් ලබාගන්න ගියාම 

අපේ සමාජ තත්වේ හොයද්දි අපිව නිකංම කැපිලා යයිලු

ඒක හින්දා හිත් රිද්දගන්නේ නැති වෙන්න වැඩ කරන්නලු


මොනවා උනත් ඔයාගේ අම්ම නම්

ගොඩක් තේරුම් ගත්ත කෙනෙක් වෙන්න ඕනා

අනේ මන්දා අයියේ

මම එහෙම නම් දන්නේ නෑ

කොහොම උනත් අපේ අම්මා නම් හොඳයි

හැබැයි තාත්තා එක්ක සෙල්ලම් අමාරුයි
පොඩ්ඩ එහේ මෙහේ උනොත් ඉවරයි

මම ඔයාට කියන්න ගියේ ඒක නෙවෙයි අයියේ

තාම අම්මා අපේ තාත්තට ඔයා ගැන මුකුත් කියලා නෑ

මට හිතෙනවා අපේ අම්මාව සම්බන්ධ නොවී

ඔයා මුකුත් නොදන්න ගානට අපේ තාත්තා එක්ක
වැඩ කරන්න ක්‍රමයක් හොයා ගත්තොත්
ලේසි වෙයි කියලා

අනික මගේ උදව්වත් ඔයාට තියෙනවනේ


ඒක නම් ලොකු දෙයක්


ඇත්තටම මම මේ වගේ දේවල් තාම හිතලාවත් නෑ

වැරදියට හිතන්න එපා
දියුනු වෙන්න කියලා මුකුත් කරලත් නෑ
ඉගෙන ගත්තා 
ඒ උනාට මටම කියලා දෙයක් කරගන්න හිතුනේ නෑ
මටත් හිතාගන්න බෑ කොහොන් පටන් ගන්නද කියලා

අද කාලේ මොනා කරන්නත් සල්ලි තමයි ඉස්සර වෙන්නේ

මට නම් එහෙම තේරෙන්නේ නෑ අයියේ

මොකද මට මේච්චර කාලෙකට 
කිසිම දේක බරක්පතලක් දැනෙන්න දීලා නෑ අපේ ගෙදරින්
හැමදේම අත ලඟට ගෙනත් දෙනවා
අනික මම විතරයිනේ අපේ පවුලේ එකම එක්කෙනා
ඒක හින්දා මාව ගොඩක් පරිස්සම් කරනවා

තාත්තා ගොඩක් වෙලාවට ගෙදර නෑ
අම්මා තමයි හැම තිස්සෙම මගේ පස්සෙන් ඉන්නේ

කොහොම උනත් හැම දේකටම මට ගොඩක් සතුටුයි
වැඩියෙන්ම සතුටු වෙන්නේ
ඔයාත් එක්ක කතාබහ කරන්න ලැබුන එකට

ඇත්තටම මම ඔයාගෙන් දෙයක් අහන්න හිටියේ


මොකක්ද නංගා?

-------------------------------


ඊලඟ කොටසට මෙතනින්


ඉස්සෙල්ලා කොටසට මෙතනින්

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා