Pages

Saturday, October 4, 2014

යශෝදරා 23

දැන් කොහෙටද යන්නේ කියපං?

අපි යමු වැව ගාවට එතන සෙට් වෙන්න පුලුවන්


එල


මොනාද බයිට් එකට තියෙන්නේ?


ම්.. තොත්තුවක් වගේ කොත්තුවක් දාගත්තා නයිට් කඩෙන්


නොදකිං කොත්තු කෑවට තොත්තු කන්න පුලුවන්ද යකෝ?


මම දන්නේ කොහොමද බං කඩේ බෝඩ් එකේ

ගහලා තිබ්බේ එහෙමනේ

හපොයි දෙයියනේ 


මේ මොනාහරි කමක් නෑ
පාංකඩයක් හරි කමක් නෑ
ඉක්මනට ගනිංකො

දැන් වෙලාව කීයද බං?


දැන් ඇති 2ට විතර


හපොයි බං


ඇයි උඹට බොන්න බැයිද?

බැයිනං  නං පලයං අපිට වද නොදී

නෑ නෑ පරක්කු නොවී ගනිල්ලා


ආ එහෙනම්


අපේ නයිට් පාටි එකට

චිර්ස් 

හැබෑටම බං මං මේ අහන්න හිටියේ 

මොකෝ මේ එකපාරටම කස්ටියට
පාන්දර ජාමේ අඩියක් ගහන්න හිතුනේ?

මේකනේ බං අපේ ගෙවල් ගාව හිටියා නාකි ඩයල් එකක්

අද බොන්නේ ඌ මැරුන සතුටට

හැක් 

ඒ මොකද බං ඒ?

මේකනේ ඔය යකාගෙන් මල කරදරේ

හැමදාම කොහෙන් හරි බීලා ඇවිත් කෑගහනවා එලි වෙනකං

ඉතිං ඕකා මැරුනා කියලා ආරංචි වෙච්ච ගමන්මයි මම මේ 

උඹලට කතා කලේ ඒක සමරන්න

අවුලක් නෑ බං අපි ඉතින් ඉන්නවානේ ඕන මගුලකට


ම්...... හරි වගේ කට්ටියට

මුන්ට ඉතින් බීගත්තම බොක්ක හරි ගලෝලා දෙයි

කොහේද ඉතින් උඹලා මට කෑ ගැහුවට පාන්දර කියලා

ඔය බොන්නේ අපූරුවට

කෑ ගහන්නේ බං නැගිටින්න කම්මැලියි නේ


හරි හරි දැන් ඒවයිං වැඩක් නෑ

අපි අපේ ආතල් එක ගම්මු

මේ ඒක නෙවේ යශෝදරාට කෝල් කලාද උඹ?


ඔව් බං කෝල් කලා


මේ දුමක් දීපං


ආ ගනිං


උඹලට කියන්න බැරි උනානේ

මට අර ප්‍රසන්ට් එකක් හම්බ උනේ යශෝදරාගෙන්

ඔව් ඉතිං

මොනාද තිබුනේ ඒකේ?

ඒකෙ තිබුනේ පෑනක්


අයියෝ බං පෑන් මොනා කරන්නද?


යකෝ නිකං පෑනක් නෙවේ පාකර් එකක්

ගොඩක් වටිනවා

කීයක් විතර වටිනවද?


අඩුම විසි තිස්දහක්වත් වටිනවා බං


ඈ.... සිරාවට


ඔව් යකෝ 


මම කතා කරලා ඇහුවා ඇයි මෙච්චර වටින එකක් දුන්නේ කියලා


ඒකි මොකද කියන්නේ ඉතිං?

ඉතිං ඒකි කියනවා ඒක ගානක් නැහැල්ලු

මට ඒක ප්‍රශ්නයක් කරගන්න එපාලු
හදිස්සියට මට එයිට වැඩියේ හොඳ තෑග්ගක් ගන්න බැරුව ගියාලු

හුටා

අඩේ ඇත්තද බං?

ඔව් යකෝ මට තනි ඇහැට ඇඬුනා


අඩෝ තෝ කොහොම හරි ඕකිව සෙට් කරගං



කෙල්ලව ගත්තට "වෙන්න මාමන්ඩිව" තමයි නමා ගන්න ඕන

ඒක හරි

සල්ලි තමයි ඉතිං ඊට පස්සේ

මේ යකුනේ මට ඒවයින් වැඩක් නෑ

මම කවදා හරි හම්බ කරලා දියුනු වෙනවා මිසක්
මට ඒ කෙල්ලගේ දේපල සල්ලි වැඩක් නෑ

මේ අහපල්ලා ඒක නෙවේ ප්‍රශ්නේ


මොකක්ද ප්‍රශ්නේ?


අපි මොනා හරි කරන්න ඕන මේකට


මොනද දැන් කරන්න ඕන


දැන් ඉතින් කරන්න තියෙන්නේ 

පරිස්සමින් ගෙදර ගිහිල්ලා
ඔලුවේ ඉඳන් පොරවගෙන නිදාගන්න එක තමයි

නෑ යකෝ උඹට කරන්න ඕන එක ඇහුවේ

මොනා හරි කරන්න ඕන බං දියුනු වෙන්න


උඹ කියපං අපි කරන්නං


මේ මටත් හිතා ගන්න බැරි ඒක තමයි බං

මෙහෙම කරමු 
උඹලත් කල්පනා කරපල්ලා මොනාද කරන්න ඕන කියලා
මමත් කල්පනා කරන්නං 
අපි ඔක්කොම එකතු වෙලා කතා කරමු මොකද වෙන්නේ කියලා

ඒක හොඳයි


මේ වෙලාව පාන්දර 5යි

අපි යමුද දැන්

දැන්නං ඇති වගේ බං


ඔව් එලිය වැටෙනකල් හිටියොත් මට නඩුවක් වැටෙනවා

එයිට කලින් යමු

මාව ගේ ගාවින් දාගෙන පලයල්ලා


---------------------------------

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා