Pages

Friday, October 3, 2014

යශෝදරා 21


ඇයි අයියේ මතක නැද්ද?

දවසක් මම කිව්වා මතකද දෙයක් අහන්න තියනවා කියලා?

අනේ මන්දා මට එහෙම නම් මතක නෑ නංගා

කියන හැමදේම මතක තියේ නම් මමත් යකෙක් තමයි
ඇයි ඔයා කිව්වේ මගෙන් අහන්න ඕන දේ

වෙන කෙනෙක්ගෙන් අහන්න එපා කියලා

ආ මම එහෙම කිව්වා ද?

එහෙම කිව්වට ඉතිං මට මතක නෑනේ
 ම්.... කිව්වා තමා
දන්නවද එදා නම් ඒක මගෙ හිතට තදින්ම වැදුනා

ඒ මොකද?


දන්නේ නෑ අයියේ

මට වචනෙන් කියන්න තේරෙන්නේ නෑ

අයියෝ එහෙනම් ස්කයිප් කෝල් එකක් අරන්

ගොලු බාසාවෙන් කියන්න

හී හී ගොළු භාෂාවෙන් කියන්නත් බෑ


එහෙනම් කොහොමද කියන්නේ?


ඒක කියන්න බෑ


ඒක මාර නඩුවක්නේ

අනේ මන්දා මට නම් හිතාගන්න බෑ
ඔයා මොනවා කියනවද කියලා
මට ඉතින් කොහොමත් මේවාගේ ඒවා සර්කිට් නේ

මම කියන්නේ ඔයා ඒක කියපු විදිය ගැනයි

මට ඒක දැනුන විදිය ගැනයි

අයියෝ මම ඒක එච්චර හිතලා නෙවයි කිව්වේ

හපොයි මගේ වාචාල කට ඉතින් දන්නවනේ
ඔයාගේ හිත රිදුනද?

අපෝ නෑ


එහෙනම් අප්සෙට් ගියාද?


නෑ නෑ මම අප්සෙට් ගියේ නෑ


එහෙනම් මොකද උනේ?


මට ආස හිතුනා ඒක එහෙම කියද්දි



මේ මොන මගුලක්ද යකෝ මේ
අනේ මට තේරෙන්නේ නෑ ඔයා කියන එක

සිරාවටම කිව්වේ

සිරා කිව්වේ මොකක්ද?


අයියෝ සිරා කියන්නේ සීරියස් කියන එකට

කෙටි කරලා

මම එහෙම එකක් අහලා නෑනේ


ආ සිරාවටම

අහලා නැද්ද?

හී හී නෑ අනේ

මාර කෙල්ලෙක් තමයි
යකෝ සිරා කියන වචනෙවත් අහලා නැද්ද
ඒ කියන්නේ මෙයා වැඩි එලියට බහින්නේ නැති චරිතයක් වගේ
අනේ මන්දා මට නම් තේරෙන්නේ නෑ


ඒක මේ අපි යාළුවො සෙට් එකේ පාවිච්චි කරන වචනයක්

කොහේවත් ගිහිල්ලා කියන්න එපා
අනිත් අය බලයි කොහෙන්ද මේවා ඉගෙනගත්තේ කියලා

නෑ නෑ මම අහන්න යන්නේ නෑ අනේ කාගෙන්වත්

ඒක නෙවෙයි මම කියන්න ගිය එක අමතක උනානේ

මොකක්ද ?


කියන්න නෙවෙයි අහන්නයි හිටියේ


ආ ඔව් ඒක තමයි

දැන් මොකක්ද ඔයා අහන්න ගියේ

මේකයි මම අහන්න ගියේ

හැබැයි අප්සෙට් කරගන්න එපා

නෑ නෑ මට මොන අප්සෙට්ද


මාත් එක්ක තරහ වෙන්නත් එපා


නෑ මම තරහා වෙන්නේ නෑ


මාත් එක්ක කතා නොකර ඉන්නත් එපා


අයියෝ එහෙම වෙන්නේ නෑ

ඔයා ඕන දෙයක් අහන්න

හැබැයි මට බොරු කියන්නත් එපා


අනේ මම බොරු කියන්නේ නෑ

ඔයා අහන්කෝ ඉතින්

එහෙනම් ප්‍රොමිස් කියන්න



අයියෝ දැන්නම් මට කොයිල් වෙලා තියෙන්නේ
හරි හරි ප්‍රොමිස්

දැන්වත් අහන්නකෝ ඕක

මේකයි මම අහන්න හිටියේ ඔයාගෙන්



--------------------------------------


ඊලඟ කොටසට මෙතනින්








ඉස්සෙල්ලා කොටස මෙතනින්








No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා