Pages

Tuesday, October 7, 2014

යශෝදරා 24

මාවත් ගේ ගාවින් දාගෙන අපේ සෙට් එක යන්න ලෑස්තිය

අපි යනවා එහෙනං


එල 

පරිස්සමිං යමල්ලා

හෙට කෝල් එකක් දෙන්නං


ආයෙත් අතගාගෙන වගේ තාප්පෙට නැගලා එහා පැත්තේ වතුර ටැංකියට ගොඩ වෙලා ජනේලෙන් රිංගුවේ හරිම අමාරුවෙන්


කොහේද ඉතින් යද්දි තිබුනේ නිදිමත විතරයි

දැන් වෙරි මතත් තියවානේ

කොහොම ගෙදර ආවද කියලා හිතාගන්නත් බෑ

වටේ පිටේ අවුලක් නෑ වගේ
දැන් ඉතින් පොඩි වොශ් එකක් දාගත්තෝත් හොඳයි 
නැත්තං අම්මා හෙට උදේට කාමරේට ආවොත් 
අහන ප්‍රශ්න වලට දෙන්න උත්තර නැතුව යනවා

අතගාගෙන වගේ ගිහින් වොශ් එකකුත් දාගෙන

හීමීට ඇවිල්ලා නිදාගන්න කලින් වෙලාව බැලුවම තමයි
එපා උනේ
නොදකිං පාන්දර 5:45 වෙලාව
දැන් ඉතිං නිදාගත්තට වැඩක් නෑ
තව ටික වෙලාවකිං අම්මා කංකානං වැඩේ භාරගන්නවානේ
හැබැයි ඇහැරලා කරන්න දේකුත් නෑ ඉතිං
දොයියන එකමයි කාරිය


-------------



පුතේ... මේ කිරි එක බොන්න


අයියෝ අම්මේ පස්සෙ බොන්නං තියලා යන්නකෝ


එහෙනම් මෙතනින් තියලා වහලා යනවා

පස්සේ බොන්න

හා හා මගෙ ඔලුව රිදෙනවා

තව ටිකකිං නැගිටින්නං

අන්න උදෙන්ම තාත්තා බැංකු යවන්න ඕන කිව්වා ඔයාව

චෙක් එකක් මාරු කරන් එන්න

හා හා මම එන්නම්

දැන් ඉතින් බැංකුව කඩලා තමයි චෙක් එක මාරු කරන්න වෙන්නෙ
තාම 9ට නෑ නේ

මම යනවා


ඇති යන්තං අම්මා ගියා

දැන්වත් ටිකක් නිදාගන්න ඕන

------------


පුතේ...



අයියෝ ඇයි අම්මේ

නොදකිං අපේ ගෙදර නං මෙලෝ රහක් නෑ

මේ අන්න තාත්තා කතා කරනවා


ආ මම එන්නං කියන්න


දැන් ඉතිං නිදාගෙන ඉවරයි

ඊයෙ බීපුවට තාමත් වෙරි
කමක් නෑ මූන කට හෝදගෙන යනවා

---------


ඇයි තාත්තේ


ආ ලොකූ මේ චෙක් එක මාරු කරන් එන්න

යද්දි අයිඩී එක අරන් යන්න

හා හොඳයි


මම චෙක් එකත් අරන් බැංකුවට ගියා


කවුන්ටරේ ඉන්න එකීව කන්න හිතුනේ කතා කරනකල් වාඩි වෙලා ඉන්න කිව්වම තමයි


නොදකිං යකෝ මේකට මෙච්චර වෙලා යනවද?


කමක් නෑ එලියට ගිහින් දුමක් දාලා එනවා

මෙතන නිකං ටැක් ගැහෙන වෙලාවේ

මම එලියට ඇවිල්ලා ලඟ තිබුන කඩේකට ගියේ දුමක් දාන්න


ප්ලෙන්ටියක් දෙන්න මල්ලි

තව මේ ශරීරෙට අහිතකර එකකකුත් දෙන්න

මොකක්?


සිගරට් එකක් දෙන්න


ආ..



ඒක බිව්වා විතරයි පාන්දර වෙරි ඔක්කොම ආයේ ආවා වගේ

ඔහොමම ටිකක් වෙලා හිටියා නැගිටගන්න බැරුව
අයියෝ සල්ලි 
මේවට තමයි කියන්නේ 
සැපට දුක් විඳිනවා කියලා

කොහොමෙන් කොහොම හරි සල්ලිත් ගෙවලා

බැංකුවට එද්දි චෙක් එකේ වැඩෙත් හරි වගේ

ආ ඔයා කොහේද හිටියේ 

මම මේ හැමතැනම හොයනවා
බැංකු කෑල්ල බර බරේ

ආ මම මේ තේ එකක් බොන්න ගියා

එතනදි යාළුවෙක් හම්බුනා 
එයත් එක්ක කතා කර කර ඉන්න උනානේ
මේකිට කියන්නැයි සිගරට් එකක් ගහලා
නැගිටගන්න බැරුව ගියා කියලා

හරි කමක් නෑ 

මෙතනින් අත්සන් කරලා
සල්ලි ගන්න

තෑන්ක්ස්

එහෙනම් මම යනවා

හොඳයි ගිහින් එන්න


----


ගෙදර ඇවිත් තාත්තට සල්ලි දීලා අනිත් පැත්ත හැරෙන්න හම්බුනේ නෑ

මෙන්න යකෝ කෝල් එකක්

හෙලෝ උඹ කොහේද ඉන්නෙ?


ගෙදර බං 

බලපංකො උදෙන්ම නැගිට්ටෙව්වනේ මාව

මේ පොඩි ආරංචියක් දෙන්න කතා කලේ


මොකක්ද?


අද අපි උඹේ කෑල්ලව දැක්කකේ


ආ.... ඒ කොහේද?


ටවුන් එකේ


තාම ඉන්නවද?


තාම ඉන්නවද දන්නේ නෑ

මට පේන්නේ අම්මයි දුවයි ෂොපිං ඇවිල්ලා වගේ
උඹ එනවද?

ම්.... ඉඳපං පොඩි වැඩක ඉන්නේ 

උඹට මම තව පොඩ්ඩෙන් කෝල් එකක් ගන්නම්
එතකං පොඩ්ඩක් ට්‍රැකර් එක ගහගෙන ඉඳපං 
දෙන්නා කොහේටද ලයින් වෙන්නේ කියලා

එලකිරි මචෝ


ම්... මොකද කරන්නේ 

ගියොත් යශෝදරාව බලාගත්තැකි

--------------------------------------


ඊලඟ කොටසට මෙතනින්




ඉස්සෙල්ලා කොටසට මෙතනින්



No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා