Pages

Wednesday, October 1, 2014

යශෝදරා 17

මම හිටි පිළිමයක් වගේ ගල් ගැහිලා යශෝදරා යන දිහා බලන් හිටියා

යශෝදරාගේ අම්මා කියපු දේවල් ඔලුව ඇතුලේ කැරකෙනවා වගේ

මට මුකුත්ම හිතා ගන්න බැරුව ටිකක් වෙලා එතනම හිටියා

ටිකකින් කොන්සට් එකත් ඉවර වෙලා කට්ටිය එලියට එනවා

ඒයි මොකද කරන්නේ 
ගල් පිළිමයක් වගේ

ඕහ් මුකුත් නෑ බං

එහෙනම් මොකද උඹ බය වෙලා වගේ

නෑ නෑ අවුලක් නෑ බං
අපි යමුකෝ

ආ තෑග්ගකුත් හම්බවෙලා තියෙන්නේ

ඔව් මට සුපිරි තෑග්ගක් හම්බ වෙලා තියෙන්නේ 
මහජන සම්පත ඇදුනනේ
අනේ මේ වරෙන් මෙතනින් යන්න

මේ මොකද බං මූට වෙලා තියෙන්නේ?

අනේ මන්දා බං 

අපි යමුකෝ මෙතනින්
 මට ඕන උනේ ඉක්මනට මෙතනින් යන්න

වරෙල්ලකෝ ඉතින් 


යමු යමු

-----------


ගේ ළඟට ඇවිල්ලා පොඩ්ඩක් හිටියා කට්ටියම

දැන් මොකද උනේ කියපංකෝ

අනේ මන්දා බං හිතා ගන්න බැරුව ඉන්නේ

උඹ මොනවා කියනවද කියලා අපිට තේරෙන්නේ නෑ බං

ඒක තමයි

මොනා කරන්නත් දුමක් දාලා ඉමු

ඔව් එතකොට උඹට ඔය තෝන්තුව ඇරිලා යයි

ආ ගනිං

හරි දැන් කියපංකෝ කතාව

මේකයි උනේ

උඹලා ඇතුලට ගියානේ මම සිස්ටර් එක්ක කතා කර කර ඉද්දි

ඉතින්

ඉතින් ඊට පස්සේ මම එන්න යද්දි යශෝදරා ආවා
යශෝදරා එක්ක ටිකක් කතා කරලා 
මගෙන් ඇහුවා අම්මව එක්කගෙන එන්නද කියලා

ඊට පස්සේ


මම බෑ කිව්වට යශෝදරා කිව්වා

එයාගේ අම්මට මාව මුන ගැහෙන්න ඕනමයි කියලා

ඉතින්?

යශෝදරා ගිහින් අම්මව එක්කගෙන ආවා

එයිට පස්සේ......



එයිට පස්සේ වෙච්ච දේ අකුරක් නෑර සෙට් එකට කිව්වා







නොදකිං එදා පාර අපේ උන් ටික ඩිම් වෙලා බලාගෙන ඉන්නවා



මොකද යකෝ තොපිට උනේ?

අපි මේ කල්පනා කරන්නේ මොනවද කිව්වේ කියලා


ඒක තමයි බං හොඳත් නෑ නරකත් නෑ


කැමතිත් නෑ අකමැතිත් නෑ


හැබැයි පොඩි ඇඩිවයිස් එකකුත් තියනවා නේද?


ඒක තමයි
ඒකේ හැටියට මට යශෝදරා එක්ක කතා බහ කරන්න පුළුවන්
හැබැයි Love Birds ලා වෙන්න බෑ

අනික තමයි යශෝදරා ඉගෙනගෙන ඉවර වෙනකල් මම ඉන්න ඕන

ඉතින් අවුලක් නෑනේ

ඇයි එහෙම කියන්නේ

මේකයි දැන් මෙතන යන සීන් එකේ හැටියට
අම්මා කැමති උනාට තාත්තා කැමති වෙයිද දන්නේ නෑනේ

ඒකත් හරි

උඹට ඒ කාලේ ඇති වෙයි යශෝදරාගේ තාත්තව සෙට් කරගන්න

ම්... ඒ අදහසත් නරක නෑ

අනික උඹට යශෝදරාට කතා කරන්න බැරි නෑනේ

මල් කඩන්න විතරයි බැරි

අවුලක් නෑනේ

අනික අපි ඉන්නවානේ උඹත් එක්ක

අම්මෝ ඔව් බං ඒක තමයි පොඩ්ඩක් හරි සැනසීමකට තියෙන්නේ

යකෝ අපි උඹේ අතිජාත මිත්‍රයෝ ටික නේ


එ්ක තමයි අපි උඹව දාලා යනවද යකෝ කරදරේ වැටුනම


නැත්තං ඉස්කෝලේ බට්ටා කාලේ ඉදලා අපි ඔක්කොම එකට හිටියේ


යකෝ අපි හැමදාම එක පතේ කාපු උන්

උඹට අවුලක් නං අපිටත් අවුලක්


අනිවා


උඹ තනියම කියලා හිතන්න එපා


ඒක තමයි අපි ගහමු සුපිරි ගේම් ටිකක්


අනිවාරෙන්ම


එලකිරි මචංලා
උඹලගේ වචනෙත් ඇති
දැන් තමයි මාව පොඩ්ඩක් කූල් උනේ

දැන් අපිට පොඩි ප්‍රශ්නයක් තියනවා විසඳගන්න

---------------------------


ඊළඟ කොටසට මෙතනින්






ඉස්සෙල්ලා කොටසට මෙතනින්






No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා