Pages

Tuesday, September 30, 2014

යශෝදරා 16

දැන් යශෝදරාලගේ අම්මා එයි
මොනවා අහයිද මන්දා
හිතාගන්න බෑ
ඇරත් මම මොකටද බයවෙන්නේ
මම යශෝදරා එක්ක අනවශ්‍යය දෙයක් කතා කරලත් නෑ
අනවශ්‍යය සම්බන්ධකමකුත් නෑ
එයා මගේ යාළුවෙක් විතරනේ
බලමුකෝ
මොකද වෙන්නේ කියලා

විනාඩි 10 විතර මම එලියට වෙලා ඉද්දි මෙන්න යශෝදරා එනවා අම්මත් එක්ක
ලඟට එනකල්ම දැක්කේ නෑනේ 
මොකෝ ඉතින් මම වැඩියේ වටපිට බලන කෙනෙක් නෙවෙයිනේ

අයියේ

මේ ඉන්නේ අපේ අම්මා

අම්මේ මේ අයියා තමයි අපේ සවුන්ඩ් ට්‍රැක් එක හදලා දුන්නේ

හෙලෝ ආන්ට් කොහොමද?

හොඳයි පුතා ඔයාට කොහොමද?

වරදක් නෑ

පුතා බැලුවද අපේ ළමයගේ ඉවෙන්ට් එක

ඔව් මම බැලුවා
ඒක හොඳටම තිබුනා

මේ තමයි මම හදපු සවුන්ඩ් ට්‍රැක් එකක පර්ෆෝමන්ස් බලපු පළවෙනි වතාව
ඇත්තටම මම හිතුවටත් වඩා ගොඩක් ලස්සනයි

පුතා කොන්සට් එක බලන්නේ නැද්ද?

නෑ මට ඕන උනේ මේ ඉවෙන්ට් එක බලන්න විතරයි

ආ ඇත්තටම ඒ සවුන්ඩ් ට්‍රැක් එක ලස්සනයි

තෑන්ක්ස් ආන්ට්

අපේ ළමයා නම් ගොඩක් සතුටින් හිටියේ ඒක හොඳයි කියලා
කොහොමත් ඔයා ගැන තමයි මේ ටිකේ කියව කියව ඉන්නේ

අනේ අම්මේ ඕවා කියන්නේ මොකටද?

එහෙම කියද්දි මම යශෝදරා දිහා බැලුවා
මොනා බලන්නද කොහු ටිකක් අතට දුන්න නම්
වැඩි කරදරයක් නැතිව ලනුවක් අඹරගන්න තිබුනා

පුතා කොහේද ඉස්කෝලේ ගියේ?


මම JVC ගියේ 

A/L කලාද?

ඔව් මම Mathamatics කලේ

එයිට පස්සේ BCS කලා

ආ හොඳයිනේ
දැන් මොකද කරන්නේ

දැන් ඉතින් තාත්තගේ වැඩ වලට උදව් කරගෙන ඉන්නවා
ඒ අතරේ මේ වගේ වැඩත් කරනවා

මේක හොඳ ෆීල්ඩ් එකක් පුතේ


ඔව් මොනා නැතත් ආත්ම තෘප්තිය කියන දේ නම් තියනවා


ඒක ඇත්ත

අද යශෝදරාගේ තාත්තට එන්න බැරිව ගියා
එයා බිස්නස් වැඩකට
පිටත් උනා
එයත් හිටියනම් හොඳයි

දැන්නම් කොන්සට් එක ඉවර වෙන වෙලාවත් ලඟයි 

කොහොමත් මට ඕන වෙලා තිබුනේ
මේ සාකච්ඡාව ඉක්මනට ඉවර කරන්න
මොකද අපේ සෙට් එක දැන් මෙතනට කඩා පාත් උනොත් එහෙම
නැති ප්‍රශ්න ඇති වෙන්න පුලුවන් හින්දා
ඒ උනාට ගැලවෙන්න ගියොත් ඒකත් ගැටලුවක්
මොකද යශෝදරාගේ අම්මව මුණගැහෙන පළවෙනි පාරනේ
ඇලවෙන්න ගියොත් ඒකත් අවුලක්
බලමුකෝ

අපරාදේ

ඒක තමයි පුතා
එයා හිටියනම් ගොඩක් හොඳයි

ආ මෙතනට ආපු වැඩේ අමතක උනානේ
මේක ඔයාට
අපේ දුව තමයි තෝරගත්තේ

මෙන්න බොලේ දුන්නා පාර්සලයක්

අනේ මට මොනවටද මේවා?

ඒකට කමක් නෑ
පුතා ඕක ගන්න


කොහොම උනත් යශෝදරාගේ තාත්තා එක්ක ටිකක් කතා කරන්න

එයා බිස්නස් කරන කෙනක් හින්දා ඔයාට වැදගත් වෙයි

හොඳයි මම කතා කරන්නම්

ජොබ් එකක් කරන්න කැමතියිද?

අනේ මන්දා මම ඒ ගැන තවම හිතුවේ නෑ
කොහොමටත් ගෙදර අයත් එක්ක ඉන්නවා වගේ
වෙන තැනක ඉද්දි නෑනේ

ඒක ඇත්ත
පේන හැටියට  අම්මට ගොඩක් ආදරෙයි වගේ

ඔව් ආන්ට් මම අම්මට තමයි ආදරේ
ඇත්තම කිව්වොත් ඒක තමයි හේතුව  මම වැඩියේ ආස නැත්තේ ජොබ් එකකට යන්න
එදා පාර නම් නරි දෙන්නෙක් විතර නෑව්වා

ම්.. මම හිතුවට වැඩියේ ඔයා හොඳ ළමයෙක්නේ


හපොයි දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ


හොඳයි පුතා

මම අද ආවේ පුතා කව්ද කියලා බලන්නයි 
පුතාට දෙයක් කියන්නයි
ඉස්සෙල්ලම කියන්න ඕන මට ගොඩක් සතුටුයි පුතාව මුණගැහුන එකට 
යශෝදරා ඔයා වගේ කෙනෙක්ව ආශ්‍රය කරනවට මගේ අකමැත්තක් නෑ

මෙයාව අපි ගොඩක් පරිස්සම් කරනවා

දුව ව බලාගන්නේ ඇස් දෙක වගේ 
යන එන හැමතැනම හොයලා බලනවා

විශේෂයෙන්ම පිරිමි ළමයි එක්ක එයාට ගනුදෙනු කරන්න කොහොමත් ඉඩ තියලා නෑ මෙච්චර කාලෙකට


අනික මොන දේ උනත් යශෝදරා මට හැමදේම කියනවා

විශේෂයෙන්ම ඔයාට කෝල් කරන වෙලාවට උනත් මම නිතරම එයා ලඟ ඉන්නවා

කාට හරි කෝල් කරනවානම් ගොඩක් වෙලාවට මටත් ඇහෙන විදියට ෆෝන් එකේ ස්පීකර් එක ඔන් කරනවා

දවසක් දෙකක් ඔයා එක්ක යශෝදරා කතා කරද්දි මමත් අහගෙන හිටියා

ඒ වෙලාවේ මට තේරුන දේ තමයි
ඔයා හොඳ දරුවෙක්  කියන එක
ඒක හින්දයි මම ම ආවේ ඔයා කව්ද කියලා බලන්න


මොකද අපි දැනගෙන ඉන්න එපැයි යශෝදරා කතාබහ කරන්නේ කා එක්කද කියලා



බුදු අම්මෝ දැන් නම් දාඩියත් දාගෙන එන්නේ

කොහොම උනත් එයාගේ ඉගෙනීමේ කටයුතු ඉවර වෙනකල් 

එයාට වෙන කිසිම දෙයක් ගැන හිතන්න අපි ඉඩ තියන්නේ නෑ

මම මෙච්චර හරි කතා කරන්නේ ඔයා ගොඩක් හොඳ ළමයෙක් කියලා මට තේරුන හින්දයි


මොන දේ කොහොම උනත් යශෝදරාගේ තාත්තගේ අතේ තමයි හැමදේම තියෙන්නේ


ඔයාලා යාළුවෝ වගේ කතා බහ කරලා ඉන්න 


මොනවා උනත් යශෝදරාගේ ඉගෙනීම තමයි පළවෙනි දේ වෙන්න ඕන


ඔයාට තේරුම් ගන්න පුලුවන් කියලා හිතනවා මම කියපු දේවල්

අවුල් කරගන්න එපා
තමුන්ට හිතෙනවා නම් දෙයක් ලබාගන්න
ඒ වෙනුවෙන් හිතලා වැඩ කරන්න
හැමදේම විසඳන්න ක්‍රම සහ විධි මේ ලෝකේ තියනවා

සමහර විට එක පාරට බැරි වෙයි
ඒ උනත් ඉවසීමයි 
තැනට සුදුසු නුවණයි තියනවානම් කරන්න බැරි දෙයක් නෑ

හොඳයි අපි තව මේ ගැන කතා කරමු 
දැන් නෙවේ වෙන වෙලාවක

යශෝදරා ඔයාට ආයේ මෙතන වැඩක් එහෙම නෑනේ?

නෑ අම්මා


එහෙනම් අපි යමු


අපි යනවා පුතේ 

වෙන වෙලාවක කතා කරමු

හොඳයි ආන්ට්

මට කෝල් එකක් දෙන්න

අපි යනවා අයියේ

පරිස්සමින් යන්න
බුදු සරණයි

බුදුසරණයි අයියේ

--------------------------------------------

ඊලඟ කොටසට මෙතනින්




ඉස්සෙල්ලා කොටසට මෙතනින්

















No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා