Pages

Thursday, September 4, 2014

යශෝදරා 7

උදෙන්ම නැගිටලා ලෑස්ති උනේ හිතේ බලාපොරොත්තුවක් නැතිව නෙවේ
කොහොම උනත් ලැබෙන නොලැබෙන දේ ගැන හිතන්නේ නැතිව වැඩේට බැස්සනං හොඳයි කියලා ගත්තා කෝල් එකක්

හෙලෝ

ගුඩ් මෝනිං සිස්ටර්

ගුඩ් මෝනිං පුතා

මම ඔයාගේ කට  හඬින්ම අඳුන ගත්තා

අපොයි ඔව් ඉතින් මගේ ගොරකා වොයිස් එක කාටද අමතක වෙන්නේ


සිස්ටර් එනවද මාව ගන්න එහෙනම්


හරි මම තව පැය භාගෙකින් එනවා


ඇවිල්ලා මට රිංග් එකක් දෙන්න


හරි පුතා


-------------------


හරි ඔය එන්නේ කෝල් එක


මම කෝල් එක කට් කරලා එලියට ගියා

ආ කොහොමද පුතා

අද නම් ඔයාට වැඩේ ඉවර කරගන්න පුලුවන් වෙයි වගේ

අපොයි අවුලක් වෙන එකක් නෑ


එහෙනම් අපි යමු


--------------------


එහෙනම් මම ඔයාව මෙතන ගේට් එක ගාවින් දානවා

සිකියුරිටි එකට කියලා තියෙන්නේ

ඔයාට මොනවා හරි ඕනා උනොත් මට කෝල් එකක් දෙන්න


සිස්ටර් දැන්ම එන්නේ නැද්ද?


මම ටිකක් වෙලා යයි

මොනවා හරි ඕනා උනොත් මට කතා කරන්න

හරි සිස්ටර් මම කෝල් එකක් දෙන්නම්


-----------------------


හපොයි මේ මොන මගුලක්ද යකෝ මේ

චන්ඩියා වගේ ආවට හිතට පොඩි බයකුත් දැනෙනවා
(බයටත් වැඩියේ නිකන් කිචි කිචි වගේ)
ඇයි ඉතින් මොන මගුලක්ද වෙයිද කියලා දන්නේ නෑන් මම ගේට් එක ගාවට ගිහින් කතා කලා

ඇයි පුතා?


අන්කල් මම මේ ආවේ ඔයාලගේ සවුන්ඩ් වල අවුලක් තිබුනා කිව්වා ඒක හදන්න


ආහ් සිස්ටර් මට කිව්වා ඔයා එනවා කියලා

එන්න මම පෙන්නන්නම් ඔයාට හෝල් එක

ආ තෑන්ක්ස් අන්කල්


අම්මෝ ඇති යන්තන් තනියට පිරිමි පරාණයක් ඉන්නවා

නැත්තං මේ කෙල්ලෝ ගොඩේ මෙලෝ රහක් නැතුව යනවා
(දැන් තමයි කිචි පොඩ්ඩක් අඩු උනේ)

හරි පුතා එහෙනම් වැඩේ කරන්න මම යනවා ගේට්ටුව ගාවට

ඔයාට මොනවා හරි ඕනා උනොත් පණිවිඩයක් එවන්න මෙතන ඉන්න ළමයෙක්ගේ අතේ

හරි අන්කල් මම වැඩේ කරන්නම්


මටත් ඉතින් මෙතන ලොකු වැඩක් නෑනේ

ඒක හින්දා හිමීට අතගගා හිටියා වැඩේ

මොකද ඇත්තම කියනවා නම් කරන්න තිබුනේ පරණ වෙච්ච කේබල් එක මාරු කරන එක විතරයි


ඒක අන්තිමට කරන්න හිතාගෙන මමත් බොරුවට ඉලෙක්ට්‍රොනික් ගැජට් කෑලි ටික එලියට අරගෙන කරකව කරකව හිටියා


නැත්තං ගාන කපන්න අමාරුයිනේ


ඒ අස්සේ කෝල් එකක්

සිස්ටර් මොකද මේ ආයේ ගන්නේ

හෙලෝ


ආ පුතේ ඔයා කාලාද ඉන්නේ

අයියෝ ඕකත් අහන්න ප්‍රශ්නයක්ද
කොයි වෙලාවෙ ඇහුවත් ඉතින් නෑ කියන එකනේ

නෑ සිස්ටර් මට උදේට කන්න බැරුව ගියානේ

මේක ඉවර වෙලාම ගිහින් කනවා

අනේ පුතේ බඩගින්නේ නම් ඉන්න එපා ඔයා

ඉන්න මම සිකියුරිටි එකට කියන්නම්
කාගේ හරි අතේ කෑම එවන්න කියලා ඉස්කෝලේ කැන්ටීන් එකෙන්

අනේ කරදර වෙන්න එපා සිස්ටර්

මට එහෙම බඩගින්නක් නෑ
එහෙම කිව්වේ නැත්තං හරි නෑනේ
මම බඩජහරියෙක් කියලා හිතුවොත්
(හිතන්න දෙයක් නම් නෑ ඉතින් ඒ උනාට ඒක දන්නේ මම විතරනේ)

නෑ නෑ ඉන්න මම එවන්නම් කෑම

දැන් මොකද වැඩේ?

අපෝ දැන්නම් ලෙඩේ හොයා ගන්න ගමන් ඉන්නේ

මේ දැන් තමයි පොඩි පොටක් පාද ගත්තේ

ආ ඒ කියන්නේ හදාගන්න පුළුවන් වෙයි වගේ නේද?


අපෝ ඔව් සිස්ටර්


එහෙනම් පුතා වැඩේ කරගෙන යන්න


හොඳයි සිස්ටර්



මොනා කරන්නද ලෙඩේ දැනටම හදලා ඉවරයිනේ

කමක් නෑ කාලාම යනවා

පොඩ්ඩක් වට පිට බලන් ඉඳලා

හැම තැනම ගෑණු ළමයි


පිස්සු හැදෙනවා මෙතනට ආවම


ඔක්කොටම වැඩියෝ ෂෝක් වැඩේ තමයි පොඩි පන්තිවල අය කරන දඟ වැඩ දිහා බලන් ඉන්න එක

එක විනාඩියක් වත් එක තැනක ඉන්නේ නැතිව එහෙටයි මෙහෙටයි දුවනවා

ටීචර්ලා එයිට වැඩියේ වේගෙන් දුවනවා ලමයින්ව අල්ලගන්න


ලොකු පන්තිවල අය නම් දෙතුන් දෙනා වගේ එකතු වෙලා කතාව තමා වැඩි හරියක්

මම අහලා තියන විදියට නම් මෙයාලා එච්චර තමයි දන්නේ

මේ අයියේ ඔයාද මෙතන සවුන්ඩ් හදන්න ආවේ?


පුරුදු කටහඬක් වගේ

හැරිලා බලද්දිම මාව ඩිම් උනා

යශෝදරා...


ආ මේ ඔයාද?

මොනවා උනත් කෙල්ලගේ ඇස් දෙක නම් දිලිසුනා වගේ මාව දැකලා
දන්නවා නම් තව කන්න ගේනවා

ආ නියමයිනේ


ඉතින් කොහොමද?


හොඳයි අයියේ

ඔයාව මෙතන මුන ගැහුන එකට නම් මම ගොඩක් පුදුම වෙලා ඉන්නේ

ආ ඒ මොකද?

මොකද කියලා චන්ඩියා වගේ ඇහුවට මම තාමත් ඩිම් වෙලා
හිතාගන්න බැරුව ඉන්නේ මොකක්ද වෙන්න යන්නේ කියලා

නෑ ඉතින් සාමාන්‍යයෙන් පිරිමි ලමයි එන්නේ නෑනේ මෙහේ
ආවත් කලාතුරකින්

ඒකත් ඔයාම ආවම පුදුම හිතෙනවා තමයි

ම්.. ඒකත් ඇත්ත තමයි


මේ ඒක නෙවේ මේ ඉන්නේ මගේ යාළුවෝ දෙන්නා

මෙයා සමාධි.
මේ වත්සලා

මේ අයියා තමයි අපේ ට්‍රැක් එක හදලා දුන්නේ


අනේ ඇත්තද?


තෑන්ක්ස් අයියේ ඔයාට


අපෝ ඕවා මොනවද


ඉතින් කන්නකෝ අපි එක්ක කතා කර කර ඉන්නේ නැතිව


ඔව්නේ මම උදේට කාලත් නෙවේ ආවේ


මේ යාළුවනේ අයියට බොන්න මොනා හරි ගේමුද?


ආ ඒක හොඳයි


මායි වත්සලායි ගිහින් එන්නම්

සමාධි ඉන්නවද එහනෙම්?

නෑ නෑ යශෝ ඔයා ඉන්න මායි වත්සලායි ගිහින් එන්නම්

මේක හරියන මගුලක් නෙවේ වගේ

මේ... කව්රු හරි කමක් නෑ මේක හිරවෙන්න කලින් ගේන්නකෝ


සමාධියි වත්සලායි හිනා වෙවී ගියා ඒක කියපු විදියට
යශෝදරා මම දිහා බලාගත්ත ගමන්
මට ඉතින් කනවා ඇරෙන්න වෙන සිහියක් නෑනේ
(නැත්තෙමත් නෑ ඉතින්)

අම්මේ අයියේ ඔයාගේ කට නම්


ඒක හින්දා නේන්නම් මෙහෙම පන බේරගෙන ඉන්නේ


වෙන්න ඇති

ඒක නෙවේ එදා අර හිටියේ යාළුවොද?

ඔව් අපේ කස්ටිය තමයි


ආ එහෙනම් කමක් නෑ


ඔව් අවුලක් නෑ

මගෙන් අහනවා ඔයා කව්ද කියලා

ඉතින්?


මම කිව්වා මම වැඩියේ දන්නේ නෑ කියලා

හපොයි මෙන්න කෙල්ලගේ මූන මැලවුනා වගේ

නැත්තම් බේරෙන්න බෑනේ


අනික අපේ කොල්ලෝ ටික එක්ක කතා කරද්දි වචනයක් එහේ මෙහේ උනොත් කෙලින්ම කාඩ් එකක් වදිනවා

මම බොහොම අමාරුවෙන් ඔලුව බේරගත්තේ
මොකද එදා ඔයා කතා කරපු දවසේ
මගේ යාළුවෙක් මට කෝල් එකක් ගන්න ගොඩක් වෙලා ට්‍රයි කරලා
ඒ නඩුවත් ඇදුනානේ ඒක අස්සේ

ඔයා ඇවිල්ලා යාළුවෝ ඉන්න තැන කිව්වම ඉස්සෙල්ලා දවසේ මම එන්නම් කිව්වා කියලා මට කට උත්තර නැතිව ගියා

අපේ සෙට් එක මාව අල්ලන් කෑවා
ඔයාගෙයි මගෙයි මොකක් හරි කේස් එකක් තියනවා කියලා සැක හිතිලා

මම බොහොම අමාරුවෙන් ශේප් කලා 


අනේ සොරි අයියේ

මම හිතුවේ නෑ එහෙම දෙයක් වෙයි කියලා

නෑ ඒකට කමක් නෑ

මම ඒක ශේප් කරලා දැම්මා

එහෙනම් කමක් නෑ

මොනවා උනත් කෙල්ලගේ මූන ටිකක් අප්සෙට් වගේ
ඇයි දෙයියනේ මම මොනවා කරන්නද
ඇත්තටම එතනට ඇවිල්ලා එහෙම කිව්වම මම අනාත මාරුතේ වෙනවානේ


ආ මේ අයියා තාම කාලා ඉවර නෑනේ


මෙන්න බීම එක


තෑනක්ස් සමාධි නංගි

ඉතින් කොහොමද ඔයාලගේ වැඩ කටයුතු?

අපේ වැඩේ නැගලා යනවා


ආ ඒකේ බයිසිකල් තියනවාද?


අපෝ මෙයා නම්


නෑ ඉතින් නැගලා යන හින්දා ඇහුවේ


ඒ කිව්වේ හොඳට කරනවා කියලා

ඔයාල ගනන් ගන්න එපා 
මේ අයියගේ හැටි ඔහොම තමයි
කොයි වෙලෙත් විහිලු කරනවා
අපිව මොකද මෙයා අම්මාවත් අල්ලගන්නවා විහිලු කරන්න

දන්නවානේ ඉතින් මගේ මකර කටේ හැටි

මේ ඒක නෙවේ 
මට ගොඩක් සතුටුයි ඔයාලා හොඳට වැඩේ කරනවානම්

මේ වෙලාවේ මට පොඩි අදහසක් ආවා

හැබැයි ඉතින් වැඩේ කෙරුනොතින් අවුලකුත් නෑ

මේ නංගියා

ඔයාලගේ කොන්සට් එකේ ටිකට් කොහොමද තියෙන්නේ?

1000 යි 500යි 250යි 100යි 50යි


ආ 1000 කියන්නේ ඉස්සරහම නේද?


අපොයි ඔව්


නෑ මම නිකන් ඇහුවේ

අපේ යාළුවෝ ටිකත් එන්න ඕනා කියපු හින්දා
මම එයාලට කියන්නම්

අර යාළුවෝ ටිකද?


ඔව් එයාලා තමයි


ඔයා කිව්වද මම ඉස්සරහම ටිකට් එකක් දුන්නේ කියලා?


නෑ මම ඒවා කියන්න ගියේ නෑ

ඒ උනාට එයාලත් එන්න අහනවා

යශෝ අපිට කිව්වට වැඩියේ දුරදිග ගිහින් වගේ සිද්දිය


ඒක නේන්නම්


ඔව් මම මාර නඩුවකනේ පැටළුනේ


යාළුවෝ පිටිපස්සට දාලා මම ඉස්සරහට ආවොත් 

අපේ උන් මාව මරාගෙන කයි
මොනවා උනත් එක බත් එක බෙදාගෙන කාපු අයව අහක දාන්නත් බෑනේ

ඒක නම් ඇත්ත තමයි අයියේ


ඒ උනාට ඔයා ඉස්සරහට නාවොත් නම් මම තරහා වෙනවා


අනේ මන්දා මොනවා හරි කරන්න බලමු

දෙයිහාමුදුරුවන්ගේ පිහිටෙන් හොඳ දෙයක් වෙයි

ඒ අස්සේ කෝල් එකක්


හෙලෝ සිස්ටර්

මගේ වැඩේ නම් ඉවරයි

දැන් මොකද පුතා හරිද වැඩේ?


කිසිම අවුලක් නෑ 

දැන් හොඳටම වැඩ කරනවා

හරි ඔයාට ගොඩක් ස්තුතියි 

ඒක නෙවෙයි කෑවද ඔයා?

මම නම් කෑවා

සිස්ටර්ගේ ගෝලයෝ ටික මට හොඳට සැලකුවා

ආ එයාලා එහෙම තමයි

අනික ඉතින් ඔයා වගේ කෙනෙක්ට ගෑණු ළමයි සැලකුවේ නැත්නම් තමා පුදුමේ

ඒ මොකක්ද යකෝ ඒ කතාවේ තේරුම

හරි දැන් ඒක මෙතනට අදාල නෑනේ

ඉතින් පුතා කොහොමද ඔයාගේ ගාස්තු


අනේ මන්දා සිස්ටර් මට එහෙම ගානක් කියන්න බෑ


එහෙම හරි යන්නේ නෑනේ පුතේ

ඔයා මහන්සි උන එකට අපි ගෙවන්න එපැයි

මහන්සියට නම් ඉතින් කෑවේ ඇති වෙන්න

අනික ඉතින් යශෝදරාවත් බලාගත්තනේ 

බඩ පිරෙන්න කෑමයි

හිත පිරෙන්න යශෝවයි දැක්කනේ
තව මොන මගුලද 
ඒ උනාට තව වැඩක් තියෙනවානේ කෙරෙන්න

මේ.. සිස්ටර් කීයටද එන්නේ


මම තව පැය භාගෙකින් එනවා

මොනවා හරි ඕනා නම් අපේ ළමයින්ට කියන්න

නෑ නෑ දැනට නම් මුකුත් එපා 

සිස්ටර් එන්නකෝ

ඒකත් හරි 

තව පැය භාගෙකින් එනවා කිව්වා සිස්ටර්

දැන් මොකද අපේ වැඩේට වෙන්නේ?

-----------------------------

ඊලඟ කොටසට මෙතනින්







 

ඉස්සෙල්ලා කොටසට මෙතනින්

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා