Pages

Friday, September 5, 2014

යශෝදරා 8


තව ටිකෙන් සිස්ටර් එයි මෙතනට
එයිට කලින් කට්ටිය විසිර ගියා නම් හොඳයි කියලා හිතෙනවා

ම්.. ඒක නම් ඇත්ත


අපි මොකද කරන්නේ මේ වැඩේට


මට ඔයාලගේ උදව් තියනවා නම් ලේසියි


අපිට පුලුවන් දෙයක් කරන්නම්


මම සිස්ටර් එක්ක කතා කරලා බලන්නම් මොකද කරන්න පුලුවන් කියලා

කොහොමත් මට මෙතන වැඩේට ගෙවන්න එපැයි
ඒකට පිටින් දාලා මොනවා හරි කරගන්න බැරි වෙන එකක් නෑ

ඒකට කැමති උනොත් නම් හොඳයි


ඔයාගේ යාළුවෝ කී දෙනෙක් ඉන්නවාද


වැඩියේ නෑ 4යි ඉන්නේ


ඔයා සිස්ටර් එක්ක මුකුත් කියන්න එපා

මම ඒක බලාගන්නම්

අම්මෝ ඒකෙ වස


මං එහෙම තමයි

ඒක කිව්වේ අර ලස්සන හිනාවත් එක්ක
මං ආයෙමත් ඒ ඇස් එක්ක හිර වෙලා වගේ

ම්... දෙන්නා භාවනා කරනවද?


යාළුවා එහෙම ඇහුවා විතරයි මායි යශෝදරායි ආපහු හරි සිහියට ආවා වගේ

මෙන්න බොලේ යශෝදරා ලැජ්ජාවටද මන්දා මූනත් රතු කරගත්තා

මට ඉතින් මෙලෝ රහක් නෑනේ

ඒ හින්දා අවුලක් නෑ

ඊලඟ විනාඩිය ගෙවෙනකල් කාටවත් කතා කරන්න ඕනා උනේ නැද්ද කොහේද


අයියේ අපි යන්නම් දැන් සිස්ටර් ආවොත් තවත් ප්‍රශ්නයක් වෙයි


හා ඔයාලා යන්න

තෑන්ක්ස් ඔයාලට

අපෝ ඒක ගැන හිතන්න එපා

ඔයා අපිට කලේ එයිට වැඩියේ ලොකු උදව්වක්

අපි යනවා අයියේ


මම ඔලුව වැනුවා විතරයි

යශෝදරා එතනින් ගියේ ටිකක් දුකෙන් වගේ
මටත් කතා කරන්න ඕනා උනාට 
මෙතන වැඩි මෝස්තර කැටයම් දාන්න ගියොත් නඩුවක් වැටෙන්න පුලුවන් හින්දා ශේප් එකේ හිටියා

විනාඩි 10ක් විතර යද්දි සිස්ටර් ආවා


කොහොමද පුතා අපේ වැඩේ?


ආ ඒක හරි


මම ආයේ බලන්න ඕනා නෑනේ?


නෑ නෑ මම චෙක් කලා


එහෙනම් කමක් නෑ


එහෙම ගැටලුවක් උනොත් මට කෝල් එකක් දෙන්න

අපි ඉතින් සැදී පැහැදී ඉන්නේ සේවය කරන්නනේ සිස්ටර්

අනේ මේ කොල්ලගේ කට නම්

හරි දැන් මට කියන්න
ඔයාගේ ගාස්තුව

අනේ මට එහෙම කියන්න බෑ සිස්ටර්

සිස්ටර් බලලා කීයක් හරි දෙන්න

මම එපා කිව්වේ නෑ 

හරි නෑනේ ඉතින් 
සල්ලි දෙනකොට එපා කියන එක

ඔයා මේක තියාගන්නකෝ


මෙන්න බොලේ 2000 කොලයක් දික්කරපි

මමත් ඉතින් අනේ මන්දා සිස්ටර් මට නම් මේක මොකක්ද වගේ කියලා
සල්ලි අරන් සාක්කුවේ දාගත්තා

තැන්ක් යූ සිස්ටර්


හරි යමුකෝ එහෙනම්


යමු සිස්ටර්


--------


හරි එහෙනම් 

ගැටළුවක් උනොත් මම කෝල් කරනවා

ඔව් මට අනිවාරෙන්ම කෝල් එකක් දෙන්න


එහෙනම් මම යනවා පුතා


හොඳයි සිස්ටර්

ගෝඩ් බ්ලෙස් යූ

ගෝඩ් බ්ලෙස් යූ ටූ පුතා


--------------------------------


ගෙදර එද්දා අම්මා කෑම හදාලා තිබුනා

ඒකත් කාලා පොඩ්ඩක් ඇල වෙලා ඉද්දි මෙන්න අපේ සාතන්ලාගෙන් කෝල් එකක්

හෙලෝ 


කොහේද යකෝ ඉන්නේ?


මම ගෙදර ඉන්නේ


උඹ කොහේද ගිහින් හිටියේ?


මම වැඩක හිටියේ බං


අපි එන්නද ?


හා වරෙල්ලා හවස් වෙලා


හරි හවස් වෙලා එන්නම්


-----------------------

ඊලඟ කොටසට මෙතනින්



ඉස්සෙල්ලා කොටසට මෙතනින්


No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා