Pages

Thursday, February 10, 2022

සිහින සිතැත්තී

වර්ශ 2017 මැයි 06 දින

අමන්දා නැමති මගේ යෙහෙලියකට දෙන්න උපන් දින තිලිණයක් නොමැති බැවිනුත් ගත්තත් ගිහින් දෙන්න තරම් බැරි දුරක සිටි බැවිනුත් තිලිනයක් ලෙස ලියූ සතරපද ගීයක්වුන අපූරූව

 

සංගීතය අමිත් සමීර සොයුරා විසින් (නැවක විදුලි ඉංජිනේරුවෙක් ලෙස සේවය කරන අතර තුර) 2017 මැයි 17 දින ලබා දුන්නා

 

chorus

G C Am 

සිහින සඳ මුවා වෙන මල් සිතැත්තී 

C D G 

සිනා මඬල පායන පුන් සඳැත්තී

 Am C 

සිහින් නෙත් දිලෙයි රන්වන් මුවැත්තී

 Am D G

 සිහින දකින්නට යන්නෙද රුවැත්තී 

 

 verse 1

G C Am 

 සිහින් බඳ පුරා රතැඟිලි - රුවා ඉන මතින් අල්ලන්

 D C Am G

 මා දිහා බලා ඉන්නා තරු දෙනෙත් ඔබේ

 C Am 

බලා සිටින ඔය ඇස් දෙක - සසර පුරාවට හුරු බව

 D C Am G

 මගේ හිත කියන ඒ දෙය දැනෙනවද ලඳේ 

 

 verse 2

G C Am 

පාරමී පුරා මේ ලෙස ආවා වාගේ මා වෙත 

D C Am G 

සසර පුරාවට අත්වැල් බැඳෙනවද ලඳේ 

C Am 

සරා බැල්ම හිත පුරාම දැනෙන ඔබේ මුව සුසුමන්

 D C Am G

 කොපුල් මත වැටී ඉල්ලයි ආදරේ මගේ

3 comments:

  1. අද දිනයේ අප කණ්ඩායම දුටු සුභ ලකුණ උනේ ඔබ නැවත ලියන්නට පටන් ගත් බව! ඔබ මේ ලියා ඇත්තේ වසර හතකට පසුව! අපගේ සින්ඩියේ පසුගිය කාලය මුළුල්ලේ "පුරාවස්තු" කොලමේ "වසර 7-12 නොලියවුනු" කැටගරියේ දක්වා තිබුණු ඔඅබගේ බ්ලොගය මේ වනවිට නිර්මාණ සඳහා වෙන්වූ "කැටපත් පවුර" කොලමේ දක්නට පුළුවන්.
    අපගේ සින්ඩිය පිළිබඳව කෙටි හැඳින්වීමක කරන්නේ නම් මෙරට සියළු වියණු එක් වහලක් යටට ගන්නා අභිලාෂයෙන් ඇරඹුනු මෙහි; දැනට ලියැවෙන හා ලියවුනු බ්ලොග් 1230 ක් ඇතුලත් වී ඇති මෙරට විශාලතම සින්ඩියයි!
    මෙතැන් සිට දිගටම ලියනු ඇතැයි අප උදක්ම විශ්වාස කරණා'තරතුර අපගේ සින්ඩියට ගොඩවැදී බලන මෙන්ද අප ඉල්ලා සිටින්නෙමු.
    ඔබගේ බ්ලොගයෙන් අපගේ සින්ඩිය පිළිබඳව ප්‍රචාරණයක් ලබා දෙන්නේ නම් බෙහෙවින් ස්තූති වන්ත වන්නෙමු!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි
      සින්ඩිය කොහොමද මේකට ඇතුලත් කරන්නේ

      Delete
    2. අප ඔබට දෙන ප්‍රචාරය සේම, අපට ද ප්‍රචාරයක් ලබා දෙන්න, පහත ඇති කෝඩ් එක කොපි කරගෙන, ඔබගේ බ්ලොගයේ Layout හි, HTML/JavaScript ගැජටයක් අලුතින් අරඹා, එහි content යටතේ පේස්ට් කර, සේව් කරන්න...

      සැළකිය යුතුයි - මෙම කේතයේ ඇති සෑම [ සළකුණක් වෙනුවට ම < යොදා සේව් කරන්න.

      [a href="http://sandhakadapahana.blogspot.com" target="_blank">[img src="https://1.bp.blogspot.com/-k0hSS2xt2JE/YXvhnbYfM8I/AAAAAAAAAAs/ZmOt-ZDjpdQkfUWw8ekSYIm1Le7WrSp0wCLcBGAsYHQ/s311/Capture.PNG" border="0" />

      Delete

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා