Pages

Thursday, November 27, 2014

යශෝදරා 41

හෙලෝ අයියේ

හෙලෝ නංගා

ඔයාගේ වැඩේ ඉවරද?

ආ ඒක ඉවරයි දැන්
වැඩකටද කතා කලේ

ම් මේ මට අහගන්න දෙයක් තිබුනා 
දැන් ඒක හරි
මම පොඩ්ඩක් හොයලා කරගත්තා

අනේ සොරි නංගා
මම අද වැඩ වගේකට එලියට ගියා
දන්නවනේ යාළුවෝ එක්ක ඉද්දි
කතා කරන්න අමාරුයි ටිකක්

ඒකට කමක් නෑ
මම ආයේ ඕන උනොත් කෝල් එකක් දෙන්නම්

හොඳයි මට කෝල් එකක් දෙන්න

මම තියනවා අයියේ එහෙනම්
බුදුසරණයි

බුදුසරණයි නංගා


ම්... මට පේන්නෙ යශෝදරාගෙ අම්මා ලඟ ඉන්නවා වගේ
නැත්තං ඉතින් හුරතල් වෙවීනේ කතා කරන්නේ

හරි ඒකෙන් වැඩක් නෑ 
මේ වැඩේට දැන් ෆෝන් නොම්මරේකුත් එපැයි
කාටද කතා කරන්නේ

 ආ අපේ සුසා ඉන්නේ

ගමු කෝල් එකක්

හෙලෝ අයියේ

මොකද මල්ලි හදිස්සියේ අපිව මතක් වෙලා

මේ මට ෆෝන් එකක් ගන්න ඕන අයිය

මොකක්ද ඕන

මොකක් හරි සිම් එකක් දාගන්න පුළුවන් එකක්

ආ දෙන්නම් ඔයා එන්න

කීයක් විතර වෙයිද

ඔයාට හින්දා 3කට දෙන්නම්

ඇයි එච්චර

මේකයි බං ස්මාර්ට් ෆෝන් එකක් තියෙන්නේ
නොකියා එකක්
E72 එකක් ඒකයි
වෙන උන්ට නං 5න් අඩුව දෙන්නේ නෑ
ඒත් උඹට ගනං තියන්න බෑනේ

හරි හරි මම එන්නම් ෆෝන් එක උස්සගන්න
කාටවත් දෙන්න එපා 

හරි වරෙංකෝ මලේ

එල




ඒකත් හරි

අපේ සාතංලා ටික මොනාද දන්නේ නෑ කරන්නේ
හුටා උංට කතා කරන්න කලින් වැඩ ලිස්ට් එක හදන්න ඕනනේ
නැත්තං කං දෙක කයි මෙතන

වැඩ ලිස්ට් එකත් හදලා ගත්තම තමා  හිතා ගන්න බැරි විදියට 
සල්ලි ඕන කියලා තේරුනේ

සිරාවටම තාම සල්ලි හොයන ක්‍රමයක් සෙට් උනේ නෑනේ
බලමුකෝ මොකක් හරි විදියක්

ගම්මු අපේ සාතංලට කෝල් එකක්

හෙලෝ

කියපං

කොහේද ඉන්නේ?

ගෙදර

අනිත් උංවත් කැන්දගෙන වරෙං මෙහෙට

එල තව ටිකෙන් එන්නම්

හරි එහෙනම්

------------



කියපංකෝ ඉතින්

මම විස්තරේ ලෑස්ති කලා
 ආ මේ උඹ ඇලාට කතා කලාද?

කතා කලා 7ක් 8ක් වගේ ගානකිං වැඩේ කරලා දෙන්නං කිව්වා
පත්තර වලට දාන්නත් එක්ක

ආ අවුලක් නෑ

දැන් මොකක්ද විස්තරේ

ඇයි යකෝ වැඩ ලිස්ට් එක

ආ ඒක හරිද?

ඔව්

උඹ යකෙක්නේ බං

නැත්තං ඉතිං තොපි එක්ක
මනුස්සයෙක්ට ඉහ ගහලා ඉන්න පුළුවනැයි

අනේ පල යන්න ගස් ගෙම්බා

මේ ඒක නෙවේ දැන් මේක අහගනිල්ලා යකුනේ

කියපංකෝ ඉතිං

අපි දැන් සල්ලි හොයන්න ක්‍රමයක් හිතන්න ඕන

අපි කීයක් විතර හොයන්න ඕනද?

අපිට ඔක්කොම ලක්ෂ 10ක් විතර ඕන වෙයි මේකට

අම්මෝ බං අපි කොහොමද එච්චර ගානක් හොයන්නේ

හිතපල්ලා 

අපි මේක පොළියට ගත්තොත්
මාසෙට 50ක් පොළිය විතරක් දෙන්න වෙනවා

අපිට බෑන්ක් ලෝන් එකක් ගන්න පුළුවන්නම් හොඳයි

ඒකට නම් අමාරුයි බං
ගොඩක් දේවල් කරන්න වෙනවා

ඇයි කරන්ට් බිල ඒකත් ගෙවන්න එපැයි

යකෝ කිව්වමයි මතක් උනේ

---------------------------------------------------

ඊලඟ කොටසට මෙතනින්

ඉස්සෙල්ලා කොටසට මෙතනින්



2 comments:

  1. Replies
    1. බැලුවා කිවුවේ ,,,,කියෙවුවද කතාව සේරම ? ෂෝයි නේද මෙයා

      Delete

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා