Pages

Thursday, November 13, 2014

යශෝදරා 39

දැන් අපි යමු අර ෂොප් එක ගාවට

ඇයි අපි කෝල් එකක් එනකල් ඉමුකෝ

මේක බීලා යං
මොකද අපි දැන් කොහොමත් කඩේ බලන්න එපැයි

අම්මපා උඹේ මොලේ බං

බීපං බීපං කයිය තියලා
අර ගෑණි එයි  තව ටිකකින්

ගෑණියෙක්ද කතා කලේ

ඔව් බං

ලස්සනද දන්නෙ නෑ නේ

මේහ්.. මට පේන කියන්න බෑ
එහෙම පුලුවන්නං යකෝ
මෙච්චර දුක් විඳින්නේ නැතුව
දේවාලයක් දාගන්නවනේ

නොදකිං තෝ නං

මේ අපි එතනට යමු නැත්තං චාටර්
අපිට ඕන කමක් නෑ කියලා හිතයි

ඔව් ඒක තමයි ඉස්සෙල්ලම දවසේ 
වැඩේ වල් කරගන්න හොඳ නෑ

අපි තේ එකත් බීලා දුමකුත් දාලා බිලත් ගෙවලා 
එලියට ආවේ ෂොප් එක පැත්තට යන්න

ඇත්තටම යශෝදරා මොනවටද දන්නේ නෑ 
ඉස්සෙල්ලා කතා කලේ
ඕන නං පස්සේ අහගන්න බැරියැ
කොහොමත් අපේ සෙට් එක ඉද්දි
යශෝදරා එක්ක කතා කරන එක
එච්චර සෙට් වැඩක් නෙවෙයි

මේ ගනිං මේ කෝල් එක

හෙලෝ 

ඔයාලා කොහේද ඉන්නේ

අපි ඉන්නේ ඔයාගේ ෂොප් එක ගාව

ආ ඉන්න මම එන්නම්

 හරි

ආ ෆෝන් එක
දැන් එනවා කිව්වා

-------------

ඔයාල නේද ෂොප් එක ඇහුවේ

ඔව් අපි තමයි

අපි මේක බලලා ඉමුද?

ඔව් බලමු ඉස්සෙල්ලම

ඉන්න මම යතුරු ගෙනාව
මේක ඇරලා ගන්නම්

ආ මේ යතුරෙන් ඔය ලොක් එක අරින්න
 මම මේ ඉබ්බව අරින්නම්

මේ ෂටර් එක නම් ටිකක් තදයි වගේ නේද?

ඒක නම් ටිකක් තදයි තමයි

මේකේ පිටි පස්සට වෙන්න ටිකක් ඉඩ තියනවා
ඕන නම් කෙනෙක්ට නතර වෙන්නත් පුළුවන්

මේකේ වර්ග අඩි ප්‍රමානය කොච්චරක්ද 

මේකේ අඩි 500ක් විතර ඇති

අවුලක් නෑ
 කොහොමද මේකේ ගාස්තු වෙන්නේ එතකොට

ඔයාලට කොච්චර කාලෙකට වගේද
මේක ගන්න බලාපොරොත්තුව තියෙන්නේ

තාම අපි එහෙම තීරණයක් කරලා නෑ
ගාන අනුව තමයි ඉතින් බලන්න ඕන
කොහොමද වෙන්නේ කියලා

මොකද අපිට දරාගන්න පුළුවන් විදියේ ගානක්
නම් තමයි අපිට මේ ගැන හිතන්න වෙන්නේ

ඒක තමයි
මෙහෙමයි මේකට 40 ගානේ දෙන්න
අපි අවුරුද්දක කුලිය එකපාර ගන්නවා
 ඔයාල කැමති නම් බද්ද අවුරුදු 5කට ලියලා
අවුරුද්දකට සැරයක් කුලිය ගෙවන විදියට
බදු ඔප්පුව ලියමු

හොඳයි අපි ඔයාට කෝල් එකක් දෙන්නම්

ආ කියන්න අමතක උනානේ
මේකට ඩිපොසිට් එකක් ගන්නවා මාස 3ක
ඒක ඔයාල කලින් ගෙවන්න ඕන
තව කී මනි ගන්නවා 60ක් 
ඒකත් එකතු වෙයි ඔයාලගේ සම්පූර්ණ ගානට

අපිට කී මනි එකත් කලින් ගෙවන්න වෙනවනේ

ඔව් ඒකත් එහෙම තමයි

මේකයි අපි ගොඩක් ලොකු සල්ලියක්
අතේ තියාගෙන නෙවෙයි
මේක පටන් ගන්න යන්නේ

ම්.. මට තේරෙනවා


ඔයාල බලලා උත්තරයක් දෙන්න
මගේ මහත්තයා ඉන්නේ ඉතාලියෙ
මම එයාටත් කතා කරලා කියන්නම්
ඔයාලට මොකක් හරි සහනයක්
අරන් දෙන්න පුළුවන්ද කියලා

හරි ගොඩක් ස්තුතියි අපිට සහනයක් දුන්නොත්

හරි මම බලලා කියන්නම් විස්තරේ
කොහොමද වෙන්නේ කියල
එහෙනම් මම යන්නම්
මගේ නොම්මරේ තියනවානේ
ඔයාල කතා කරගෙන
මට කෝල් එකක් දෙන්න

හරි

යාළුවනේ අපි යමු එහෙනම් 

--------------

බුදු අම්මෝ බං මේකේ ගාන වැඩියිනේ

යමංකෝ ගෙදර ඉස්සෙල්ලම
------------------------------------------------------------

ඊලඟ කොටසට මෙතනින්


ඉස්සෙල්ලා කොටසට මෙතනින්

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා