Pages

Thursday, November 27, 2014

යශෝදරා 41

හෙලෝ අයියේ

හෙලෝ නංගා

ඔයාගේ වැඩේ ඉවරද?

ආ ඒක ඉවරයි දැන්
වැඩකටද කතා කලේ

ම් මේ මට අහගන්න දෙයක් තිබුනා 
දැන් ඒක හරි
මම පොඩ්ඩක් හොයලා කරගත්තා

අනේ සොරි නංගා
මම අද වැඩ වගේකට එලියට ගියා
දන්නවනේ යාළුවෝ එක්ක ඉද්දි
කතා කරන්න අමාරුයි ටිකක්

ඒකට කමක් නෑ
මම ආයේ ඕන උනොත් කෝල් එකක් දෙන්නම්

හොඳයි මට කෝල් එකක් දෙන්න

මම තියනවා අයියේ එහෙනම්
බුදුසරණයි

බුදුසරණයි නංගා


ම්... මට පේන්නෙ යශෝදරාගෙ අම්මා ලඟ ඉන්නවා වගේ
නැත්තං ඉතින් හුරතල් වෙවීනේ කතා කරන්නේ

හරි ඒකෙන් වැඩක් නෑ 
මේ වැඩේට දැන් ෆෝන් නොම්මරේකුත් එපැයි
කාටද කතා කරන්නේ

 ආ අපේ සුසා ඉන්නේ

ගමු කෝල් එකක්

හෙලෝ අයියේ

මොකද මල්ලි හදිස්සියේ අපිව මතක් වෙලා

මේ මට ෆෝන් එකක් ගන්න ඕන අයිය

මොකක්ද ඕන

මොකක් හරි සිම් එකක් දාගන්න පුළුවන් එකක්

ආ දෙන්නම් ඔයා එන්න

කීයක් විතර වෙයිද

ඔයාට හින්දා 3කට දෙන්නම්

ඇයි එච්චර

මේකයි බං ස්මාර්ට් ෆෝන් එකක් තියෙන්නේ
නොකියා එකක්
E72 එකක් ඒකයි
වෙන උන්ට නං 5න් අඩුව දෙන්නේ නෑ
ඒත් උඹට ගනං තියන්න බෑනේ

හරි හරි මම එන්නම් ෆෝන් එක උස්සගන්න
කාටවත් දෙන්න එපා 

හරි වරෙංකෝ මලේ

එල




ඒකත් හරි

අපේ සාතංලා ටික මොනාද දන්නේ නෑ කරන්නේ
හුටා උංට කතා කරන්න කලින් වැඩ ලිස්ට් එක හදන්න ඕනනේ
නැත්තං කං දෙක කයි මෙතන

වැඩ ලිස්ට් එකත් හදලා ගත්තම තමා  හිතා ගන්න බැරි විදියට 
සල්ලි ඕන කියලා තේරුනේ

සිරාවටම තාම සල්ලි හොයන ක්‍රමයක් සෙට් උනේ නෑනේ
බලමුකෝ මොකක් හරි විදියක්

ගම්මු අපේ සාතංලට කෝල් එකක්

හෙලෝ

කියපං

කොහේද ඉන්නේ?

ගෙදර

අනිත් උංවත් කැන්දගෙන වරෙං මෙහෙට

එල තව ටිකෙන් එන්නම්

හරි එහෙනම්

------------



කියපංකෝ ඉතින්

මම විස්තරේ ලෑස්ති කලා
 ආ මේ උඹ ඇලාට කතා කලාද?

කතා කලා 7ක් 8ක් වගේ ගානකිං වැඩේ කරලා දෙන්නං කිව්වා
පත්තර වලට දාන්නත් එක්ක

ආ අවුලක් නෑ

දැන් මොකක්ද විස්තරේ

ඇයි යකෝ වැඩ ලිස්ට් එක

ආ ඒක හරිද?

ඔව්

උඹ යකෙක්නේ බං

නැත්තං ඉතිං තොපි එක්ක
මනුස්සයෙක්ට ඉහ ගහලා ඉන්න පුළුවනැයි

අනේ පල යන්න ගස් ගෙම්බා

මේ ඒක නෙවේ දැන් මේක අහගනිල්ලා යකුනේ

කියපංකෝ ඉතිං

අපි දැන් සල්ලි හොයන්න ක්‍රමයක් හිතන්න ඕන

අපි කීයක් විතර හොයන්න ඕනද?

අපිට ඔක්කොම ලක්ෂ 10ක් විතර ඕන වෙයි මේකට

අම්මෝ බං අපි කොහොමද එච්චර ගානක් හොයන්නේ

හිතපල්ලා 

අපි මේක පොළියට ගත්තොත්
මාසෙට 50ක් පොළිය විතරක් දෙන්න වෙනවා

අපිට බෑන්ක් ලෝන් එකක් ගන්න පුළුවන්නම් හොඳයි

ඒකට නම් අමාරුයි බං
ගොඩක් දේවල් කරන්න වෙනවා

ඇයි කරන්ට් බිල ඒකත් ගෙවන්න එපැයි

යකෝ කිව්වමයි මතක් උනේ

---------------------------------------------------

ඊලඟ කොටසට මෙතනින්

ඉස්සෙල්ලා කොටසට මෙතනින්



Sunday, November 23, 2014

යශෝදරා 40

යකෝ මේක මාර ගානක්නේ

එහෙම තමයි බං ටවුමේ කඩ

නිකං ගනං හදලා බලපං
අවුරුද්දට කඩ කුලී විතරක්
හාරලක්ෂ අසූදහක් වෙනවා

ඇයි මාස තුනේ ඩිපොසිට් එක
ඒකටත් එකයි විස්සක් නේ

තව කී මනි
ඒකටත් 60ක් කියලා නේද කිව්වේ

ඔව් ඔක්කොම  ලක්ෂ 6 යි 60ක් යනවා

අපි කොහොමද බං එච්චර සල්ලියක් හොයාගන්නේ

ඒක පස්සේ බලමු 
දැන් බලපල්ලා ඉතුරු වැඩ වලට කීයක් යනවද කියලා

තව මොනාද අපිට කරන්න තියෙන්නේ

අපිට දැන් තියෙන්නේ ප්‍රචාරක වැඩකටයුතු තමා

අපි මේකේ මොනවද කරන්නේ

අපි මේකේ කම්පියුටර් හදන වැඩේ කරමු

රෙකෝඩින් ටික කරන්නත් පුලුවන්
හැබැයි ඒකෙන් ලොකු ආදායමක් නෑ

තව මොනාද බං මේකේ කරන්න පුලුවන් දේවල් වලට තියෙන්න

තව ගොඩක් තියනවා අපි ඉස්සෙල්ලම මේක පටන් ගමු

හොඳයි මේකට ඕන කරන දේවල් මොනවද?

අපිට මේකට ඕන බං කම්පියුටර් දෙක තුනක් විතරයි

තව ඕන නං මොනිටර් දෙකක්
කීබෝඩ් මවුස් දෙක තුනක්
එතකොට තව ඕන කරන සොෆ්ට්වෙයා ටික

තව අපිට ෆෝන් එකක් ඕන මේ වැඩේට අයින් කරලා තියන්න

අපිට මේ තියන නොම්මරයක් පාවිච්චි කලෑකිනේ

එපා ඒක එච්චර සෙට් වැඩක් නෙවේ
මේක වෙනයි 

හරි එහෙම කරමු

දැන් ඔය බඩු වලට අමතරව වෙන මුකුත් නැද්ද?

අපිට සල්ලි ටිකකුත් ඕන වෙයි බිස්නස් එක ඇදගෙන යන්න

මෙතනට මේසයකුත් ඕන ‍නේද?

ඔව් අපිට කැෂියර් එකට එකකුයි 
වැඩ කරන්න එකකුයි ඕන

තව වැඩ කරන කොටසයි ඉස්සරහයි වෙන් වෙන්න ඕන

ඒක හොඳයි 
නැත්තං හරිම කරදරේ

ආ මේ කියන්න හිටියේ අපිට තව ටූල් සෙට් එකක් ගන්න වෙයි.

ලොකු ගානක් යයිද?

මේකයි ලොකු ගනං යන ඒවත් තියනවා
අපි දැනට සරලව වැඩේ කරමු

හරි

දැන් මේක බලාගන්නේ කවුද?

අපි කට්ටිය ඉමු දවස් වලට බෙදිලා
ඒක පස්සේ කතා කරගමු

මේ බඩු වලට කීයක් විතර යයිද?

අනේ මන්දා බං හොයලා බලමු

හරි මම අද ගිහිල්ලා මේ ටික ලිස්ට් කරලා 
කට්ටියට වැඩ ටික භාර දෙන්නම්

ඒක හොඳයි

අපි දැන් යමු
හවස් වෙලා කෝල් එකක්  දෙන්නම්

එල අපි යනවා එහෙනම්

පරිස්සමින් යමල්ලා
ආ මේ..

ඇයි ?

ඇලාට කියලා වෙලාවක් දාගනිං අර ඩිසයින් එකට

හා මම ඒක කරන්නං

එල 
කෝල් එකක් දියං එහෙනම්

හරි අපි යනවා


-------------

ගෙදර ඇවිත් තේ එකක් බීලා
ටිකක් වාඩි උනා
පොඩ්ඩක් මොලේ තැලෙන්නත් එක්ක
හුටා දැන්නේ මතක් උනේ
යශෝදරා කතා කලේ මොකටද දන්නේ නෑනේ

අරන් බලමු කෝල් එකක්

------------------------------------------------------

ඊලඟ කොටසට මෙතනින්



ඉස්සෙල්ලා කොටසට මෙතනින්

Thursday, November 13, 2014

යශෝදරා 39

දැන් අපි යමු අර ෂොප් එක ගාවට

ඇයි අපි කෝල් එකක් එනකල් ඉමුකෝ

මේක බීලා යං
මොකද අපි දැන් කොහොමත් කඩේ බලන්න එපැයි

අම්මපා උඹේ මොලේ බං

බීපං බීපං කයිය තියලා
අර ගෑණි එයි  තව ටිකකින්

ගෑණියෙක්ද කතා කලේ

ඔව් බං

ලස්සනද දන්නෙ නෑ නේ

මේහ්.. මට පේන කියන්න බෑ
එහෙම පුලුවන්නං යකෝ
මෙච්චර දුක් විඳින්නේ නැතුව
දේවාලයක් දාගන්නවනේ

නොදකිං තෝ නං

මේ අපි එතනට යමු නැත්තං චාටර්
අපිට ඕන කමක් නෑ කියලා හිතයි

ඔව් ඒක තමයි ඉස්සෙල්ලම දවසේ 
වැඩේ වල් කරගන්න හොඳ නෑ

අපි තේ එකත් බීලා දුමකුත් දාලා බිලත් ගෙවලා 
එලියට ආවේ ෂොප් එක පැත්තට යන්න

ඇත්තටම යශෝදරා මොනවටද දන්නේ නෑ 
ඉස්සෙල්ලා කතා කලේ
ඕන නං පස්සේ අහගන්න බැරියැ
කොහොමත් අපේ සෙට් එක ඉද්දි
යශෝදරා එක්ක කතා කරන එක
එච්චර සෙට් වැඩක් නෙවෙයි

මේ ගනිං මේ කෝල් එක

හෙලෝ 

ඔයාලා කොහේද ඉන්නේ

අපි ඉන්නේ ඔයාගේ ෂොප් එක ගාව

ආ ඉන්න මම එන්නම්

 හරි

ආ ෆෝන් එක
දැන් එනවා කිව්වා

-------------

ඔයාල නේද ෂොප් එක ඇහුවේ

ඔව් අපි තමයි

අපි මේක බලලා ඉමුද?

ඔව් බලමු ඉස්සෙල්ලම

ඉන්න මම යතුරු ගෙනාව
මේක ඇරලා ගන්නම්

ආ මේ යතුරෙන් ඔය ලොක් එක අරින්න
 මම මේ ඉබ්බව අරින්නම්

මේ ෂටර් එක නම් ටිකක් තදයි වගේ නේද?

ඒක නම් ටිකක් තදයි තමයි

මේකේ පිටි පස්සට වෙන්න ටිකක් ඉඩ තියනවා
ඕන නම් කෙනෙක්ට නතර වෙන්නත් පුළුවන්

මේකේ වර්ග අඩි ප්‍රමානය කොච්චරක්ද 

මේකේ අඩි 500ක් විතර ඇති

අවුලක් නෑ
 කොහොමද මේකේ ගාස්තු වෙන්නේ එතකොට

ඔයාලට කොච්චර කාලෙකට වගේද
මේක ගන්න බලාපොරොත්තුව තියෙන්නේ

තාම අපි එහෙම තීරණයක් කරලා නෑ
ගාන අනුව තමයි ඉතින් බලන්න ඕන
කොහොමද වෙන්නේ කියලා

මොකද අපිට දරාගන්න පුළුවන් විදියේ ගානක්
නම් තමයි අපිට මේ ගැන හිතන්න වෙන්නේ

ඒක තමයි
මෙහෙමයි මේකට 40 ගානේ දෙන්න
අපි අවුරුද්දක කුලිය එකපාර ගන්නවා
 ඔයාල කැමති නම් බද්ද අවුරුදු 5කට ලියලා
අවුරුද්දකට සැරයක් කුලිය ගෙවන විදියට
බදු ඔප්පුව ලියමු

හොඳයි අපි ඔයාට කෝල් එකක් දෙන්නම්

ආ කියන්න අමතක උනානේ
මේකට ඩිපොසිට් එකක් ගන්නවා මාස 3ක
ඒක ඔයාල කලින් ගෙවන්න ඕන
තව කී මනි ගන්නවා 60ක් 
ඒකත් එකතු වෙයි ඔයාලගේ සම්පූර්ණ ගානට

අපිට කී මනි එකත් කලින් ගෙවන්න වෙනවනේ

ඔව් ඒකත් එහෙම තමයි

මේකයි අපි ගොඩක් ලොකු සල්ලියක්
අතේ තියාගෙන නෙවෙයි
මේක පටන් ගන්න යන්නේ

ම්.. මට තේරෙනවා


ඔයාල බලලා උත්තරයක් දෙන්න
මගේ මහත්තයා ඉන්නේ ඉතාලියෙ
මම එයාටත් කතා කරලා කියන්නම්
ඔයාලට මොකක් හරි සහනයක්
අරන් දෙන්න පුළුවන්ද කියලා

හරි ගොඩක් ස්තුතියි අපිට සහනයක් දුන්නොත්

හරි මම බලලා කියන්නම් විස්තරේ
කොහොමද වෙන්නේ කියල
එහෙනම් මම යන්නම්
මගේ නොම්මරේ තියනවානේ
ඔයාල කතා කරගෙන
මට කෝල් එකක් දෙන්න

හරි

යාළුවනේ අපි යමු එහෙනම් 

--------------

බුදු අම්මෝ බං මේකේ ගාන වැඩියිනේ

යමංකෝ ගෙදර ඉස්සෙල්ලම
------------------------------------------------------------

ඊලඟ කොටසට මෙතනින්


ඉස්සෙල්ලා කොටසට මෙතනින්

Sunday, November 9, 2014

යශෝදරා 38

මේකද බං මේ කියපු ෂොප් එක

ඔව් මේක තමයි

අවුලක් නෑ මෙතන නං
ගාන තමයි ගැටළුව වෙන්නේ

ම්...

මෙතන කියාපු තැන වැඩේට

ඉඩ කඩ එහෙමත් තියනවා ඇති වෙන්න

ම් මේක වහලා හින්දා ඇතුලට තියෙන ඉඩ
බලාගන්න අමාරුයි නේ

අපි යමුද තේ එකක් බොන්න
තාම කෝල් එක ආවෙත් නෑනේ

යමල්ලා එහෙනම්

කස්ටිය දුමක් දාන්නත් එක්ක කඩේ පිටිපස්සටම ආවා

මොකද උඹලා මෙච්චර වෙලා ගියේ

අපි ගියා ඒජන්සියට
එතන ගාන කතා කරන එකා එලියට ගිහින්
ඌ එනකල් හිටියා

අවුලක් නෑ වැඩේ කතා කරගත්තනේ

ඔව් 
මෙහෙමයි වෙන්නේ
දාන කොලේ සයිස් එකටයි ගාන වෙනස් වෙන්නේ

A4 සයිස් එකට රුපියලයි
එයිට පොඩි ඒවට සත 60ක් වගේ වැටෙන්නේ

අවුලක් නෑ

කාට කියලද ඩිසයින් එක කරගන්නේ

ම්... ඕකට දක්ෂය නම් ඉතින් අපේ ඇලා තමයි

ඔව් ඇලාට කිව්වම වැඩේ කරලා දෙයි
අනික ඌට හොද දැනුමකුත් තියනවානේ 
ෆීල්ඩ් එක ගැන

ඒකත් හරි
අද ගිහින් ඇලා එක්ක කතා කරලා
ගනන් මිමි අහගමු

කෝල් එකක් නේ

කාගෙන්ද ?

යශෝදරාගෙන්

ආන්සර් කරපං ඉතින්

දැන් වැඩක්නේ

නොදකි තෝ නං

යකෝ මටවත් නැති අමාරුවක් නේ තොපිට තියෙන්නේ

හෙලෝ 

හෙලෝ අයියේ 

කතා කලේ වැඩකටද?

නෑ විශේෂ වැඩකට නෙවේ
ඔයා වැඩකද හිටියේ?

ම්... මම නම් පොඩි වැඩක හිටියේ

ආ එහෙනම් මම පස්සේ ගන්නම්

වැඩක් කිව්වට ලොකු වැඩක් නෙවේ
මේ අපේ යාළුවෝ සෙට් එකත් එක්ක
ෂොප් එකක් බලන්න ආවා

කමක් නෑ එහෙනම් මම පස්සේ ගන්නම්

අපේ සෙට් එක කට ඇරන් මං දිහා බලං ඉන්නවා
නොදකිං මු ඉන්න තැන කතා කරන්න නෙවේ
වට පිට බලන්නවත් හිතෙන්නේ නෑ

හා මම ඔයාට කෝල් එකක් දෙන්නම්
මේක ඉවර උන ගමන්

හොඳයි අයියේ
බුදුසරණයි
පරිස්සමින් ඉන්න

බුදුසරණයි නංගා


ඉවරද පැනි හලලා?

නෑ තාම පැනි වැක්කෙරෙනවා
ඇයි උඹටත් ඕනද?

අනේ පල යන්න කබරයා

මේ අර කඩේ වැඩේට කෝල් එකක්
කෑ නොගහ ඉඳපල්ලා

ආ මේකට ආන්සර් කරපං උඹනේ ගත්තේ ඉස්සෙල්ලා

හෙලෝ

හෙලෝ 

ඉතින් කියන්නකෝ කොහොමද
අපි එන්නේ කියලා

ඔයාල දැන් එන්න එපා
මම තව ටිකෙන් වෙන්නප්පුවට එනවා වැඩකට
එතකොට වැඩේ කතා කරගන්න පුළුවන්

හරි අපිට කඩේ ඇතුල
ටිකක් බලන්න තිබුන නම් හොඳයි කියල හිතෙනවා

මම යතුරු අරන් එන්නම්
එතකොට ලේසියිනෙ

හොඳයි ඔයා කීයට විතරද එන්නේ?

තව පැය භාගෙකින් වගේ එනවා

හරි ඔයා පිටත් වෙන්න කලින්
මට කෝල් එකක් දෙන්න

හොඳයි

-------------------------------------------------------------------
ඊලඟ කොටසට මෙතනින්


ඉස්සෙල්ලා කොටස මෙතනින්

යශෝදරා 37

මේ උඹලා යමල්ලා
අපි කඩ වලට කෝල් කරලා යමු
බලන්න කලින් 

ම්... ඒකත් නරක නෑ

මේ අපි යනවා එහෙනං

එල

හරි උං දෙන්නත් ගියා


ගනිං බලන්න නොම්මරයක් කෝල් කරන්න

ආ මේකෙන්ම ගනිං

හෙලෝ 

හෙලෝ
කව්ද මේ

ආ මම මේ කතා කලේ
ඔයාලගේ කඩයක් තියනවානේද ටවුන් එකේ
ඒක දෙනවද කියලා අහන්න

කඩේ නම් දෙනවා 

ඔයාල මොනා වගේ වැඩකටද බැලුවේ

අපි නම් කම්පියුටර් ෂොප් එකකට බැලුවේ

අවුලක් නෑ
දෙන්න පුළුවන්

කොහොමද ඔයාලගේ කඩ කුලිය වෙන්නේ

අපි දීල තිබුනේ විසිපන්දහයි
මේකයි මේ කඩේ තියෙන්නේ මගේ නමට නෙවෙයි
අපේ අක්කගේ නමට
එයා එක්ක තමයි කතා කරන්න වෙන්නේ
මම ඔයාට එයාගේ නොම්මරේ දෙන්නම්

හරි දෙන්නකෝ

ලියාගන්න එහෙනම්
 77XXXXXXX

හරි ස්තුතියි
මම කෝල් එකක් දීලා බලන්නම්



මේ බං මේක කොතන තියන කඩේද?

මේක තියෙන්නේ බං ලුනුවිල හන්දිය පහු කරද්දිම වගේ

ආ ඒ කියන්නේ ටවුන් සීමාවෙන් පිට නේ

ඔව් ටිකක් එලියේ තමයි

මේ ගානට අමාරු කරනවා බං ඒ හරියේ
අපිට කස්ටමර්ලා වැඩියෙන් ගැවසෙන හරියක් ඕන

ඔව් උඹට යශෝදරාව බලා ගන්න ලේසියිනේ

ඔව් හැමදාම යශෝදරා මගෙ ලඟට ඇවිල්ලා
රෙද්ද උස්සලා පෙන්නුවේ නැත්තං කෑවේ නෑ වගේනේ
ඒකට ලේසි වෙන්න තමයි මේ ගන්න යන්නේ
අනේ මේ ගොං කතා කියන්නෙ නැතුව ඉඳපං

නොදකිං තොගෙ වාචාල කට

අයියෝ මේ නවත්තපල්ලකෝ
මේ වැඩේ ගැන හිතපල්ලා


හරි අපි ගාන අහමුකෝ කතා කරලා
පස්සේ බලමුකෝ මොකද වෙන්නේ කියලා
මූද හත්ගව්වක් තියලා අමුඩ ගහන්න ඕන නෑනේ

එහෙනං කතා කරපංකෝ ඊලඟ නොම්මරේට

හෙලෝ

හෙලෝ

ඔයාලගේ ෂොප් එකක් තියනවද ටවුන් එකේ

අපේ ෂොප් එකක් නම් තියනවා
මොකක්ද ඔයාලට දැනගන්න ඕන?


අපිට දැනගන්න ඕන ඒක රෙන්ට් කරනවද කියලා

මොන වගේ බිස්නස් එකකටද?

කම්පියුටර් ෂොප් එකකට වගේ

හරි ඔයාල ඇවිල්ලා මුනගැහෙන්න පුළුවන්ද
මොකද මේ වගේ වැඩ ෆෝන් එකෙන් කතා කරන්න
මම එච්චර කැමති නෑ

ගැටළුවක් නෑ අපි එන්නම්
ඔයාව කොහේද අපි මුනගැහෙන්නේ

ඔයාල කොහේද?

අපි වෙන්නප්පුවේ


මම ඉන්නෙ නම් කටුනේරියේ
දැන් නම් මම පොඩි වැඩක ඉන්නේ
මෙහෙම කරමු මම ඔයාට
තව පැයකින් විතර කෝල් එකක් දෙන්නම්

තෑන්ක්ස් 

එහෙනම් කෝල් එකක් දෙන්න

ඒකත් හරි 

මේ කොතන එකද බං?

මේක නම් තියෙන්නේ ටවුම මැදමයි

ම්.. කීයක් කියයිද දන්නේ නෑ

ඒක තමයි හිතාගන්න බැරි

ටවුන් එක මැද්දේ නම් පුතෝ බර ගානක් වෙයි

හරි අපි යමුද බලන්න කඩ සෙට් එක

යමු

බලපං අපේ දෙන්නට කෝල් එකක් දීලා
මොකද කරන්නේ කියලා

මුං දෙන්න පත්තර ඒජන්සියේ ජොබ් එකක්
හම්බ වෙලාද දන්නෑ මෙච්චර පරක්කු

ඒක තමයි ගනිං බලන්න කෝල් එකක්

හෙලෝ

තොපි කොහෙද යකෝ ඉන්නේ?

ආ එහෙමද?

ඉඳපල්ලා අපිත් එනවා දැන්


හරි උං ඉන්නේ ටවුමේ
අපි යමං

-----------------------------

ඊලඟ කොටසට මෙතනින්



ඉස්සෙල්ලා කොටසට මෙතනින්



යශෝදරා 36

හවස යශෝදරාට කෝල් එකක් ගන්න හිතුනත් 
ඔන්න ඔහේ ඕන නෑ කියලා හිටියා
මොකද මේ වැඩ කටයුතු පිළිවෙලක් වෙනකල්
වැඩියේ යන්න හොඳ නෑ කතාවට

හවස් වෙලා ඉතුරු උන සින්දු ලිස්ට් සෙට් එක ඉවර කලේ
පහුවදාට කං දෙකේ ඇබ ගහගන්න බැරි හින්දා

මේ ටිකේ කොන්සට් සීසන් එක හින්දා
වැඩ වැඩී
අනික මේ යක්කුත් මාවම කන්න එනවනේ
කරන වැඩේ හරියට කරන්නත් ඕන
නැත්තං ඉති චාටර්
වෙන තැන් වලින් වැඩ කරගෙන
අප්සට් ගිය කේස් අරන් ආවම
උන්ට බනින බලු බැනුම් අහද්දි 
අපිට උනත් එකම සිද්ධිය තමයි වෙන්නේ
කියලා හිතාගන්න වැඩි අමාරුවක් නෑ

අනිත් එක තමයි ඇත්තටම මේ වගේ වැඩ
හරියටම කරන්න ඕන තමා
මොකද ඉතිං කොන්සට් එකක් කියන්නේ
ගොඩ දෙනෙක් එන ඉවෙන්ට් එකක්නේ
ඒ වගේම තමයි ගොඩක් පෙර පාසල් වල
ඊලඟ අවුරුද්දේ එන ලමයි ප්‍රමාණෙන්
50%ක් විතර තීරණය වෙන්නේ
මේ අවුරුද්දේ තියන කොන්සට් එකෙන්

කොහොම හරි ඒ ටිකත් ඉවර කරලා
අම්මගේ අතට දීලා හැරිලා බලද්දි
රෑ 11ත්  වෙලා
ඉක්මනටම නාගෙන කාලා නිදාගත්තේ
වැඩ කරලම ඔලුවේ කැක්කුමකුත් තිබුන හින්දා

----------------------------

හෙලෝ

ආ කියපං මොකද මේ උදෙන්ම?

මමයි කෝටුවයි ආවා තැනක් බලන්න

නියමයිනේ
තැනක් සෙට් උනාද?

දෙක තුනක්ම තියනවා

උඹලා වරෙල්ලකෝ 
ඇවිල්ලම කතා කරමු

හරි අපි එන්නං

--------------


තේ එකත් බීලා එලියට පැන්නේ
පොඩි ලල් එකක් වගේ හිතුන හින්දා

ඔය එන්නේ කියද්දිම අපේ සේනාව

ආ උඹලා දෙන්නත් ගියාද?

අපි ගියේ මේ පත්තර ඒජන්සියට 

ඉතිං මොකද උනේ?

තාම ඒක ඇරලා නෑනේ

අවුලක් නෑ අපි ටිකක් දවල් වෙලා යමු

ඉති කියපංකෝ විස්තරේ

මේකයි
තැන් දෙක තුනක්ම තියනවා

හැබැයි ටිකක් ගනං

ම්..
මට හිතුනා

ඒකේ බෝඩ් වල ගහලා තිබුන නොම්මර ටික
අපි ෆෝන් එකේ දාගෙන ආවා

ආ ඔයාලා හොඳ ළමයිනේ
අපි තව ටිකක් දවල් වෙලා කතා කරමු
ඒ වැඩේට

දැන් දුමක් දාමු

උඹලා කාලද ආවේ

අපි කාලා ආවේ

එහෙනං මං කාලා එන්නං

උඹලා එතකල් දුමක් දාගෙන 
මෙතනට වෙලා හිටපල්ලා

එල

-----------

දඩි බිඩි ගාලා කෑම එක කාලා ආවේ
මම එද්දි දුම් නැතුව යයි කියලා බයේ
ඇයි ඉතිං අපේ සාතන්ලා ටික දුම් කෝච්චිනේ
රේල්ලුවෙං දන්නවනං මුංව අරන් ගිහිල්ලා 
ඇංජිමට හයි කරනවා

මේ දීපංකෝ මටත් දුමක්

හොඳ වෙලාවට ආවේ

තව පොඩ්ඩෙං ඒකත් ඉවර වෙනවා

මම ඉක්මටන ආවේ තොපේ හැටි දන්න හින්දා තමයි

අනේ මේ පල යන්න

හරි දැන් අපි යමුද අර කියපු කඩ ටික බලන්නයි
පත්තර ඒජන්සියටයි

යමල්ලා එහෙනං

ආ මේ උඹලා දෙන්නා යමල්ලා පත්තර ඒජන්සියට
ඔක්කොම යන්න ඕන නෑනේ

ඒක තමයි

අපි තුන්දෙනා යමු කඩ බලන්න

එල
එහෙම කරමු

-------------------------------------------------------------------

ඊලඟ කොටසට මෙතනින්

ඉස්සෙල්ලා කොටසට මෙතනින්

 

Thursday, November 6, 2014

යශෝදරා 35

දැන් අපි කොහේද ඕක කරන්නේ

අපි තැනක් බලමු ටවුන් එකේ

ටවුන් එකේ මැද නම් හොඳයි

ඒක තමයි

අපි කොහොමද මාර්කටිං කරන්නේ

අපි ලීෆ්ලට් සෙට් එකක් ගහලා බෙදමු

පත්තරවලට දාන්නත් පුළුවන්නේ

ඒකට නම් වියදමක් යයි

අවුලක් නෑ ලොකු ගානක් යන්නේ නැත්තං

හරි ඉස්සෙල්ලම අපි තැනක් හොයන්න ඕන

කව්ද යන්නේ?

රංග උඹයි කෝටුවයි යමං ඒ වැඩේට

හරි

ඇටකිච්චචෝ උඹයි කොටයි හෙට ගිහින්
පත්තර ඒජන්සියෙන් අහපං
ලීෆ්ලට් දාන්නේ කොහොමද කියලා

එල 

මේ මං කෝටුවා එක්ක යන්නද?

අනේ මේ තොපි දෙන්නා ගියොත් නා ගන්නවනේ
ඒක හින්දා මේ විදිය හොඳයි

තව දෙයක් මට කෙරෙන්න ඕන 
හැබැයි හදිස්සි නෑ

මොකක්ද?

ය‍ශෝදරාගේ ගෙදර විස්තර ටිකක් හොයන්න ඕන

අවුලක් නෑ
අපි හිමීට හොයන්නං

හරි 
අපි මේ වැඩේට ඕන කරන සල්ලි හොයා ගන්න කලින්
බලමු මේකට කීයක් විතර යනවද කියලා

ඒක හරි 
නැත්තං අපිට ටාගට් එකක් නැතුව ගියාම අවුල් වෙනවනේ

ඔව්

අපි දැනට මේ වැඩ ටික ඉවර කලාම බලමු ඊලඟට 
මොනාද කරන්න තියෙන්නේ කියලා

එලකිරි

දැන් අපේ සාකච්ඡාව ඉවරයි
යමල්ලා දුමක් දාන්න

යමු එහෙනං එලියට

ආ බං මම මේ අහන්න හිටියේ
අපි මේ වැඩේට බහින එක අවුලක් නෑ

මම කියන්නේ ටිකක් ඉක්මන් වැඩි නැද්ද?

එහෙමත් නෑ බං
මොකද දන්නවද

උඹ නිකමට හිතපං
අපිට සල්ලි ඕන උනාම
අපි කොහෙන්ද හොයාගන්නේ

වෙන කොහෙන්ද ඉතින් ගෙදරින් මිසක්

ඒකනේ
මට නං මේකෙන් කීයක් හරි එනවා
ඒත් උඹලා ගෙදරින් ඉල්ල ගන්න ඕන

ඒක නං ඇත්ත ඉතිං

ඒක තමයි කියන්නේ 
දාහක් දෙදහක් ඉල්ලුවාම
බල්ලට වගේ බැනලා බැනලා තමයි දෙන්නේ

ඔව් බං මට නං එපා වෙලා තියෙන්නේ

ඒකනේ
අපි මේ වගේ වැඩක් කලාම අපේ අතේ 
නිකංම සල්ලි ගැවසෙනවා
අනික බං අපිට ගෙවල් වලින් 
මෙයිට වැඩියේ නිදහසකුත් හම්බවෙනවා

ඒක නං හරි 

ඉතින් ඇයි අපි පරක්කු වෙන්නේ
අපි පරක්කු වෙන දවසක් දවසක් ගානේ
අපිට ලැබෙන්න තියන දේ තමයි නැතුව යන්නේ

ම්...

මේ දැන් ඉතිං යමල්ලා මෙතන වාත වෙන්නේ නැතුව
දුමක් දාන්න

යමං යමං කට්ටියම

--------

ආ පත්තු කරපං

එල

මටත් එකක් දීපංකෝ

ආ බීල මැරිය

මේකත් අඩු කරන්න ඕන බං

ඒක නම් හොඳ දෙයක්

කොහෙද ඉතිං 
තොපි සෙට් එක ඉන්නකං 
ඒක මේ කපේදි කරන්න හම්බෙන්නෑ

අනේ මේ පල යන්න සාතං
හරියට අපි නිකං තොගෙ කටේ ගහලා
බලෙන් පොවනවා වගේනෙ

අයියෝ ගනං ගන්න එපා බං
උඹලා එක්ක නැතුව කා එක්ක දුං දාන්නද

මේ අපි යනවා
හෙට සෙට් වෙමු

හරි එහෙනං පරිස්සමින් යමල්ලා

කෝල් එකක් දෙන්නං

එල

------------------------------

ඊලඟ කොටසට මෙතනින්


ඉස්සෙල්ලා කොටසට මෙතනින්






Tuesday, November 4, 2014

යශෝදරා 34

හෙලෝ 

කියපං 

එන්නේ නැද්ද?

අපි එන ගමන් ඉන්නේ

එල එල වරෙල්ලකෝ එහෙනං

---------

කස්ටිය මගේ කාමරේට එකතු උනේ වට මේසේ සාකච්ඡාවට

ආ කියන්න බැරි උනානේ වට මේසේ සාකච්ඡාව කියන්නේ 
අපේ සෙට් එකට බරපතලම ප්‍රශ්නයක් උනාම
විසඳගන්න කරන කතා බහකට

දැන් කියපංකෝ ඇයි අපිට කතා කලේ කියලා

හරි 
මේකයි විස්තරේ

මම මේක පටන් ගන්න කලින්
තව දෙයක් තියනවා කියලා ඉන්න ඕන

මොකක්ද?

අපි මේ කතාව කරන්නේ අපේ ඉදිරි වැඩ පිළිවෙල ගැන

ඒ කිව්වේ

ඒ කියන්නේ
අපි දැන් මොනවා හරි කරන්න ඕන කාලේ ඇවිල්ලා

ඒක ඇත්ත

අපි මෙච්චර කාලෙකට ෆන් ගත්තා මිසක් 
දියුනු වෙන්න මුකුත් කලේ නෑනේ

ඉතින් තව ටිකක් ෆන් ගමුකෝ

දැන් අමාරු වෙනවා යාළුවනේ

ඒ මොකෝ?

මේකයි
උඹලා කසාද බඳින්නේ නැද්ද

අනේ මේ
උඹ යශෝදරාව සෙට් කරගත්තා කියලා
අපේ ෆන් එක කඩන්න ලෑස්ති වෙන්න එපා

මේ අහපං 
මම යශෝදරාව යාළු කරගත්තේ නෑ තවම
අනිත් එක තමයි මම යශෝදරාව නෙවේ කාව බැන්දත්
මේ ප්‍රශ්නේ මට එනවා

මේ රස්සාවෙන් මට තව කෙනෙක්ව නඩත්තු කරන්න අමාරුයි

අනික අපි දෙයක් කලාම බං අපිට ගෙවල් වලින් උනත්
කිසිම දෙයක් කියන්න එන්නේ නෑ

ඒක නම් හරි

අනිත් එක ගෙවල් වලින් උනත් අපි සල්ලි ඉල්ලලා
චාටර් වෙනවට වැඩියේ හොඳ නැද්ද
අපි කීයක් හරි හම්බ කරලා ඒක වියදම් කරනවා

ඒ කතාව නම් ඇත්ත

මට කියපල්ලකෝ උඹලා
කසාද බඳින්න කැමති නැද්ද

බඳින්න ඕන තමයි

එතකොට ප්‍රපෝසල් එකක් හරි නැත්තං
කෙල්ලෙක් එක්ක යාළු වෙලා හරි 
කසාද බඳින්න ලෑස්ති උනාම 
ඒ කෙල්ලගේ ගෙදරින් හොයලා බලනවානේ 
උඹ මොනාද කරන්නේ කියලා

ඉතිං

ඉතිං කියන්නේ එතකොට උඹ මොකක්ද
කියන්න හිතාගෙන ඉන්නේ 

උඹ රස්සවක් කරන්නෙත් නැත්තං
උඹට ජීවත් වෙන්න කෝටි ගානක් බැංකු පොතේ නැත්තං
උඹට කෙල්ලව දෙන්න ගෙදරින් කැමති වෙයිද

ඒක නම් හිතන්න ඕන දෙයක් තමයි

ඒක තමයි කියන්නේ

අපි මොනා හරි පටන් ගන්න ඕන

අපි මොනාද කරන්නේ?

අපිට කරන්න දේවල් ගොඩක් තියනවා

මොන වගේ ඒවද?

හොඳ පැත්තෙන් වගේම නරක පැත්තෙන්

හොඳ දෙයක් කලොත් ප්‍රථිපල ටිකක් පරක්කුයි
නරක දෙයක් කලොත් ඉක්මන්
හැබැයි වැඩි කල් පවතින්නේ නෑ

ඒක හරි

අපිට වැඩ කරන්න කට්ටිය ඕන නම්
මෙතනම පස් දෙනෙක් ඉන්නවා

එතකොට අපි දෙයක් කරද්දි සේවක ප්‍රශ්නයක් ආවොත්
අපිට ලේසියි වැඩේ

ම්...

අපිට  කරන්න දේවල් වගයක් තියනවා

මොනවද ඒ?

අපි දෙයක් කරන්න කලින් ඒ ගැන හොයලා බලන්න ඕන
අනික තමයි අපිට සල්ලි ඕන ඒ දේ පටන් ගන්න

කවුද අපිට සල්ලි දෙන්න ඉන්නේ?

අයියෝ යශෝදරාගෙන් ඉල්ලගමු

ලැජ්ජ කරන්න එපා යකෝ
තොපි මාව විකුනන්නද හදන්නේ

අපි ඒකට ක්‍රමයක් හොයමු 

දැන් අපි හොයන්න ඕන බිස්නස් එකක්
අපිට කරන්න පුළුවන්
ඒ වගේම අපිට ගැලපෙන දෙයක්
අපි දන්න දෙයක්

උඹ කියපං අපි කරන්නං

අයියෝ බං ඒකත් මගේ කරටම පටවන්නේ

හරි හරි උඹනේ අපේ මහ මොලේ

අනේ මන්දා බං උඹලනං

එහෙම කියන්න එපා බං

හරි හරි
ඒක නෙවේ මට කියපල්ලා
 දැන් මම මේ කරන රස්සාවම ටිකක් දියුනු කරලා
පොඩ්ඩක් මාකටිං පාරක් දාලා ගත්තොත්
අපිට මොනා හරි කරන්න පුළුවන් වෙයි
අනික මම මේක දන්නවනේ හොඳටම

ම්.. ඒක හොඳයි

දැන් අපි මොකද කරන්න ඕන

අපිට මේක මෙතන කරන්න බෑ
ඒකට තැනක් ඕන
ඒ වගේම සල්ලිත් ඕන


---------------------------------------

ඊලඟ කොටසට මෙතනින්


ඉස්සෙල්ලා කොටසට මෙතනින්

  

Saturday, November 1, 2014

යශෝදරා 33

යශෝදරාත් අනේ මන්දා
වෙලාවකට තේරුම් ගන්න අමාරුයි
හැබැයි කෙල්ල නම් හොඳයි

මොනාව උනත් මට කැමතියි වගේ
නැත්තං ඒ විදියට කතා කරන්නේ නෑනේ

දැන් ඒවා හිතලා වැඩක් නෑ
බඩගින්නක් එනවා ගිහින් කන්න ඕන

කෑම එකත් කාලා ඇඳට වැටුනට මොකෝ නින්ද යන්නේ නෑ
ඇයි ඉතින් හවස් වරුවම නිදාගත්තනේ

දැන් ඉතින් කොහොම හරි නිදාගන්නවා අමාරුවෙන් හරි

----------------------

උදේම ඇහැරුනේ ඊයේ දවසේ ඕනවටත් වඩා නිදාගත්ත හින්ද වෙන්න ඇති

අද උදෙන්ම කස්ටමර්ලා වගයක් එනවා
එයිට කලින් වැඩ ටික ලෑස්ති කරලා තිබ්බොත්
යාළුවො සෙට් එකත් එක්ක එලියට පනින්න පුළුවන්

යන්න ඕන ඒක ඉවර කරන්න

පුතේ මේ තේ එක බොන්න

ආ දෙන්න අම්මේ

අද ඔයාට විශේෂ වැඩක්ද?

නෑ ඇයි?

වේලාසනින් නැගිටලා හින්දා ඇහුවේ

මේ උදෙන්ම කස්ටමර්ලා වගයක් එනවා කිව්වා

ආ ඒක මිසක්
මම ඒත් බැලුවා මේ මොකද කියලා

ඇයි මොකද?

නෑ ඉතින් අපේ පුතන්ඩියා වැඩක් නැතුව නැගිට්ටොත්
අනිත් පැත්තෙන් ඉර පායන හින්දා

අනේ මේ මගේ යකා අවුස්සගන්න නැතුව යන්න අම්මේ

අනේ අම්මපා යකෝ 
මේක මාර මගුලක්නේ
උදෙන්ම නැගිට්ටත් වැරදියි අපේ ගෙදර උන්ට

හරි ඒකෙන් කමක් නෑ
දැන් කන්න ඕන
මොනා කරන්නත් කාලා ඉන්න එපැයි කියලා
කුස්සියට ගිහින් අම්මාට කියලා කවාගෙනම ආවා

කෝල් එකක්

හෙලෝ

උඹ කොහේද ඉන්නේ?

ගෙදර

වරෙන් එලියට

ඉඳපං එන්නම්


------


මොකෝ උදෙන්ම

නිකං ආවේ මේ පැත්තේ

දුමක් ගෙනාවද?

ආ ගනිං

එල
මොනාද අද ප්‍රෝග්‍රෑම්?

තාම මුකුත් නෑ

කෝ අපේ අනිත් සාතංලා දෙන්නා

මග එනවා ඇති 
කෝල් එකක් දුන්නා එන්න කියලා

ආ ඔය කියන කොටම එන්නේ

ආ වරෙල්ලා වරෙල්ලා

ඉතිං මොකෝ වෙන්නේ

විශේෂ දෙයක් නෑ

අද මොනාද කරන්නේ?

අපි යංද කොහේ හරි

අද අපි කොහේවත් නොගිහින් වට මේසේ සාකච්ඡාවක් දාමු

ඒ මොකද හදිස්සියෙම?

මේ ටිකේ කාලා බීලා එපා වෙලා නැද්ද උඹලට?

හරි අවුලක් නෑ

මොකක්ද මාතෘකාව?

අපේ ඉදිරි වැඩපිළිවෙල ගැන

ම්... ඒක ටිකක් බර මාතෘකාවක් නේද?

ඔව් ඒ උනාට අත්‍යාවශ්‍ය  දෙයක්

දැන් කොයි වෙලාවෙද අපි සෙට් වෙන්නේ ඕකට?

හවස සෙට් වෙමු
දැන් මට වැඩ වගයක් තියනවා කරන්න

හරි අපි හවස සෙට් වෙමු

උඹලගේ විස්තර කතන්දර
සේරම ඔළුවට දාගෙන වරෙල්ලා

හරි අපි යනවා එහෙනම් 

එල හවස වරෙල්ලා

--------------------------------

 ඊලඟ කොටසට මෙතනින්




ඉස්සෙල්ලා කොටසට මෙතනින්