Pages

Sunday, November 9, 2014

යශෝදරා 36

හවස යශෝදරාට කෝල් එකක් ගන්න හිතුනත් 
ඔන්න ඔහේ ඕන නෑ කියලා හිටියා
මොකද මේ වැඩ කටයුතු පිළිවෙලක් වෙනකල්
වැඩියේ යන්න හොඳ නෑ කතාවට

හවස් වෙලා ඉතුරු උන සින්දු ලිස්ට් සෙට් එක ඉවර කලේ
පහුවදාට කං දෙකේ ඇබ ගහගන්න බැරි හින්දා

මේ ටිකේ කොන්සට් සීසන් එක හින්දා
වැඩ වැඩී
අනික මේ යක්කුත් මාවම කන්න එනවනේ
කරන වැඩේ හරියට කරන්නත් ඕන
නැත්තං ඉති චාටර්
වෙන තැන් වලින් වැඩ කරගෙන
අප්සට් ගිය කේස් අරන් ආවම
උන්ට බනින බලු බැනුම් අහද්දි 
අපිට උනත් එකම සිද්ධිය තමයි වෙන්නේ
කියලා හිතාගන්න වැඩි අමාරුවක් නෑ

අනිත් එක තමයි ඇත්තටම මේ වගේ වැඩ
හරියටම කරන්න ඕන තමා
මොකද ඉතිං කොන්සට් එකක් කියන්නේ
ගොඩ දෙනෙක් එන ඉවෙන්ට් එකක්නේ
ඒ වගේම තමයි ගොඩක් පෙර පාසල් වල
ඊලඟ අවුරුද්දේ එන ලමයි ප්‍රමාණෙන්
50%ක් විතර තීරණය වෙන්නේ
මේ අවුරුද්දේ තියන කොන්සට් එකෙන්

කොහොම හරි ඒ ටිකත් ඉවර කරලා
අම්මගේ අතට දීලා හැරිලා බලද්දි
රෑ 11ත්  වෙලා
ඉක්මනටම නාගෙන කාලා නිදාගත්තේ
වැඩ කරලම ඔලුවේ කැක්කුමකුත් තිබුන හින්දා

----------------------------

හෙලෝ

ආ කියපං මොකද මේ උදෙන්ම?

මමයි කෝටුවයි ආවා තැනක් බලන්න

නියමයිනේ
තැනක් සෙට් උනාද?

දෙක තුනක්ම තියනවා

උඹලා වරෙල්ලකෝ 
ඇවිල්ලම කතා කරමු

හරි අපි එන්නං

--------------


තේ එකත් බීලා එලියට පැන්නේ
පොඩි ලල් එකක් වගේ හිතුන හින්දා

ඔය එන්නේ කියද්දිම අපේ සේනාව

ආ උඹලා දෙන්නත් ගියාද?

අපි ගියේ මේ පත්තර ඒජන්සියට 

ඉතිං මොකද උනේ?

තාම ඒක ඇරලා නෑනේ

අවුලක් නෑ අපි ටිකක් දවල් වෙලා යමු

ඉති කියපංකෝ විස්තරේ

මේකයි
තැන් දෙක තුනක්ම තියනවා

හැබැයි ටිකක් ගනං

ම්..
මට හිතුනා

ඒකේ බෝඩ් වල ගහලා තිබුන නොම්මර ටික
අපි ෆෝන් එකේ දාගෙන ආවා

ආ ඔයාලා හොඳ ළමයිනේ
අපි තව ටිකක් දවල් වෙලා කතා කරමු
ඒ වැඩේට

දැන් දුමක් දාමු

උඹලා කාලද ආවේ

අපි කාලා ආවේ

එහෙනං මං කාලා එන්නං

උඹලා එතකල් දුමක් දාගෙන 
මෙතනට වෙලා හිටපල්ලා

එල

-----------

දඩි බිඩි ගාලා කෑම එක කාලා ආවේ
මම එද්දි දුම් නැතුව යයි කියලා බයේ
ඇයි ඉතිං අපේ සාතන්ලා ටික දුම් කෝච්චිනේ
රේල්ලුවෙං දන්නවනං මුංව අරන් ගිහිල්ලා 
ඇංජිමට හයි කරනවා

මේ දීපංකෝ මටත් දුමක්

හොඳ වෙලාවට ආවේ

තව පොඩ්ඩෙං ඒකත් ඉවර වෙනවා

මම ඉක්මටන ආවේ තොපේ හැටි දන්න හින්දා තමයි

අනේ මේ පල යන්න

හරි දැන් අපි යමුද අර කියපු කඩ ටික බලන්නයි
පත්තර ඒජන්සියටයි

යමල්ලා එහෙනං

ආ මේ උඹලා දෙන්නා යමල්ලා පත්තර ඒජන්සියට
ඔක්කොම යන්න ඕන නෑනේ

ඒක තමයි

අපි තුන්දෙනා යමු කඩ බලන්න

එල
එහෙම කරමු

-------------------------------------------------------------------

ඊලඟ කොටසට මෙතනින්

ඉස්සෙල්ලා කොටසට මෙතනින්

 

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා