Pages

Saturday, November 1, 2014

යශෝදරා 33

යශෝදරාත් අනේ මන්දා
වෙලාවකට තේරුම් ගන්න අමාරුයි
හැබැයි කෙල්ල නම් හොඳයි

මොනාව උනත් මට කැමතියි වගේ
නැත්තං ඒ විදියට කතා කරන්නේ නෑනේ

දැන් ඒවා හිතලා වැඩක් නෑ
බඩගින්නක් එනවා ගිහින් කන්න ඕන

කෑම එකත් කාලා ඇඳට වැටුනට මොකෝ නින්ද යන්නේ නෑ
ඇයි ඉතින් හවස් වරුවම නිදාගත්තනේ

දැන් ඉතින් කොහොම හරි නිදාගන්නවා අමාරුවෙන් හරි

----------------------

උදේම ඇහැරුනේ ඊයේ දවසේ ඕනවටත් වඩා නිදාගත්ත හින්ද වෙන්න ඇති

අද උදෙන්ම කස්ටමර්ලා වගයක් එනවා
එයිට කලින් වැඩ ටික ලෑස්ති කරලා තිබ්බොත්
යාළුවො සෙට් එකත් එක්ක එලියට පනින්න පුළුවන්

යන්න ඕන ඒක ඉවර කරන්න

පුතේ මේ තේ එක බොන්න

ආ දෙන්න අම්මේ

අද ඔයාට විශේෂ වැඩක්ද?

නෑ ඇයි?

වේලාසනින් නැගිටලා හින්දා ඇහුවේ

මේ උදෙන්ම කස්ටමර්ලා වගයක් එනවා කිව්වා

ආ ඒක මිසක්
මම ඒත් බැලුවා මේ මොකද කියලා

ඇයි මොකද?

නෑ ඉතින් අපේ පුතන්ඩියා වැඩක් නැතුව නැගිට්ටොත්
අනිත් පැත්තෙන් ඉර පායන හින්දා

අනේ මේ මගේ යකා අවුස්සගන්න නැතුව යන්න අම්මේ

අනේ අම්මපා යකෝ 
මේක මාර මගුලක්නේ
උදෙන්ම නැගිට්ටත් වැරදියි අපේ ගෙදර උන්ට

හරි ඒකෙන් කමක් නෑ
දැන් කන්න ඕන
මොනා කරන්නත් කාලා ඉන්න එපැයි කියලා
කුස්සියට ගිහින් අම්මාට කියලා කවාගෙනම ආවා

කෝල් එකක්

හෙලෝ

උඹ කොහේද ඉන්නේ?

ගෙදර

වරෙන් එලියට

ඉඳපං එන්නම්


------


මොකෝ උදෙන්ම

නිකං ආවේ මේ පැත්තේ

දුමක් ගෙනාවද?

ආ ගනිං

එල
මොනාද අද ප්‍රෝග්‍රෑම්?

තාම මුකුත් නෑ

කෝ අපේ අනිත් සාතංලා දෙන්නා

මග එනවා ඇති 
කෝල් එකක් දුන්නා එන්න කියලා

ආ ඔය කියන කොටම එන්නේ

ආ වරෙල්ලා වරෙල්ලා

ඉතිං මොකෝ වෙන්නේ

විශේෂ දෙයක් නෑ

අද මොනාද කරන්නේ?

අපි යංද කොහේ හරි

අද අපි කොහේවත් නොගිහින් වට මේසේ සාකච්ඡාවක් දාමු

ඒ මොකද හදිස්සියෙම?

මේ ටිකේ කාලා බීලා එපා වෙලා නැද්ද උඹලට?

හරි අවුලක් නෑ

මොකක්ද මාතෘකාව?

අපේ ඉදිරි වැඩපිළිවෙල ගැන

ම්... ඒක ටිකක් බර මාතෘකාවක් නේද?

ඔව් ඒ උනාට අත්‍යාවශ්‍ය  දෙයක්

දැන් කොයි වෙලාවෙද අපි සෙට් වෙන්නේ ඕකට?

හවස සෙට් වෙමු
දැන් මට වැඩ වගයක් තියනවා කරන්න

හරි අපි හවස සෙට් වෙමු

උඹලගේ විස්තර කතන්දර
සේරම ඔළුවට දාගෙන වරෙල්ලා

හරි අපි යනවා එහෙනම් 

එල හවස වරෙල්ලා

--------------------------------

 ඊලඟ කොටසට මෙතනින්




ඉස්සෙල්ලා කොටසට මෙතනින්



No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා