Pages

Sunday, November 9, 2014

යශෝදරා 38

මේකද බං මේ කියපු ෂොප් එක

ඔව් මේක තමයි

අවුලක් නෑ මෙතන නං
ගාන තමයි ගැටළුව වෙන්නේ

ම්...

මෙතන කියාපු තැන වැඩේට

ඉඩ කඩ එහෙමත් තියනවා ඇති වෙන්න

ම් මේක වහලා හින්දා ඇතුලට තියෙන ඉඩ
බලාගන්න අමාරුයි නේ

අපි යමුද තේ එකක් බොන්න
තාම කෝල් එක ආවෙත් නෑනේ

යමල්ලා එහෙනම්

කස්ටිය දුමක් දාන්නත් එක්ක කඩේ පිටිපස්සටම ආවා

මොකද උඹලා මෙච්චර වෙලා ගියේ

අපි ගියා ඒජන්සියට
එතන ගාන කතා කරන එකා එලියට ගිහින්
ඌ එනකල් හිටියා

අවුලක් නෑ වැඩේ කතා කරගත්තනේ

ඔව් 
මෙහෙමයි වෙන්නේ
දාන කොලේ සයිස් එකටයි ගාන වෙනස් වෙන්නේ

A4 සයිස් එකට රුපියලයි
එයිට පොඩි ඒවට සත 60ක් වගේ වැටෙන්නේ

අවුලක් නෑ

කාට කියලද ඩිසයින් එක කරගන්නේ

ම්... ඕකට දක්ෂය නම් ඉතින් අපේ ඇලා තමයි

ඔව් ඇලාට කිව්වම වැඩේ කරලා දෙයි
අනික ඌට හොද දැනුමකුත් තියනවානේ 
ෆීල්ඩ් එක ගැන

ඒකත් හරි
අද ගිහින් ඇලා එක්ක කතා කරලා
ගනන් මිමි අහගමු

කෝල් එකක් නේ

කාගෙන්ද ?

යශෝදරාගෙන්

ආන්සර් කරපං ඉතින්

දැන් වැඩක්නේ

නොදකි තෝ නං

යකෝ මටවත් නැති අමාරුවක් නේ තොපිට තියෙන්නේ

හෙලෝ 

හෙලෝ අයියේ 

කතා කලේ වැඩකටද?

නෑ විශේෂ වැඩකට නෙවේ
ඔයා වැඩකද හිටියේ?

ම්... මම නම් පොඩි වැඩක හිටියේ

ආ එහෙනම් මම පස්සේ ගන්නම්

වැඩක් කිව්වට ලොකු වැඩක් නෙවේ
මේ අපේ යාළුවෝ සෙට් එකත් එක්ක
ෂොප් එකක් බලන්න ආවා

කමක් නෑ එහෙනම් මම පස්සේ ගන්නම්

අපේ සෙට් එක කට ඇරන් මං දිහා බලං ඉන්නවා
නොදකිං මු ඉන්න තැන කතා කරන්න නෙවේ
වට පිට බලන්නවත් හිතෙන්නේ නෑ

හා මම ඔයාට කෝල් එකක් දෙන්නම්
මේක ඉවර උන ගමන්

හොඳයි අයියේ
බුදුසරණයි
පරිස්සමින් ඉන්න

බුදුසරණයි නංගා


ඉවරද පැනි හලලා?

නෑ තාම පැනි වැක්කෙරෙනවා
ඇයි උඹටත් ඕනද?

අනේ පල යන්න කබරයා

මේ අර කඩේ වැඩේට කෝල් එකක්
කෑ නොගහ ඉඳපල්ලා

ආ මේකට ආන්සර් කරපං උඹනේ ගත්තේ ඉස්සෙල්ලා

හෙලෝ

හෙලෝ 

ඉතින් කියන්නකෝ කොහොමද
අපි එන්නේ කියලා

ඔයාල දැන් එන්න එපා
මම තව ටිකෙන් වෙන්නප්පුවට එනවා වැඩකට
එතකොට වැඩේ කතා කරගන්න පුළුවන්

හරි අපිට කඩේ ඇතුල
ටිකක් බලන්න තිබුන නම් හොඳයි කියල හිතෙනවා

මම යතුරු අරන් එන්නම්
එතකොට ලේසියිනෙ

හොඳයි ඔයා කීයට විතරද එන්නේ?

තව පැය භාගෙකින් වගේ එනවා

හරි ඔයා පිටත් වෙන්න කලින්
මට කෝල් එකක් දෙන්න

හොඳයි

-------------------------------------------------------------------
ඊලඟ කොටසට මෙතනින්


ඉස්සෙල්ලා කොටස මෙතනින්

3 comments:

  1. අනේ බං කලිනුත් කිව්වා නේ.. කළු බැක්ගරවුන්ඩ් එකත් එක්ක කියවන එක මහම මහ දුකක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශක යා

      කලු පාටට අකමැති අය වගේම කැමති අයත් ඉන්නවා කියලා දැනගන්න ලැබුනා ඒ ගැන සොයා බැලූ විට

      හැකි ඉක්මනින්ම සුදු පාට පසුබිමක් කැමති අයට ඒ වෙනුවෙන් ක්‍රමයක් යොදන්නම් පාට මාරු කරලා බලන්න පුළුවන් විදියේ

      දැන් මේ තියන විදිය එකපාර වෙනස් කිරීම ඉතා අපහසුයි. හැම චරිතයකටම අයිති පාටවල් නැවත සකස් කිරීම ඉතාමත් අපහසු කාර්යක්. කැමති අයට සුදු පාට පසුබිම් සහ මේ යොදා තිබෙන පාට වල විරුද්ධ පාට ලැබෙන ක්‍රමයක් ලබා දෙන්න උත්සහ කරන්නම්

      දැනට ඒ සම්බන්ධයෙන් සොයා බලමින් පවතිනවා
      අපහසුතාවයක් ඇති උනා නම් කතෘ මඬුල්ලේ බලවත් කනගාටුව ප්‍රකාශ කර සිටිනවා

      අදහස් දැක්වූවාට ස්තූතියි ඔබට

      Delete
    2. හපොයි ඕන නෑ. මේ විදියටෙ හොදා... හැක්

      Delete

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා