Pages

Tuesday, November 4, 2014

යශෝදරා 34

හෙලෝ 

කියපං 

එන්නේ නැද්ද?

අපි එන ගමන් ඉන්නේ

එල එල වරෙල්ලකෝ එහෙනං

---------

කස්ටිය මගේ කාමරේට එකතු උනේ වට මේසේ සාකච්ඡාවට

ආ කියන්න බැරි උනානේ වට මේසේ සාකච්ඡාව කියන්නේ 
අපේ සෙට් එකට බරපතලම ප්‍රශ්නයක් උනාම
විසඳගන්න කරන කතා බහකට

දැන් කියපංකෝ ඇයි අපිට කතා කලේ කියලා

හරි 
මේකයි විස්තරේ

මම මේක පටන් ගන්න කලින්
තව දෙයක් තියනවා කියලා ඉන්න ඕන

මොකක්ද?

අපි මේ කතාව කරන්නේ අපේ ඉදිරි වැඩ පිළිවෙල ගැන

ඒ කිව්වේ

ඒ කියන්නේ
අපි දැන් මොනවා හරි කරන්න ඕන කාලේ ඇවිල්ලා

ඒක ඇත්ත

අපි මෙච්චර කාලෙකට ෆන් ගත්තා මිසක් 
දියුනු වෙන්න මුකුත් කලේ නෑනේ

ඉතින් තව ටිකක් ෆන් ගමුකෝ

දැන් අමාරු වෙනවා යාළුවනේ

ඒ මොකෝ?

මේකයි
උඹලා කසාද බඳින්නේ නැද්ද

අනේ මේ
උඹ යශෝදරාව සෙට් කරගත්තා කියලා
අපේ ෆන් එක කඩන්න ලෑස්ති වෙන්න එපා

මේ අහපං 
මම යශෝදරාව යාළු කරගත්තේ නෑ තවම
අනිත් එක තමයි මම යශෝදරාව නෙවේ කාව බැන්දත්
මේ ප්‍රශ්නේ මට එනවා

මේ රස්සාවෙන් මට තව කෙනෙක්ව නඩත්තු කරන්න අමාරුයි

අනික අපි දෙයක් කලාම බං අපිට ගෙවල් වලින් උනත්
කිසිම දෙයක් කියන්න එන්නේ නෑ

ඒක නම් හරි

අනිත් එක ගෙවල් වලින් උනත් අපි සල්ලි ඉල්ලලා
චාටර් වෙනවට වැඩියේ හොඳ නැද්ද
අපි කීයක් හරි හම්බ කරලා ඒක වියදම් කරනවා

ඒ කතාව නම් ඇත්ත

මට කියපල්ලකෝ උඹලා
කසාද බඳින්න කැමති නැද්ද

බඳින්න ඕන තමයි

එතකොට ප්‍රපෝසල් එකක් හරි නැත්තං
කෙල්ලෙක් එක්ක යාළු වෙලා හරි 
කසාද බඳින්න ලෑස්ති උනාම 
ඒ කෙල්ලගේ ගෙදරින් හොයලා බලනවානේ 
උඹ මොනාද කරන්නේ කියලා

ඉතිං

ඉතිං කියන්නේ එතකොට උඹ මොකක්ද
කියන්න හිතාගෙන ඉන්නේ 

උඹ රස්සවක් කරන්නෙත් නැත්තං
උඹට ජීවත් වෙන්න කෝටි ගානක් බැංකු පොතේ නැත්තං
උඹට කෙල්ලව දෙන්න ගෙදරින් කැමති වෙයිද

ඒක නම් හිතන්න ඕන දෙයක් තමයි

ඒක තමයි කියන්නේ

අපි මොනා හරි පටන් ගන්න ඕන

අපි මොනාද කරන්නේ?

අපිට කරන්න දේවල් ගොඩක් තියනවා

මොන වගේ ඒවද?

හොඳ පැත්තෙන් වගේම නරක පැත්තෙන්

හොඳ දෙයක් කලොත් ප්‍රථිපල ටිකක් පරක්කුයි
නරක දෙයක් කලොත් ඉක්මන්
හැබැයි වැඩි කල් පවතින්නේ නෑ

ඒක හරි

අපිට වැඩ කරන්න කට්ටිය ඕන නම්
මෙතනම පස් දෙනෙක් ඉන්නවා

එතකොට අපි දෙයක් කරද්දි සේවක ප්‍රශ්නයක් ආවොත්
අපිට ලේසියි වැඩේ

ම්...

අපිට  කරන්න දේවල් වගයක් තියනවා

මොනවද ඒ?

අපි දෙයක් කරන්න කලින් ඒ ගැන හොයලා බලන්න ඕන
අනික තමයි අපිට සල්ලි ඕන ඒ දේ පටන් ගන්න

කවුද අපිට සල්ලි දෙන්න ඉන්නේ?

අයියෝ යශෝදරාගෙන් ඉල්ලගමු

ලැජ්ජ කරන්න එපා යකෝ
තොපි මාව විකුනන්නද හදන්නේ

අපි ඒකට ක්‍රමයක් හොයමු 

දැන් අපි හොයන්න ඕන බිස්නස් එකක්
අපිට කරන්න පුළුවන්
ඒ වගේම අපිට ගැලපෙන දෙයක්
අපි දන්න දෙයක්

උඹ කියපං අපි කරන්නං

අයියෝ බං ඒකත් මගේ කරටම පටවන්නේ

හරි හරි උඹනේ අපේ මහ මොලේ

අනේ මන්දා බං උඹලනං

එහෙම කියන්න එපා බං

හරි හරි
ඒක නෙවේ මට කියපල්ලා
 දැන් මම මේ කරන රස්සාවම ටිකක් දියුනු කරලා
පොඩ්ඩක් මාකටිං පාරක් දාලා ගත්තොත්
අපිට මොනා හරි කරන්න පුළුවන් වෙයි
අනික මම මේක දන්නවනේ හොඳටම

ම්.. ඒක හොඳයි

දැන් අපි මොකද කරන්න ඕන

අපිට මේක මෙතන කරන්න බෑ
ඒකට තැනක් ඕන
ඒ වගේම සල්ලිත් ඕන


---------------------------------------

ඊලඟ කොටසට මෙතනින්


ඉස්සෙල්ලා කොටසට මෙතනින්

  

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා