Pages

Sunday, November 23, 2014

යශෝදරා 40

යකෝ මේක මාර ගානක්නේ

එහෙම තමයි බං ටවුමේ කඩ

නිකං ගනං හදලා බලපං
අවුරුද්දට කඩ කුලී විතරක්
හාරලක්ෂ අසූදහක් වෙනවා

ඇයි මාස තුනේ ඩිපොසිට් එක
ඒකටත් එකයි විස්සක් නේ

තව කී මනි
ඒකටත් 60ක් කියලා නේද කිව්වේ

ඔව් ඔක්කොම  ලක්ෂ 6 යි 60ක් යනවා

අපි කොහොමද බං එච්චර සල්ලියක් හොයාගන්නේ

ඒක පස්සේ බලමු 
දැන් බලපල්ලා ඉතුරු වැඩ වලට කීයක් යනවද කියලා

තව මොනාද අපිට කරන්න තියෙන්නේ

අපිට දැන් තියෙන්නේ ප්‍රචාරක වැඩකටයුතු තමා

අපි මේකේ මොනවද කරන්නේ

අපි මේකේ කම්පියුටර් හදන වැඩේ කරමු

රෙකෝඩින් ටික කරන්නත් පුලුවන්
හැබැයි ඒකෙන් ලොකු ආදායමක් නෑ

තව මොනාද බං මේකේ කරන්න පුලුවන් දේවල් වලට තියෙන්න

තව ගොඩක් තියනවා අපි ඉස්සෙල්ලම මේක පටන් ගමු

හොඳයි මේකට ඕන කරන දේවල් මොනවද?

අපිට මේකට ඕන බං කම්පියුටර් දෙක තුනක් විතරයි

තව ඕන නං මොනිටර් දෙකක්
කීබෝඩ් මවුස් දෙක තුනක්
එතකොට තව ඕන කරන සොෆ්ට්වෙයා ටික

තව අපිට ෆෝන් එකක් ඕන මේ වැඩේට අයින් කරලා තියන්න

අපිට මේ තියන නොම්මරයක් පාවිච්චි කලෑකිනේ

එපා ඒක එච්චර සෙට් වැඩක් නෙවේ
මේක වෙනයි 

හරි එහෙම කරමු

දැන් ඔය බඩු වලට අමතරව වෙන මුකුත් නැද්ද?

අපිට සල්ලි ටිකකුත් ඕන වෙයි බිස්නස් එක ඇදගෙන යන්න

මෙතනට මේසයකුත් ඕන ‍නේද?

ඔව් අපිට කැෂියර් එකට එකකුයි 
වැඩ කරන්න එකකුයි ඕන

තව වැඩ කරන කොටසයි ඉස්සරහයි වෙන් වෙන්න ඕන

ඒක හොඳයි 
නැත්තං හරිම කරදරේ

ආ මේ කියන්න හිටියේ අපිට තව ටූල් සෙට් එකක් ගන්න වෙයි.

ලොකු ගානක් යයිද?

මේකයි ලොකු ගනං යන ඒවත් තියනවා
අපි දැනට සරලව වැඩේ කරමු

හරි

දැන් මේක බලාගන්නේ කවුද?

අපි කට්ටිය ඉමු දවස් වලට බෙදිලා
ඒක පස්සේ කතා කරගමු

මේ බඩු වලට කීයක් විතර යයිද?

අනේ මන්දා බං හොයලා බලමු

හරි මම අද ගිහිල්ලා මේ ටික ලිස්ට් කරලා 
කට්ටියට වැඩ ටික භාර දෙන්නම්

ඒක හොඳයි

අපි දැන් යමු
හවස් වෙලා කෝල් එකක්  දෙන්නම්

එල අපි යනවා එහෙනම්

පරිස්සමින් යමල්ලා
ආ මේ..

ඇයි ?

ඇලාට කියලා වෙලාවක් දාගනිං අර ඩිසයින් එකට

හා මම ඒක කරන්නං

එල 
කෝල් එකක් දියං එහෙනම්

හරි අපි යනවා


-------------

ගෙදර ඇවිත් තේ එකක් බීලා
ටිකක් වාඩි උනා
පොඩ්ඩක් මොලේ තැලෙන්නත් එක්ක
හුටා දැන්නේ මතක් උනේ
යශෝදරා කතා කලේ මොකටද දන්නේ නෑනේ

අරන් බලමු කෝල් එකක්

------------------------------------------------------

ඊලඟ කොටසට මෙතනින්



ඉස්සෙල්ලා කොටසට මෙතනින්

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා