Pages

Thursday, November 6, 2014

යශෝදරා 35

දැන් අපි කොහේද ඕක කරන්නේ

අපි තැනක් බලමු ටවුන් එකේ

ටවුන් එකේ මැද නම් හොඳයි

ඒක තමයි

අපි කොහොමද මාර්කටිං කරන්නේ

අපි ලීෆ්ලට් සෙට් එකක් ගහලා බෙදමු

පත්තරවලට දාන්නත් පුළුවන්නේ

ඒකට නම් වියදමක් යයි

අවුලක් නෑ ලොකු ගානක් යන්නේ නැත්තං

හරි ඉස්සෙල්ලම අපි තැනක් හොයන්න ඕන

කව්ද යන්නේ?

රංග උඹයි කෝටුවයි යමං ඒ වැඩේට

හරි

ඇටකිච්චචෝ උඹයි කොටයි හෙට ගිහින්
පත්තර ඒජන්සියෙන් අහපං
ලීෆ්ලට් දාන්නේ කොහොමද කියලා

එල 

මේ මං කෝටුවා එක්ක යන්නද?

අනේ මේ තොපි දෙන්නා ගියොත් නා ගන්නවනේ
ඒක හින්දා මේ විදිය හොඳයි

තව දෙයක් මට කෙරෙන්න ඕන 
හැබැයි හදිස්සි නෑ

මොකක්ද?

ය‍ශෝදරාගේ ගෙදර විස්තර ටිකක් හොයන්න ඕන

අවුලක් නෑ
අපි හිමීට හොයන්නං

හරි 
අපි මේ වැඩේට ඕන කරන සල්ලි හොයා ගන්න කලින්
බලමු මේකට කීයක් විතර යනවද කියලා

ඒක හරි 
නැත්තං අපිට ටාගට් එකක් නැතුව ගියාම අවුල් වෙනවනේ

ඔව්

අපි දැනට මේ වැඩ ටික ඉවර කලාම බලමු ඊලඟට 
මොනාද කරන්න තියෙන්නේ කියලා

එලකිරි

දැන් අපේ සාකච්ඡාව ඉවරයි
යමල්ලා දුමක් දාන්න

යමු එහෙනං එලියට

ආ බං මම මේ අහන්න හිටියේ
අපි මේ වැඩේට බහින එක අවුලක් නෑ

මම කියන්නේ ටිකක් ඉක්මන් වැඩි නැද්ද?

එහෙමත් නෑ බං
මොකද දන්නවද

උඹ නිකමට හිතපං
අපිට සල්ලි ඕන උනාම
අපි කොහෙන්ද හොයාගන්නේ

වෙන කොහෙන්ද ඉතින් ගෙදරින් මිසක්

ඒකනේ
මට නං මේකෙන් කීයක් හරි එනවා
ඒත් උඹලා ගෙදරින් ඉල්ල ගන්න ඕන

ඒක නං ඇත්ත ඉතිං

ඒක තමයි කියන්නේ 
දාහක් දෙදහක් ඉල්ලුවාම
බල්ලට වගේ බැනලා බැනලා තමයි දෙන්නේ

ඔව් බං මට නං එපා වෙලා තියෙන්නේ

ඒකනේ
අපි මේ වගේ වැඩක් කලාම අපේ අතේ 
නිකංම සල්ලි ගැවසෙනවා
අනික බං අපිට ගෙවල් වලින් 
මෙයිට වැඩියේ නිදහසකුත් හම්බවෙනවා

ඒක නං හරි 

ඉතින් ඇයි අපි පරක්කු වෙන්නේ
අපි පරක්කු වෙන දවසක් දවසක් ගානේ
අපිට ලැබෙන්න තියන දේ තමයි නැතුව යන්නේ

ම්...

මේ දැන් ඉතිං යමල්ලා මෙතන වාත වෙන්නේ නැතුව
දුමක් දාන්න

යමං යමං කට්ටියම

--------

ආ පත්තු කරපං

එල

මටත් එකක් දීපංකෝ

ආ බීල මැරිය

මේකත් අඩු කරන්න ඕන බං

ඒක නම් හොඳ දෙයක්

කොහෙද ඉතිං 
තොපි සෙට් එක ඉන්නකං 
ඒක මේ කපේදි කරන්න හම්බෙන්නෑ

අනේ මේ පල යන්න සාතං
හරියට අපි නිකං තොගෙ කටේ ගහලා
බලෙන් පොවනවා වගේනෙ

අයියෝ ගනං ගන්න එපා බං
උඹලා එක්ක නැතුව කා එක්ක දුං දාන්නද

මේ අපි යනවා
හෙට සෙට් වෙමු

හරි එහෙනං පරිස්සමින් යමල්ලා

කෝල් එකක් දෙන්නං

එල

------------------------------

ඊලඟ කොටසට මෙතනින්


ඉස්සෙල්ලා කොටසට මෙතනින්






1 comment:

  1. හපෝ බං කළු කුමාරයෙක් දැක්ක වගේ.. ඇස් නිලංකාර වෙලා.. මට කලන්තේ දැම්මා

    ReplyDelete

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා