Pages

Monday, December 1, 2014

යශෝදරා 42

මොකක්ද මතක් උනේ?

ඒකේ ලයිට් තිබුන විදිය එච්චර සෙට් නෑ
තව ෆෑන් එකක් හයි කරන්නත් වෙයි

අයියෝ බං ඒවටත් වියදම් නේද?

නැත්තං

අපි දැන් සල්ලි හොයන විදිය බලමු

අපි ඉස්සෙල්ලම ගෙවල් වලින් අහලා බලමු 

ඒක නම් හොඳ අදහසක්

හරි ගියේ නැත්තං මොකෝ කරන්නේ

අනේ මන්දා

අපි බලමු 
මොකක් හරි ක්‍රමයක් ඇතිනේ

ඒක තමයි

ආ මේ අද ඇලා එන්න කිව්වනේ අර වැඩේට

උඹ යනවද එහෙනං?
මම එන්න ඕන නෑනේ

උඹත් ආව නං හොඳයි
මට හිතාගන්න බෑ මොනවද දාන්නේ කියලා

මටත් හිතාගන්න බෑ 

ඇත්තටම අපි මොනවද දාන්නේ

අපි මොනවද කරන්නේ කියංපකො ඉස්සෙල්ලම

අපි කරන්නේ කම්පියුටර් හදන එක

ඇයි සින්දු

ඒක දාන්න එපා
ඒක නෙවෙයි අපි ප්‍රමෝට් කරගන්න ඕන

ඒක නිකං සයිඩ් එකේ තියාගමු

තව අපිට මොබයිල් හදන වැඩේ කරන්නත් පුළුවන්නේ

ඒක හොඳයි 
හැබැයි දැන්ම කරන්න ගන්න එපා කියලයි මම කියන්නේ

ඒ මොකද?

මේකයි ඒ දෙක එකට පැටලෙන ගතිය වැඩී
ඒ හින්දා එපා
අපි පටන් ගමු 
දැන්ම නෙවේ

හරි වෙන මොනවද?

අපිට කම්පියුටර් ඇසෙම්බල් කරන්නත් පුළුවන්නේ

ආ ඔව්මයි

අපිට ලොකු ස්ටොක් එකක් නෑනේ
ඒ හින්දා අපි කොටේෂන් අරගෙන කරමු 
එතකොට සල්ලි හිර කරගන්න ඕන නෑනේ

ඒක හොඳයි එහෙනම් අපි ඒක දාමු මේකට

තව මොනවද අපිට කරන්න පුළුවන්?

අපිට බැරිද මේකට ට්‍රාන්ස්පෝට් දෙන්න

බැරි නම් නෑ හැබැයි ඉතින්
ඒකට අපට ගානක් එකතු කරන්න වෙනවා
 නැත්තං ඉතිං අතින් කන්න බෑනේ

ඒවා දැන්ම නොදා ඉමුද?

මේකයි බං ගෙදරට ඇවිත් ගෙනියනවා කිව්වම 
ගොඩ දෙනෙක් කැමතියි
දන්නවනේ අපේ ලංකාවේ මිනිස්සු

අපිට යශෝදරාගේ ගෙදර යන්නත් පුළුවන් වෙයි නේ

අනේ මේ...
අම්මට සිරි බං ඒක නං සිරා කතාව
උඹත් ඉඳලා ඉඳලා මොලේ ඇති කතාවක් කිව්ව

ඔව් යකෝ ඇත්තමයි

ඒක නං නියමයි

මේ වැඩේ හිතුවට වැඩියේ හොඳයි
ඒ හින්දා මේ පහසුකම ඇතුලත් කරමු

කිව්වත් වගේ ඒක හැම දේටම හොඳයි

ඔව් බැරි නම් අපිට මේ වෙලාවේ කරන්න බෑ කියලා
කස්ටමර්ව ෂේප් කරන එකනේ

ඒක නම් එහෙම තමයි කොහොමටත්
අත ලඟට ගෙනත් දෙනවා නම්
අපේ මිනිස්සුන්ට එයිට වැඩියේ දෙයක් නෑ

අපි කීයක් වගේ ගන්නවද ඒකට?

අනේ මන්දා
අපි ඒකට පාවිච්චි කරන වාහනේ බලලා තමයි
ගානක් කියන්න වෙන්නේ

අපි දැනට බයික් එකේ ගිහින් අරන් එමු
එතකොට අපිට කස්ටමර්ට වැඩි බරක් දෙන්න ඕන නෑ

ඒක හරි ඒ විදිය හොඳයි

තව මොනවද අපි මේකට දාන්නේ?

මේකට තව ෆෝන් නොම්මරයක් දාන්න ඕන

ආ ඔව්

මම ඒකට ෆෝන් එකක් ලෑස්ති කලා

සිම් එකක් ගම්මු
අපිට හොඳ ඉල්ලකම් ටිකක් තියන නොම්මරයක් 
අරගත්තනං හොඳයි

තිබ්බනං හොඳයි තමා


දැනට මෙහෙම කරමු

නොදකිං බං අපිට දාන්න ඕන ලොකුම දේ අමතක උනානේ


මොකක්ද?


කියපල්ලා පුළුවන්නං මොකක්ද කියලා

අනේ මන්දා

නොදකිං තොපි නං
යකෝ ඒක නැතුව මොකුත් කරන්න බෑ

----------------------------------------

ඊලඟ කොටසට මෙතනින්







ඉස්සෙල්ලා කොටස මෙතනින්

No comments:

Post a Comment

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා