Pages

Tuesday, December 2, 2014

යශෝදරා 43

මොකක්ද බං?

ඇයි බං මේකට නමක් දාන්නේ නැද්ද?

හුටා නමක් නැතුව බෑ නේන්නං

ඒකනේ

මොකක්ද මේකට දාන්නේ?

අනේ මන්දා

කියපල්ලා බලන්න

උඹම බලලා දාපං
ඒක හොඳයි

හරි මම ඒක දාන්නංකෝ

තව එච්චරද මේකට දාන්න තියෙන්නේ

අඩේ අපි මේකට බෝඩ් එකක් දාන්න ඕන නේ

ඔව් ඒකට කීයක් විතර යයිද කියලා අද ඇලාගෙන් අහමු
මම දැන් ගිහින් ඩිසයින් ඩ්‍රාෆ්ට් එක හදන්නම්
එතකොට ලේසියිනේ

එහෙනම් හෙටම ඇලාව මුනගැහෙමු ඉතුරු ටිකට

ඔව් බෝඩ් එකත් අරගෙනම යං

හරි අපි එහෙනම් යන්නං 

එල අපි හෙට සෙට් වෙමු වැඩ වලට
දැන් පරක්කු උනා වැඩී

අපි යනවා


එල




සෙට් එකනම් ගියා

දැන් යන්න ඕන සුසාව මුනගැහෙන්න
අතේ තියන සල්ලි ටික මොනාට හරි වාශ්ප වෙන්න කලින්
ඉක්මනින්ම ඔය ෆෝන් එක ගන්න ඕන
නැත්තං ඉතිං බඩුම තමා

ඔහ් කෝල් එකක් 
යශෝදරාගෙන්

හෙලෝ 

හෙලෝ අයියේ

ඔයා වැඩකද ඉන්නේ

නෑ මම දැන්නම් වැඩක නෙවේ ඉන්නේ

ඉස්සෙල්ලා ඔයා කෝල් කරද්දි අම්මා හිටියා ලඟ

මට හිතුනා පූස් පාට් එක දානකොට
අම්මා ලඟ ඇති කියලා

හී හී ඒවට කියන්නේ පූස් පාට් කියලද?

නෑ නෑ මම නිකං කිව්වේ

ඉතින් කියන්නකෝ

මේ..... මම ඔයාට ගත්තේ නිකමට වගේ
වැඩකට නෙවේ

දැන් බිසී නං පස්සේ ගන්නං


නෑ නෑ මම බිසී නෑ
වැඩකට යමින් ගමන්
අවුලක් නෑ මාත් එක්ක කතා කරන්න පුළුවන්

එහෙනම් කමක් නෑ

ආ මේ ඔයා තාම කිව්වේ නෑනේ අපේ අම්මයි 

ඔයාලයි අම්මයි මොනාද කතා කරේ කියලා

තාම ඒක අහගන්න බැරුව ගියානේ
Wrist-let එක අරගත්තට පස්සේ අහන්නම්
නැත්තං ඒකට ආයේ බැනුම් අහන්න වෙනවා

අපෝ එහෙනම් ඕක අහන්න ඕන නෑ

ආ මේ කෝ අම්මා

අම්මා එලියට ගියා තව ටිකක් වෙලා යයි එන්න

එහෙනම් කමක් නෑ
කොහොමත් ඔයා ඕක අහන්න යන්න එපා

ඇයි ඒ 

නෑ ඉතිං බැනුම් අහන්න වෙනවනේ
අපිට මොකටද අනිත් අයගේ කතා
දැනගන්න ඕන දෙයක් තියේ නං කියන්නේ නැත

හරි ඔයාගේ කැමැත්තක්
මම පුළුවන් උනොත් බැනුම් අහන්නේ නැති වෙන්න
අහගන්නම් විස්තරේ

අනේ මන්දා
හොඳ විදියක්
ඒක නෙවේ ඔයා මගෙන් මොකක් හරි
අහන්න තියනවා කිව්වා නේද ?

අපෝ ඒක මම පස්සේ අහන්නම්

-------------------------------------

ඉස්සෙල්ලා කොටසට මෙතනින්

5 comments:

  1. very great blog thanks for your share

    ReplyDelete
  2. Replies
    1. ටිකක් දිගට ලියන්න තමයි හිතාන ඉන්නේ කතාව

      Delete
  3. nawaththala moko ?

    ReplyDelete
    Replies
    1. පින්තූර ටිකක් ඕන ඇඳගන්න උවමනායි
      නැත්නම් පාට මදි වෙනවා කතාවේ චරිත වලට
      ඒ වගේම ගොඩක් දෙනෙක්ට කියවන්න අමාරුයි පාට අකුරු
      ඒ අපහසුතාවය මග හරින්න අවශ්‍යය දේවල් සූදානම් කරනකල් ටික කාලෙකට නැවැත්තුවේ

      ඉක්මනින්ම ආපසු පටන් ගන්න උත්සහ කරනවා

      Delete

ඔයාලගේ අදහස් අපිට ගොඩක් වටිනවා