Pages

Friday, June 21, 2024

ආලවන්ත ඇස්


 අමතක වෙලා තිබිලා බොහෝම අමාරුවෙන් මතක් කරගත්ත ගීයක්


මේක ලියවුනේ යශෝදරා කතාවේ
මේ කොටසේ ලියවිලා තියෙන
යශෝදරාගේ හිනා වෙන  ඇස් මතක් වෙලා


කවි සිතුවිලි අවදි වෙලා ...

ඔය රුව මගෙ නෙත් ගැටිලා...//

ආලවන්ත ඇස්...

කෝඩුකාර හසරැල් අතරේ කතා කරනවා //


සිහින් සිනා මුව සරසා ගෙන

හෙලන බැළුම් කොහොම කියන්නද //

ආලවන්ත ඇස්...

කෝඩුකාර හසරැල් අතරේ කතා කරනවා //


දසත හමා ඇදෙන සුවඳ මල් 

හැඟුම් මවයි සිහින් පවන් රැල් //

ආලවන්ත ඇස්...

කෝඩුකාර හසරැල් අතරේ කතා කරනවා //

- සු - 


නොනිමෙන්න



 දුටු දින ම දැක නොතිබුනත්      දෑස
නොදැනී ම දැනුනෙ හුරු බව   බෝම
පැකිලුනත් ඒ හුරුව             රදවාම
පුසුබ දැනුනා නුබගේ         සසරේම

නොගෙවෙන්න ඔබ එක්ක   දිනයක්
නොමැකෙන්න ඒ මතක     කිසිවක්
නොසිඳන්න දුන් සෙනෙහෙ  බිදුවක්
නොනිමෙන්න මගේ ලග    විතරක්

- යශෝ -